
ජර්මනිය සහ බෙල්ජියම ඇතුළුව යුරෝපයේ තවත් රටවල් රැසකදීම පසුගිය සති අන්තයේ ඇති වූ අධික වර්ෂාවෙන් හටගත් දරුණු ගංවතුර හේතුවෙන් ජීවිත හා දේපළ හානි රැසක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජර්මානු සහ බෙල්ජියානු නගර හා ගම්මාන රැසක් මුළුමනින්ම පාහේ විනාශ වී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එහිදී ගංගා ඉවුරු බොහෝමයක් කැඩී යාමෙන් ගංවතුර වඩාත් දරුණු අතට පත්ව ඇත. මරණයට පත්වූවන්ගේ සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ නැග තිබුණි. එසේම තවත් සිය ගණනක පිරිසක් තවදුරටත් අතුරුදන්ව ඇති බවට වාර්තතා විය. ඔවුන් සොයා මෙහෙයුම්ද ඊයේ දිනය පුරාමත් ක්‍රියාත්මක විය.
මියගිය පිරිස අතරින් 148දෙනෙකුම ජර්මානුවන් බව පැවසෙයි. මෙය අඩසියවසකට පමණ පසුව ජර්මනිය වෙත එල්ල වූ වඩාත් දරුණුම ස්වභාවික ආපදාව ලෙසද සැලකෙයි. ගංවතුර තත්වයත් සමග දෙරටේම ප්‍රදේශ රැසකට විදුලි බලය මෙන්ම අනෙකුත් සන්නිවේදන සබදතා බිද වැටී ඇත.
දරුණු ගංවතුර තත්වයක් ඇතිවීම අසාමාන්‍ය තත්වයක් බව විශේෂඥයන්ගේ අදහස වී තිබේ. පැහැදිලිවම දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් බවද ඔවුහු පෙන්වා දෙති.

Comments
Post a Comment
Your comment will be visible after approval