පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය මාධ්‍යහමුවකදී දැක්වූ අදහස් පහතින් පළවේ.

‘පහුගිය දවස් වල මට මාධ්‍ය මඟින් දැකගන්න ලැබුනා බාලවයස්කාර දැරියකට සිදුවූ අතවරයක් ගැන. මම නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම කියන ආසනයේදී සිදු වුන සිදුවීමක් මේක. මට පාර්ලිමේන්තුවට ගිහිල්ලා මාව පාර්ලිමේන්තුවට යැව්ව මිනිස්සු වෙනුවෙන් කතා කරන්න බැරි නම් එකෙන් ඇති වැඩක් නැහැ කියලා මට තේරුනා. අපේ රටේ බොහෝ කාන්තාවෝ තමන්ට අතවරයක් වුනාම පොලිසියට යන්න බයයි. ලැජ්ජයි. එතනදී ඔවුන්ට විඳින්න සිද්දවෙන දුක්, ගැහැට, අපහාස , නින්දා අනන්තයි. එක නිසා ගැහැණියෙක් සමාන්‍යෙයන් පොලිසියට යන්න පුදුමාකාර අකමැත්තක් තියෙන්නේ.


මම ගැහැණියෙක් නිසා මාව හොයාගෙන ගොඩක් කාන්තාවෝ එයාලාගේ දුක් ගැහැට කියනවා. එ වේලාවට මම කියනවා ඔයා ගිහිල්ලා‍ පොලීසියට ඇන්ට්‍රියක් දාන්න කියලා. එතකොට අය කියන්නේ අනේ අපිට එකට යන්න බැහැ. දැන් අපිට ඔප්පු වෙලා තියනවා අම්මා කෙනෙක් තමන්ගේ බාලවයස්කාර දියණිය සමඟ පොලීසියට ගිහිල්ලා තියනවා. හීනිදුම ආසනේ කියන්නේ බොහොම දුෂ්කර ප්‍රදේශයක්. එකේ සමහර ගම්මාන වල පයින් තාමත් ඇවිදිනවා. පොලීසියට  එන්න දුර කතර ගෙවාගෙන ගිය අම්මා තමන්ගේ අර 15 හැවිරිදි දියණිය එක්ක ගියාම පොලීසියේ රෑ තියාගෙන.

පොලීසියට ඇන්ට්‍රියක් දාන්න ගියාම රෑට තියාගන්න සිරිතක් මේ ලොකේ නැ. එකම මහා විශාල අපරාදයක්. කාන්තා පොලීස් නිලධාරිනියක් නැතුව ඇයව රැයක් තියාගෙන රාත්‍රියේදී 15 හැවිරිදි  දැරියව අතවරයට ලක් කරන්න සූදානම් වනවා. ඒ අම්මාගේ පපුව කොහොම කකියන්න ඇතිද? ඒ පියාගේ පපුව කොහොම කකියන්න ඇතිද? ඇයි මේ රටේ සෑම පොලීස් ස්ථානයකම කාන්තා පොලිස් නිලධාරිනියක් සිටිය යුතුයි. අඩුතරමින් නෙමෙයි අනිවාර්ය කරන්න ඕන කාන්තාවක් පැමිණි විට ඇයට ගෞරව කර ඇගේ පැමිණිල්ල ලියා ගන්න කාන්තා පොලිස් නිලධාරිනියක් යොදාවන්න ඕන.


අපි ලැජ්ජා වෙන්න ඕන. මම රජයෙන් ඉල්ලා සිටනවා වගකිව යුතු පුද්ගලයින්ගෙන් කරුණාකරලා මේ රටේ ඉන්න කාන්තාව අද පත්වෙලා ඉන්න විනාසය දිහා බල්නන. මේක එක උදාහරණයක් පමණයි. ඉස්සරහට මේවැනි ත්ත්තවයන් සිදු නොවෙන තත්ත්වයට ගෙන ආ යුතුයි. එ අහිංසක අම්මාටත් ඒ දියණියටත් මගේ හිතේ තියෙන කණගාටුව ප්‍රකාශ කරන්නේ මම හැම වේලාවේම මම අනිත් කාන්තාවන් වෙනුවෙන්. මම කියන්නේ පොලීසියවල් වලට කාන්තා පොලිස් නිලධාරිනියක්  ඇයි හරියට පත් කරන්න බැරි? එයාලා පත් කලාම පුළුවන් මේ කාන්තාවගේ දුක ගැන සොයා බලන්න. එවැනි අතවරයක් කවදාවත් නොවෙන තත්ත්වයකට පත් කරගන්න.


මම හිතන්නේ නියෝජ්‍ය පොලිස්පතිතුමා දකුණු පලාත් ඔවුන් මේ පිළිබඳ විධිමත් සැලකිල්ලක් දක්වලා පොලීසියට යනවා තමන්ගේ අතවරය ගැන කියන්න ඒ ගියාම එහේ එක්කෙනෙක් අර බාල වයස්කාර දුරවාගේ හිරි ඔතප්ප බිඳිමින් ඇයට හිරිහැර කරනවා. මොන තරම් සාපරාධි ක්‍රියාවක්ද කියලා බලන්න. ඔවුන් යන්නෙත් එකයි පොලිසීයට. අපේ රජය විසින් ගත යුතු වැදගත් පියවරක් තියනවා. මේ රටේ කාන්තාවකට නැවත කිසි දිනක මෙවැනි අසාධරණකම් සිදුනොවෙන්න,ඔවුන්ට නීතියේ පිළිසරණ ලබා ගන්න ,ඔවුන්ට නීතියේ පිහිට ලබා ගන්න රජය මැදිහත් වෙලා කටයුතු කරන්න ඕනේ. ‘