ජපානයේ ආරම්භකර ඇති ඔලිම්පික් උළෙලේ වෙනත් රටවල සිට පැමිණි ක්‍රීඩා කණ්ඩායම් වලට නවාතැන් පහසුකම් ලබාදී ඇත්තේ එරට ෆුකුෂිමා පළාතේ ඉදිකළ ඔලිම්පික් ගම්මානයේය.
2011 ෆුකුෂිමා න්‍යෂ්ටික ව්‍යසනය මේ ආසන්න ප්‍රදේශයේ සිද්ධ වුණි. නමුත් දැන් එහි ගැටලුවක් නැත.
න්‍යෂ්ටික විකිරණ තවමත් එම ප්‍රදේශයේ ආහාර අන්තර්ගතය කෙරෙහි බලපානු ඇතැයි
 ඔලිම්පික් උළෙල සඳහා පැමිණි දකුණු කොරියානු කන්ඩායම සැකයක් පළ කර තිබේ.
මේ නිසා ගම්මානයේ ලබාදෙන ආහාර ප්‍රතික්ෂේප කර ඇති ඔවුන්
ක්‍රීඩා ගම්මානය අසල කොරියානු සූපවේදීන් සිටින හෝටලයකින්  420 කට ආසන්න ප්‍රමාණයක්වූ දකුණු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ කණ්ඩායමට සම්බන්ධ වෙනත් අයට ආහාර ලබා දෙන බව වාර්තා වේ.
අනෙක් රටවලින් ආ කිසිවෙකුට මෙම ගැටලුව පැනනැගී නැත.
ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නියෝජිතයින් සඳහා දකුණු කොරියාව වෙනම ආහාර වැඩසටහනක් දියත් කිරීම අන්තර්ජාතික මාධය තුළ විශේෂයෙන් වාර්තා කර ඇත.



ජපාන බලධාරීන් කියා සිටියේ ඔලිම්පික් උළෙලට ප්‍රාන්තයෙන් ලබාගත් අමුද්‍රව්‍ය යොදා සාදන ලද ආහාර තත්ව පරීක්ෂාව සහිත බවත් ආරක්ෂිත වනු ඇති බවත්ය. නමුත් කොරියානු ඔලිම්පික් කමිටුව පසුගිය වසරේ සිටම කියා සිටියේ ජපානයේ අසල්වාසී රටක් ලෙස තමන් තවමත් ජපානයෙන් ආහාර ආනයනය කිරීම් සිදු කරද්දී ආහාර පරීක්ෂා කිරීම සඳහා විකිරණ අනාවරක භාවිතා කරන බවය.
මේ හේතු මත වෙනම ආහාර ගැනීමට තීරණය කරන ලද බවය.

ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජික මසාහිසා සැටෝ මේ ගැන පැවසුවේ දකුණු කොරියාවේ ආහාර ප්‍රතික්ෂේපය ෆුකුෂිමා වැසියන්ගේ හදවත් පාගා දමා ඇති ” බවයි.
අන්තර්ජාලය හරහා අදහස් දක්වන ජපන් ජනතාව දකුණු කොරියාවේ තීරණය විවේචනය කරමින් කියා සිටියේ එය “බලාපොරොත්තු සුන් කරවන” සහ “අප්‍රසන්න” දෙයක් බවයි.

ජපානයේ පර්යේෂණ ආයතනයේ සාර්ව ආර්ථික පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ටොමොහිෂා ඉෂිකාවා, කොරියාවේ මෙම පියවර ජපාන කෘෂිකර්මාන්තයේ වෙළඳ නාමයේ කීර්ති නාමයට හානි කරන බවට කනස්සල්ල පළ කර තිබේ.
 
ටෝකියෝ ඔලිම්පික් පවත්වන ආකාරය ගැන දකුණු කොරියාවට පමණක් කලෙක සිට විවිධ විවේචන පැවතිණි.


 දකුණු කොරියාවේ සංස්කෘතික, ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශය මගින් නිකුත්කළ නිවේදනයකින් ඔලිම්පික් උළෙලට ජපානය භාවිතා කරන නැගී එන සූර්ය ධජය යොදාගැනීම තහනම් කරන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන්ද  ඉල්ලා තිබුණි.
ඊට හේතුවූයේ මෙම ධජය ජපානයේ අධිරාජ්‍යවාදී අතීතයේ සංකේතයක් වීමත් එය දකින විට  ඓතිහාසික කැළැල් සහ වේදනාව සිහිපත්වන බවත් පවසමිනි. "ජර්මනියේ ස්වස්තිකය අනේ රටවලට අප්‍රිය ආකාරයට  කොරියාවේ ජනතාව සඳහා රතු ධජය අප්‍රසන්නය" යනුවෙන් ඔවුන් මින් ඉහත පවසා තිබුණි. ජපානය පවසා ඇත්තේ ඔවුන් යුද්ධයට පෙර සිටම මෙම සංකේත භාවිත කළ බවයි.
කෙසේ වෙතත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එම ඉල්ලීම ඉෂ්ට කර නොතිබුණි.