
අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් උඩුගොඩ පදිවි සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ගත් 52 හැවිරිදි අයෙකුටත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු ඊයේ (13දා) උදැසන පැවසීය. එම තැනැත්තා පසුගිය ජුනි 17වැනිදා සයිනොෆාම් දෙවන එන්නත ලබාගෙන තිබූ බවත් ඔහු සේවයේ නියුතු කර්මාන්තශාලාව මගින්
පසුව පී.සී.ආර්. පරික්ෂණයකට ලක්කර සිටියදී කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.මොහුට වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව පෙරේදා (12දා) ඔහුගේ බිරිද හා පියා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට ලක්කිරීමේදී එම දෙදෙනාටත් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බවද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයා සදහන් කළේය. මොවුන්ගේ පළමු ආශ්‍රිතයන් පිරිසක් සේවය නිරෝධායනයට යොමුකළ බවද එම ප්‍රකාශකයා පවසා සිටියේය.
(වාරණ - ආනන්ද ඉ ජයකොඩි)
Comments
Post a Comment
Your comment will be visible after approval