bandula-pathmakumara-surgery

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර වකුගඩු ආබාධයකින් පෙළෙන බවටත් ඔහුට නුදුරේදීම සැත්කමක් සිදු කිරීමට අවශ්‍යවී ඒ වෙනුවෙන් වකුගඩුවක් සොයන බවටත් වාර්තා පළවී තිබේ.
ඔහුව වැඩිදෙනෙකු දන්නේ ස්වර්ණවාහිනී මුල්පිටුව- පත්තර සිරස්තල වැඩසටහනිනි. අද සියලුම නාලිකා එම වැඩසටහන අනුකාරක වැඩසටහන් ගෙනාවත් ඒ ආකාරයේ වැඩසටහන් ලංකාවට හඳුන්වාදුන්නේ ඔහුය. පුවත්පත් කලාවේදියෙකු ලෙස දිගුකාලීන අත්දැකීම් පැවතීම නිසාදෝ ඔහුගේ වැඩසටහනට විශාල පාඨක ප්‍රසාදයක් තිබුණ අතර ඒ කාලයේ බොහෝ අයගේ උදෑසන වැඩ ඇරඹූනේ මුල්පිටුව බැලීමෙන් අනතුරුවයි.
බන්දුල 1970 වර්ෂයෙන් ආරම්භ කරන ලද මාධ්‍ය ජීවිතය තුළදී ‘ගීතා‘, ‘සරසි‘ වැනි සිනමා පුවත්පත් ද ‘කුමරි‘ ‘පති-පතිනි‘ වැනි සඟරා රාශියක් ද ආරම්භ කිරීමට මුල් විය.ලක්බිම ඉරිදා පුවත්පතේ ආරම්භක කතුවරයා වූයේද ඔහුය.

  ලේක්හවුස් සභාපතිවරයා ලෙස ද කාලයක් සේවය කළේය.
බන්දුල පද්මකුමාරයන්ට මෑතක සිට විවිධ අසනීපවලින් පෙලෙන්නට සිදුවූ නිසා ඒ සඳහා ලබාගන්නා ලද දීර්ඝ කාලීන ප්‍රතිකාරවල අතුරු ඵලයක් ලෙස වකුගඩු අකර්මණ්‍යතාවට ගොදුරු වී සිටී.  ඔහුගේ ඥාති පුත්‍රයකුවන කැමරා එල්කේ ආයතනයේ කලමණාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ පවසන ආකාරයට මේ දිනවල පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා ඔහු යොමුවී ඇත.

"වකුගඩු දෙකම අක්‍රීය වීම හේතුවෙන් මේ දිනවල සතියකට දෙවරක් පමණ රුධිර කාන්දු පෙරණය මඟින්
පිරුසිදු කරනවා. ඉදිරි මාස තුනක පමණ කාලයක් තුළ වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි වෛද්‍ය නිර්දේශය.
ශ්‍රී ලංකාව තුළදීම වකුගඩු බද්ධ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් තිබෙන බව වෛද්‍යවරු පවසනවා.
ඕනෑම රුධිර කාණ්ඩයකට අයත් පුද්ගලයකුගේ වකුගඩුවක් බද්ධ කිරීමට හැකි බව ඔවුන් පැවසීම නිසා මේ
දිනවල ගැළපෙන වකුගඩුවක් සොයා ගැනීමට අප වෙහෙසෙනවා. වෛද්‍ය නිර්දේශය යටතේ යම් යම්
නිර්ණායක කිහිපයක් සඳහන්. වයස අවුරුදු 30-60 අතර වීම, කැස්ස ආතරයිටිස් හෝ අධක රුධිර පීඩනය
වැනි රෝගවලින් නෙපෙළෙන කෙනකුට ඒ පරීක්ෂණ කිහිපයට යොමු කිරීමෙන් අනතුරුව සුදුසුකම් සපුරනවා නම්
එම කටයුත්ත නුදුරේදීම සිදු කරන්නට හැකියාව තිබෙනවා."
"අසනීප තත්ත්වය දැනගත් මොහොතේ සිට බොහෝ දෙනා දුරකථන ඇමතුම් ලබා දෙන අතර සුවදුක් බැලීමට
පැමිණීමටත් උත්සාහ දරනවා. නමුත් මේ මොහොතේ විවේකය වඩාත් වැදගත් නිසා වැඩි දෙනකුට කතා
කරන්නට සහ බලන්නට හමුවන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. හිත මිතුරන් බොහෝ දෙනා නිරෝගී සුවය
වෙනුවෙන් ආශිර්වාද කරමින් නිරන්තරයෙන්ම සොයා බැලීමත් සතුටට කාරණාවක්. "


දිල්රූ ජයසේකර (Silumina ලිපිය ඇසුරෙනි)