
මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ නිවසක කාමරයක එල්ලී මියගිය තරුණයෙකුගේ සිරුරක් පෙරේදා 18 හමුවූ බව මොරටුව එගොඩඋයන පොලිසිය පවසයි.
පරිගණක ක්‍රීඩාවලට තදින් ඇබ්බැහිවූ මෙම තරුණයා මෙලෙස දිවිනසාගන්නට පෙර ආසන්න කාලයේදී වහා කිපෙන සුලු ආවේගයන් ප්‍රකට කළ බවටත් ඔහුගේ වැඩ වලට ඇඟිලි ගසන්න එපා කියමින් නිවැසියන් හා කලබල කළ බවටත් පොලිසිය කළ විමර්ශන වලදී අනාවරණයවී ඇත.
රැකියාවක් නොකළ ඔහු දෛනිකව පරිගණක ක්‍රීඩා වෙනුවෙන් විශාල කාලයක් යොදවමින් සිටි අයෙකු වන අතරම ෆේස් බුක් ඇතුළු මාධ්‍ය නිතර ඇසුරු කරමින් සිටි අයෙකි. ඔහුට ෆේස්බුක් නිසා මිතුරුවූ හිඟුරක්කොඩ ප්‍රදේශයේ තරුණියක සිටි බවත් ඇය පෙම්වතියක බව මිතුරන්ට පවසා තිබූ බවත් පොලිස් පරීක්ෂණ වලදී හෙලිව ඇති අතර මරණය සම්බන්ධයෙන් ඇගෙන්ද තොරතුරු ලබාගන්නට නියමිතය.
මරණයේ ස්ථාන පරික්ෂාව පිළියන්දල හදිසි මරණ පරික්ක එච්. අජිත් මහතා සිදු කරනලදි.
මෘත දේහය පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. මෘත දේහය පී.සී.ආර්. පරික්ෂණයට යොමු කිරිමෙන් පසුව පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval