පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටි වයස අවුරුදු 16 ක දැරියක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධව හා එම දැරිය සිරුරට ගිනි තබාගෙන මිය ගියේ යැයි කියන සිද්ධියට සාධාරණයක් ඉටු කර චූදිතයින්ට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් කඳුරට ජනතා පෙරමුණේ කාන්තා සංගමය මගින් අද (18) පස්වරුවේ හැටන් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වන ලදී.
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ,හැටන්, ඩයගම තේ වතුයායේ, තුන්වෙනි කොටසේ පදිංචිව සිටි දැරියකි.
මෙම උද්ඝෝෂණයට සහභාගිව සිටි කඳුරට ජනතා පෙරමුණේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී වේළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ, බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදිම විශාල වරදක් බවත්, ඇය මෙහෙකාර සේවයේ යෙදෙමින් සිටියදි සිරුරට ගිනි තබාගෙන මිය ගියාද? නැතිනම් ගිනි තබා ඝාතනය කළාද ?කියා නොදන්නා බවත්, ඒ සම්බන්ධව වහා රටට සත්‍යය හෙළි කර වරදකරුවන් නීතියේ හමුවට පමුණුවන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.
මෙම අවස්ථාවට කඳුරට ජනතා පෙරමුණේ ලෙකම් මහාචාර්ය සන්දිරන් විජේසන්දිරන්, භාණ්ඩාගාරික පුෂ්පා විශ්වනාදන් යන මහත්වරුන් සමග එම පක්ෂයේ කාන්තා සංගමයේ නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.
(සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
Comments
Post a Comment
Your comment will be visible after approval