
කොළඹ 15 මට්ටක්කුලිය ප්‍රදේශයේ අතුරුදන්වූ පුද්ගලයෙකු සොයා දෙන ලෙස එම ඥාතීන් ඉල්ලා තිබේ. පසුගිය 12 වනදා සිට මොහු ආගිය අතක් නොමැති බව දන්වා තිබේ. කෙසඟ සිරුරක් හිමි ඔහු තරමක් විරූපණ (deform) ස්වරූපයෙන් සිටි අයෙකු බව කියැවේ. පොලිසියට දන්වා ඇති තොරතුරු අනුව වී.බාලේන්ද්‍රන් නම් වන ඔහු මට්ටක්කුලියේ පදිංචිව සිටියේය. 12 වනදා නිවසින් පිටත්වී ගොස් ඇති අතර ඉන් පසු තොරතුරු නැත. තොරතුරක් වෙතොත් ඔහුගේ සහෝදරයාගේ 0770834004 අංකයට දන්වන ලෙස ඉල්ලා තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval