
විශේෂ කාර්ය බලකා ඩ්‍රෝන ඒකකයේ නිලධාරීන් විසින් ලබාදෙන ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2021.07.13 වන දින ජාඇල පොලිස් වසමේ ඔතේකැලේ වගුරුබිම් ප්‍රදේශයේ දී ඩ්‍රෝන යන්ත්‍ර සහ දියමත මෙහෙයුම් සිදුකරන මොටර් බොට්ටු කණ්ඩායමේ නිලධාරීන් සමග ගෝඩා වැටලීමක් සිදුකර ඇත.
එහි දී සැකකරුවන් නොමැතිව නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගනු ලබන ගෝඩා තොගයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ :-
1) ගෝඩා ලීටර් 4,680 යි.
2) යකඩ බැරල් 26 යි.
3) තඹ දඟර 02 යි.
මෙයට සමගාමීව දියමත මෙහෙයුම් ඒකකය කාර්යක්ෂම කිරීම සඳහා 2021.07.13 වන දින සිනමන් ලේක් පරිශ්‍රයේදී ශ්‍රී ලංකා මොටර් බොට්ටු සංගමය විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා වෙත විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පිහිටුවා ඇති ශ්‍රී ලංකා අභ්‍යන්තර ජල තීරය තුල නීති විරෝධී ක්‍රියාවන් මැඩලීම සඳහා යොදා ගැනීමට නවීන අධිවේගී බෝට්ටුවක් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට මොටර් බොට්ටු සංගමයේ සභාපති රජීව ප්‍රනාන්දු මහතා, මාලන් ලොව් මහතා සහ විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරි නිතීඥ වරුන ජයසුන්දර මහතා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ද විශේෂ කාර්ය බලකාය මුලස්ථාන කඳවුරේ සහකාර පොලිස් අධිකාරි(තොරතුරු තාක්ෂණ) අරුන කටුගම්පල මහතා ද එක්විය.

Comments
Post a Comment
Your comment will be visible after approval