
කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනේ හුදකලා කර තිබු සියලු ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.
අද (31) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කිරීමත් සමග එය සිදුවූ බව ඔහු දැක්වීය.
මේ අතර පොලිස් ආරංචි මාර්ග පැවසූවේ කොවිඩ් වසංගතය පැතිර යාම පාලන කිරීම සදහා මැයි මස 11 වැනි දින සිට මාස දෙකක කාලය සිට පනවා තිබු පළාත් අතර සංචරණ සීමා තහනම ලබන සදුදා සිට ඉවත් කිරීමේ සුදානමක්ද පවතින බවයි.
රජයේ කාර්යාල මුළුමනින් ඇරඹීමට ලබන සඳුදා දිනය යොදාගෙන ඇති පසුබිමක මෙම ලිහිල් කිරීම සිදුවනු ඇතැයිද වාර්තා පළවේ.
කෙසේ වෙතත් පළාත් සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්යෙන් තවම නිළ වශයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කළ විමසීමකදී සඳහන් කළේය..
Comments
Post a Comment
Your comment will be visible after approval