laugfs-gas-issue

වෙළෙඳපොළේ ලාෆ්ස් ගෑස් හිඟයක් ඇති වී තිබෙන්නේ ගෑස් ආනයනයට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මෙරට බැංකු සතුව ප්‍රමාණවත් තරම් නොමැති නිසා බවත් ඉදිරියේ දී ගෑස්, කිරිපිටි හා බෙහෙත්වලට ද එම තත්වය තදින් බලපානු ඇති බවත් ලාස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ.එච්. වෑගපිටිය මහතා පැවසීය.  ඇති වී තිබෙන තත්වය පිළිබඳව රජය සමග කොතරම් සාකච්ඡා කළද සාධාරණ විසඳුමක් නොලැබුණු බවද ඔහු සඳහන් කළේය.




උද්ගතව ඇති තත්වය තම සමාගමට පමණක් නොව බොහෝ ආනයනකරුවන්ට බලපා තිබෙන බව ඔහු කීව්වේය.  ලාෆ්ස් සමාගම සෑම ගෑස් සිලින්ඩරයකින්ම රුපියල් 700 ක පාඩුවක් ලැබූ බව කී වෑගපිටිය මහතා අවුරුද්දක පමණ කාලයක් රුපියල් කෝටි 500 ක පමණ පාඩුවක් ලබමින් තම පාරිභෝගිකයාට ගෑස් සැපයූ බවද සඳහන් කළේය.  පාරිභෝගිකයාට සිදුව ඇති අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන බවත් පාඩු ලබමින් හා ගෑස් ආනයනයට අවශ්‍ය මූල්‍ය පහසුකම් නොමැතිව ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකි බවත් ඔහු සඳහන් කස්ය. වෙළෙඳපොළට ලාෆ්ස් ගෑස් සැපයීම දින කිහිපයක සිට අඩාලව පවතින අතර ලිට්රෝ ගෑස් හිඟයක්ද මේ වන විට ඇතිව තිබේ.


 -ක්‍රිෂාන් ජීවක ජයරුක්-