ප්‍රවීණ රංගන ශිල්පී හයසින්ත් විජේරත්න මහත්මිය නුවරඑළිය ප්‍රදේශයේ රූගත කිරීමකට ගොස් ආපසු එමින් සිටියදී ලිඳුල ප්‍රදේශයේ දී ඇය පැමිණෙමින් සිටි වෑන් රථය ප්‍රපාතයකට පෙරළීමෙන්  ජීවිත අනතුරට ලක්ව තිබේ. මෙම අනතුරින් ඇය මියගියත් රියදුරු බේරිණි.මියයන විය ඇය 75 වන වියේ පසුවූවාය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ රියදුරුගේ නොසැලකිල්ල නිසා මෙම අනතුර සිදුවූ බවයි. රියදුරු අත්අඩංගුවට පත්ව ඇත.

බොහෝ රංගන ශිල්පිනියන් රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ විවාහ වන්න කලින්.එහෙත් ඇය රංගන ශිල්පිනියක් වන්නේ විවාහ වී දරුවන්ද ලැබූ පසුවයි.

ඇය ඒ ගැන මෙසේ කියා තිබේ.
‘පාසල් යන කාලයේදි හරියටම අවුරුදු 18 දි දැනහඳුනාගත් අයිවන් හා වයස 19 දි විවාහ වුණා.අප දෙදෙනාගේම ගෙවල්වලින් ආශිර්වාද ලැබුණා.අවුරුදු 20 දි පුතා ලැබුණා.විවාහ වී බොහෝම අඩු වයසින් මවු පදවිය ලබන්න වාසනාවන්ත වුවා.ඔහු මගේ ජීවිතේ වාසනාව,සතුට , අරගෙන ආපු කුමාරයෙක් විදිහට මම හිතන්නේ. ජීවිතේ ගැන කිසිම තේරුමක් නොදැන වගකීමක් නැතිව සිට මට හොඳ නැන්දම්මා කෙනෙක් ලැබුණා.ඇය මට මගේ අම්මා වුණා.

හැමදේම කියාදි ජීවිතේ ගැන වගකීමෙන් වැඩකරන්න ඉගැන්වුයේ ඇයයි. ඇයගේ මග පෙන්වීම කවදාවත් අමතක වන්නෙ නෑ.

කිසිම දවසක චිත්‍රපටයක් නරඹා නැති,සින්දුවක් කියන්න බැරි ,නටන්න බැරි කෙනෙක් මම.මගේ අක්කල මම වගේ නෙමෙයි කලාවට හරිම උනන්දුයි.පුදුමයකට වගේ මට ලැබුණු නැන්දම්මා කලාවට ප්‍රිය කරන චිත්‍රපට පිස්සුවක් තිබෙන කාන්තාවක්.මට මතකයි ඇය මාවත් එක්කගෙන චිත්‍රපට බලන්න යනවා.මගේ සැමියාට හොරෙන් තමයි එක්කගෙන යන්නේ. ඇයට ලොකු වුවමනාවක් තිබුණා මා රංගන ශිල්පිනියක් කරන්න. ඔයා ලස්සනයිඔයාට පුළුවන් රඟපාන්න කියා නිතරම කියනවා.චිත්‍රපට නිෂ්පාදනයේ නිරතවන ඇයගේ ඥාතීන් පිරිසක් සිටිනවා .ඔවුන් හා මා ගැන කතාකරන්නත් හැදුවා.මා රඟපෑමට කැමති වුයේ නෑ.පසුව නැන්දම්මා මහත්තයාගේ අක්කාත් සමග එක්වී පත්තරයක තිබු දැන්වීමකට ඉල්ලුම් පත්‍රයක් දැම්මා.එහි සම්මුඛ පරීක්ෂණයටත් මම ගියේ යන්න බෑ කියමින්.මට මතකයි මාලනී ෆොන්සේකා, සහ තවත් ප්‍රවීණයන් පිරිසක් එහි සිටියා.ඔවුන්ගේ කාරුණික කතා හමුවේ රඟපෑමට පොඩි ආසාවක් ආවා.සම්මුඛ පරීක්ෂණයෙන් මා තේරුණ බවත් දන්වා එවා තිබුණා . එහි ප්‍රතිඵලයක් තමයි පෙම්බර මධු චිත්‍රපටයට රංගනයෙන් දායකවන්න ලැබුණේ.එතකොට වයස 26යි.



පප්පා මෝදර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වගේම බොහොම විනෝදෙට බර කෙනෙක්.මෝදර පැත්තෙ රූපගත කරන චිත්‍රපටවල රඟපාන්න එන නළු නිළියන් නවාතැන් ගන්නේ කෑම කන්නේ අපේ ගෙදරින්.හැබැයි ඔවුන් ආවම කතාකරනවටවත් පප්පා කැමැති නෑ.වරක් රුක්මණී දේවි ඇවිත් චිත්‍රපටයක රූපගතකිරීමකට සහභාගින්න.මාව දැක දරු කමට හදාගන්න ඉල්ලනවලු.මම හරිම ලස්සනයිලු. ඔයාලට දරුවො හතරක් ඉන්න නිසා මේ බබා මට දෙන්න කියමින් ඉල්ලලා. මම්ම බෑ කියලා.පප්ප කොතරම් සතුටින් කාලය ගතකලත් 59 දි මියගියා. මම්ම ඔහුට පසුව මියගියා. ඔවුන් සියලු දෙනාම මගේ ජීවිතේ අමතක නොවන මතකයන්,විශේෂයෙන් සැමියාගේ මවගේ වෙන්වීමත් මගේ ජීවිතේට බෙහෙවින් බලපෑවා.ඇය මගේ ජීවිතය වෙනස්ම දිශාවකට යොමුකළ තැනැත්තියක්. ඇය මාව කලා ක්ෂේත්‍රය‍ට යොමු නොකළානම් අදත් මම නිකම්ම ගෘහණියක් විතරයි.

ජීවිතයේ සැඳෑ සමයට එළඹී සිටින මමත් මගේ සැමියාත් අද මුනුපුරු,මිනිපිරියන් දෙදෙනකුගේ ආච්චි සහ සීයා ලෙස දිවි ගෙවනවා. ලේලිය නෙත් මාලිකා ජයසිංහ,හා පුතා ශිරාෂ් මහින්ද්‍ර විජේරත්න දරු දෙදෙනාත් සමග එංගලන්තයේ ජීවත්වනවා.පසුගිය කාලයේ කලාකාරිනියකට හෝ කලාකරුවකුට ජීවිතයේ එක්වරක් පමණක් ලබාදෙන ocic සම්මානය ලැබුණා.දස්කොන් නාට්‍යයේ රංගනය වෙනුවෙන්ද සම්මානයට පාත්‍ර වුණා.කිසිම බලපෑමක් නැතිව එවැනි සම්මාන ලබා දීමට ක්‍රියාකළ ජූරියේ සියලු දෙනාට ස්තූතියි.
මියගිය හයසින්ත් විජේරත්න මහත්මියගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.