එල්ලවන ආර්ථික ගැටලු චෝදනා ගැන මහබැංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් වාචිකව සිදු කළ ප්‍රකාශයපහතින් දැක්වේ
 ලිඛිතව නිකුත් කළ සම්පූර්ණ ප්‍රකාශය ඊට පහතින්





අලුතෙන් ආණ්ඩුව පත් වෙලා ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් මගක ගෙන යන්නට පටන් ගත්තට පස්සේ ,මහ බැංකුව ඒ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අතිශයින් වැදගත්, ඒ වගේම ක්‍රියාකාරී සහයෝගයක් ලබා දෙන්නට කටයුතු කළා. මේ අතරේ දේශීය නිෂ්පාදන කටයුතු වර්ධනය කිරීමට දේශීය ණය ප්‍රමුඛතාවයට අරගෙන විදේශීය ණය ප්‍රතිශතය අඩු කර ගැනීමට කටයුතු කිරීම, ඊළඟට මූල්‍ය අංශයෙහි ණය පොලී අනුපාතික පැහැදිලි වශයෙන්ම පහළ මට්ටමක පවත්වා ගැනීම ආදී වශයෙන් මහ බැංකුව විශාල කාර්යභාරයක් ඉටු කරලා තිබෙනවා.

ඒත් එක්කම මේ කෝවිඩ් වසංගතය පදනම් කරගෙන ඇතිවෙච්ච අති විශේෂ ඒ වගේම රාජ්‍ය ආදායමෙන් මූල්‍යනය කර ගන්නට බැරි තරම් විශාල වියදම් දැරීමට රජයට සිදු වෙච් අවස්ථාවෙහි ඒ වියදම් පියවා ගැනීම සඳහා රජයට ණය මුදල් පහසුවෙන් සපයා දීම කටයුතු විවිධාකාර විවේචන විරුද්ධ පක්ෂය විසින් මේ සම්බන්ධව මතු කළත් අපේ වගකීම තිබෙන්නේ මුළු රාජ්‍යයම කටයුතු කරමින් මහ බැංකුවත් එකතුව මේ ණය නුදුරු අනාගතයෙහි අපි ආයෝජන කටයුතු වර්ධනය වෙලා ආදායම් වර්ධනය වෙන්න පටන් ගත්තහම රාජ්‍ය ආදායම් වර්ධනය වෙන පටන් ගත්තහම මේ ණය මම හිතනවා ක්‍රමක්‍රමයෙන් 2025 අපගේ අරමුණු ඉටුකර ගැනීමට පුළුවන් වෙන විදියට ටිකෙන් ටික මේ ණය ගෙවා දැමීම මගින් විරුද්ධ පක්ෂ කියන විදිහේ බය වීමක් හෝ කලබලවීමක් කිරීමට අවශ්‍යතාවයක් නැති බව සහතික කරන්නට කැමතියි.