
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් වංචා කළ බව කියන පුද්ගලයකු කැලණියේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු සන්තකයේ තිබී ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නිකුත් කළ බවට හැඟවෙන ව්‍යාජ හැඳුනුතක් ද සොයාගත් බව පොලිසිය කියයි. විදේශ රටකින් සුඛෝපභෝගී වාහනයක් ආනයනය කර ලබාදෙන බව පවසා බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මීට මාස හයකට පමණ ඉහතදී මෙම මුදල් ලබාගෙන ඇති බව පොලිසිය කියයි.
වාහනය ලබාදීම විවිධ හේතු දක්වමින් දිනෙන් දින ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ගැනුම්කරු විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරු ප්‍රවාහන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු හෝ අමාත්‍යාංශයේ සේවය කරන අයකු නොවන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ-
Comments
Post a Comment
Your comment will be visible after approval