sri-lanka-team-tour-england

 එංගලන්ත තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සිදුකෙරුණු තවත් පී.සී.ආර්. පරික්‍ෂණයකින්ද පෙර පරිදිම කිසිදු ක්‍රීඩකයෙකුට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත. 

ඒ අනුව කණ්ඩායමට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අද (12දා) දිනයේ සිට යළි පුහුණුවීම් කටයුතු ආරම්භ කිර්මට අවසර හිමිව ඇත.  ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්තයට එරෙහි එක්දින  තරගාවලිය අවසන් වීමෙන් පසු, එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකුම කෝවිඩ්-19 ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණු අතර, ඒ හේතුවෙන් එංගලන්ත එක්දින සංචිතයේ සියලු දෙනා නිරෝධායනය කිරීමට සිදුවිය.




මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පී.සී.ආර්. වාර්තා පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට්  ෆ්ලවර් මහතා හා කණ්ඩායමේ දත්ත විශ්ලේෂක ජී.ටී. නිරෝෂන් මහතාට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැණුනි. ඒ නිසා ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස කටයුතු කළ සියලු දෙනාට අනිද්දා (14දා )දක්වා නිරෝධානය විය යුතු විය.

මේ හේතුවෙන් අද දිනයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිය පුහුණුවීම් කටයුතු සිදුකිරීමට සිදුවන්නේද පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයන් නොමැතිව බව වාර්තා වේ. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජීයන් කෝවිඩ්-19 ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග හෙටින් (13දා) ඇරඹීමට සැලසුම් කර තිබූ එක්දින තරගාවලියේ තරග කාල සටහන මේ වනවිටත් සංශෝදනය කර ඇත. ඒ අනුව තරගාවලිය දින පහකින් කල් දමා එක්දින තරග ජූලි 18, 20 හා 23 යන දිනවලදීත්, තරගාවලිය අවසන් කරමින් පැවැත්වෙන විස්සයි20 තරග ජූලි 25, 27 හා 23 යන දිනවලදීත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.