
කොතලාවල විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් එකම ස්ථානයක සිට අදහස් දැක්වූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් සහ පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් පරස්පර අදහස් පළකල අවස්ථාවක් ඊයේ තණමල්විල බෝදාගම ප්‍රදේශයක පැවති වැඩසටහනකදී වාර්තා විය.
උඩුවේ ධම්මාලෝක හිමියන් කියා සිටියේ කොතලාවල පනතට විරුද්ධ වන්නේ තේරුමක් නැතිව බවත් මීට ඉහත පුද්ගලික සරසවි වලට විරුද්ධවූ ලෙස මෙයටද විරුද්ධ වන බවත් ලෝකය ගැන අවබෝධයක් නැති පිරිසක් වැඩිය සොයා නොබලා සරසවියක් වහන්න යයි කෑගැසීම අරුතක් නැති බවත්ය.
මේ මොහොතේ මෙය සම්මත කර ගැනීම අවශ්‍ය දෙයක් ලෙස උන් වහන්සේ අදහස් දැක්වූහ.
එම ස්තානයේම සිටි දොඩම්පහල රාහුල හිමියෝ ඊට ප්‍රති විරෝධී අදහස් දක්වමින් කොතලාවල පනත ගැන සංකීර්ණ ලෙස කතා කළහ.ො
එහි ඇතැම් වගන්ති ඉතා හානිකර බව කියා සිටියහ. මෙම පනත සම්මත වුවහොත් විශ්වවිද්‍යාල අවශ්‍ය මොහොතක පෞද්ගලීකරණය කිරීමේ අනතුරක් පවතින බව පෙන්වා දුන්හ.
Comments
Post a Comment
Your comment will be visible after approval