police-media

ළමා මෙහෙකරුවන් සිටින බවට තොරතුරු ලැබී තිබූ කොල්ලුපිටිය හා මෝදර පොලිස් වසම් තුළ පිහිටි ස්ථාන තිහක් පක්ෂාවට ලක්කළ බවත්, එහෙත් අදාළ ස්ථානවල ළමා මෙහෙකරුවන් නොසිටි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ. නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අදාළ ස්ථානවල සිටි පිරිස්වල උප්පැන්න සහතික ඇතුළු ලේඛන පරීක්ෂා කිරීමෙන් පසු ඒ බව තහවුරු කරගත් බවද ඔහු පවසා සිටියේය.මධ්‍යම කඳුකර ප්‍රදේශවල සිට දරුවන් මෙහෙකාර සේවය සඳහා රැගෙන එන බවට තොරතුරු වාර්තා වන හෙයින් ඒ පිළිබඳ සොයා බලා අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය. දරුවන් මෙහෙකාර සේවයට යොදාගැනීම පිළිබඳ 0112433 333 දුරකථන අංකයට දැනුම් දිය හැකි බවත්, මීට අමතරව දරුවන් මෙහෙකාර සේවයට යොදාගැනීම පිළිබඳ බුද්ධි අංශ නිලධාරීන් යොදවා තොරතුරු ලබාගෙන අදාළ වැටලීම සිදුකරණ බවත් හෙතෙම පවසා සිටියේය.

දරුවන් මෙහෙකාර සේවයට. යොදාගන්නා පුද්ගලයන්ට හා ඊට අදාළ කටයුතුවලට සහාය ලබාදෙන පිරිස්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත්, මේ පිළිබඳ ප්‍රජා පොලිස් ඒකකවල නිලධාරින් හා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් නිරතුරුවම සොයා බැලීම් සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

(ඉන්දික හේවාවිතාරණ)