06-statues-damaged-in-Mannar

මන්නාරම ප්‍රදේශයේ ස්ථාන 03ක පිහිටි කතෝලික දේව ප්‍රතිමා 03කට ඊයේ (14දා) අලුයම කිසියම් නාඳුනන පිරිසක් විසින්ප හරදී අලාභහානි සිදුකොට පලා ගොස් ඇතැයි මන්නාරම පොලිසිය පවසයි.



මන්නාරම වයල් මාර්ගයේ ස්ථාන දෙකක පිහිටි කතෝලික දේව ප්‍රතිමා දෙකකට සහ මන්නාරම පල්ලිමුනෙයි ප්‍රධාන මාර්ගයේ පිහිටි කතෝලික දේව ප්‍රතිමාවකට මෙලෙස පහරදී පලා ගොස් ඇති බවට පොලීසිය විසින් අනාවරණය කොට ගෙන තිබේ.


එසේම කිසිදු අයුරකින් කතෝලික පල්ලි වෙතට පහරදීමක් සිදු වී නොමැති බවත්, ස්ථාන කිහිපයක දේව ප්‍රතිමාවලට පමණක් පහරදීම සිදුව ඇති අතර, අදාළ පහරදීම්වලින් එම ප්‍රතිමා ආවරණය කර තිබූ විදුරු ඇතුළු ආවරණවලට හානි සිදුව ඇති අතරම ඒ ආසන්නයේ තිබි ගල් කිහිපයක්ද සොයාගැනීමට හැකි වූ බවත් ඒ පිළිබඳ කල විමසීමකදී මන්නාරම පොලිසිය පැවසීය.

අදාළ පහරදීම් සම්බන්ධයෙන් මන්නාරම ප්‍රදේශයේ වැසියන් පවසා සිටියේ, ගෙවුණු දින තුනට පමණක් මෙලෙස කතෝලික දේව ප්‍රතිමා 06කට කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් පහරදී හානි කර ඇති බවයි.කෙසේ වෙතත් අදාළ පහරදීම සිදුකරන ලද පුද්ගලයන් කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අදාළ පිරිස් සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද මන්නාරම පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

(වවුනියාව - මධුෂංඛ අමරසිංහ)