බ්‍රසීල ජනපති  ජෙයර් බොල්සොනාරෝ, නොනවතින ඉක්කා ගැසීමේ රෝගී තත්වයක්  හේතුවෙන් සැත්කමක් සඳහා රෝහල්ගත කර ඇත.
දින 10ක් පුරා පැවති ඉක්කා වැටීමේ තත්ත්වයනිසා වෛද්‍ය උපදෙස් මත බ්‍රසීලයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කරන ලද ඔහු සැත්කමක් අවශ්‍ය බව දන්වා තිබීම නිසා පසුව වෙනත් රෝහලකට මාරුකර යවා තිබෙයි.
2018 වසරේ මැතිවරණ ව්‍යාපාරය අතරතුර ඔහු පිහි ඇනුම් ප්‍රහාරයකට ගොදුරු වූ බවත් බඩවැල් කැපී යාම සමග ඔහුගේ සිරුරෙන් 40%ක බරපතළ රුධිර වහනයක් ද සිදුවූ බවත් කියැවෙන අතර මේ නිසා අතුරු ආබාධයක් ලෙස අග්න්‍යාශයේ ආසාදනයක් මතු ව තිබේ. මෙම ඉක්කාව හටගන්නේ ඒ නිසා බව වෛද්‍යවරු පැහැදිලි කර ඇත.


පසුගියදා කොරෝනා රෝගය දැඩි ලෙස රටපුරා ඔඩුදුවද්දී ආර්ථිකයට හානිවන නිසා රට වසා බැරිය කියමින් කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් හෝ පනවන්නේ නැතිව රට විවෘත කර සිටි ඔහු නිසා බ්‍රසීලයේ කෝරානා දැඩි ලෙස ව්‍යාප්ත විය. විශාල ජනගහණයක් සිටින බ්‍රසීලයේ තවම කොරෝනා බරපතල තත්වය පහව ගොස් නැත.
කෙසේ වෙතත් මුහුණු ආවරණ හෝ නොපැළඳ සිටි ඔහුට කෝරෝනාවද වැළඳිණි.
ඉන් සුවය ලබා සිටි අවස්ථාවේ ඔහුට මෙම ඉක්කාව මතුව ඇත.
රෝහල්ගත ව සිටින බොල්සොනාරෝගේ ජායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතී ,