සීදූව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා(STF) වෙඩි තැබීමකින් පාතාල අපරාධ චූදිතයෙකු මියගොස් තිබේ. ලද තොරතුරකට අනුව සැකකටයුතු පුද්ගලයින් පිරිසක් ගමන් කළ වාහනයක් හඹාගොස් සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.මෙලෙස මියගොස් ඇත්තේ සීදුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ලලිත් වසන්ත නමැති පුද්ගලයෙකි.


වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
ඔහු 1991 වසරේ සිට මේ දක්වා සීදූව, වත්තල, මාතර, අකුරැස්ස, කටුනායක, රාගම ආදී පොලිස් වසම්වල සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවත් මනුෂ්‍ය ඝාතන 06කට සම්බන්ධ බවත් තොරතුරු ආනාවරණ වී ඇති අතර කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන්ද අවශ්‍යව සිටි අයෙකු බවත් වාර්තා වේ.
රථයේ ගමන්කළ තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය වූ ස්ථානයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  පැවසීය.