The girl who slipped while washing her feet at the top of Devon Falls with her friends has disappeared

ඩෙවෝන් දිය ඇල්ලෙන් අඩි 297ක් පහළට වැටී  අද (18) සවස 1 ට පමණ 19 හැවිරිදි තරුණියක අතුරුදන්ව ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.  

තරුණියන් හතර දෙනෙකු ඩෙවෝන් දිය ඇල්ල නැරඹීමට පැමිණ දිය ඇල්ලේ ඉහළ කොටසට ගොස් ඇති බවත් ඉන්පසු දිය ඇල්ලේ මුදුනේ ජල පහරින් කකුල් සේදීමට ගිය අවස්ථාවේ එක් තරුණියක ලිස්සා ගොස් දිය ඇල්ලෙන් පහළට ඇදවැටී ඇතැයි පවසා තිබේ.

එම අනතුරුට ලක්ව ඇත්තේ තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ පදිංචි පවිත්‍රා නැමැති 19 හැවිරිදි තරුණියක බවට හඳුනාගෙන ඇත.



ඩෙවොන් දිය ඇල්ලට ඉහලින් වු ඩෙවොන් ඇළේ ගල් තලාව මේ දිනවල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ලිස්සන සුළු බවත් එම තරුණියන් තිදෙනා ඩෙවොන් ඇළට බැස ඇත්තේ ඩෙවොන් ඇළට පිවිසම වැලැක්විම සදහා ඉදි කර තිබෙන කටු කම්බි වැටක්ද පසු කරමින් බවත් දිඹුල පොලිසිය කියා තිබේ.

අනෙකුත් තරුණියන් තිදෙනො දිඹුල- පතන පොලීසිය වෙත රැගෙන ගොස් විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.

මීටර් 97ක  උසකින් යුත් දිය ඇල්ලෙන් පහළට ඇද වැටීමෙන් අතුරුදන්ව ඇති තරුණිය සොයා ගැනීම සඳහා දිඹුල- පතන පොලීසිය විසින්  යුද, ගුවන් හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බළකාය භට කණ්ඩායම් ද කැඳවා තිබේ.

දිඹුල- පතන  පොලීසිය මේ පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

The girl who slipped while washing her feet at the top of Devon Falls with her friends has disappeared