basil-wimal-meeting

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කර්මාන්ත අමාත්‍යාංශය වෙනුවෙන් කැඳවා තිබූ රැස්වීමට කර්මාන්ත අමාත්‍යංශ නිලධාරීන් හා


සංගම්වල නියෝජිතයන් සම්බන්ධ වුවද ඇමති විමල් වීරවංශ එය මගහැර ඇතැයි වාර්තාවේ.
අරලියගහ මන්දිරයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම නිලධාරීන් ආයතන ප‍්‍රධානීන් ද පැමිණ අතර මුදල් ඇමතිවරයා සමග ඉදිරියේදී සහයෝගයෙන් යුතුව තීන්දු තීරණ ගැනීමට නියමිත හෙයින් ඇමති විමල්ගේ සහභාගීත්වයද වැදගත් එකක් වී තිබුණි.
නමුත් දේශපාලන ආරංචි වාර්තා කරන්නේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අද දිනය තුළ කොළඹින් බැහැරව සිටින බවට හේතු දක්වා රැස්වීම මගහරින ලද බවයි.