astraseneca-channa-jayasumana

ජපානයෙන් අද සහ හෙට ලැබීමට නියමිත බවට පුළුල් ප්‍රචාර සිදු කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 1470,000 තොගය මෙරටට ලැබීම ප්‍රමාද වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද(25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී  ප්‍රකාශ කළේය. රාජ්‍ය අමාත්‍යවරයා මීට හේතු දක්වමින් කියා සිටියේ ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද වීම ඊට හේතුව බවකි.


සැලසුමකින් තොරව අවිධිමත් ලෙස එන්නත සැපයීම නිසා
ශ්‍රී ලංකාවේ ලක්ෂ පහමාරක් පමණ පිරිසක් ඇස්ට්‍රාසෙනිකා මුල් මාත්‍රාව ලබාගෙන දෙවැන්න ලැබෙන තුරු අපේක්ෂා දල්වා සිටින අතර සති 12 කට පුළුවන් සති 16 කට පුළුවන් කියමින් රජය මෙම දෙවැන්න ලබාදීමේ ප්‍රමාදය සාධාරණය කළමුත් කිසිදු තැනකින් ඒවා ගෙන්වා ගන්නට බැරි විය.
පසුව ෆයිසර් එන්නත සමග මිශ්‍ර කරන්නට උත්සාහයකද යෙදුණ නමුත් එම ක්‍රියාවලියද අතරමග නවතා දන්වා සිටියේ ජපානයෙන් තොගඉක්මනින් ලැබෙන බවයි.
මීට දින දෙකකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාද ලබන සතියේ ජපානයේ තොග ලැබෙන බවට දිවුරුවේය.
මේ වනවිට ඔලිම්පික් තරගාවලිය ආරම්භ කර ඇති අතර තරගාවලියට සහභාගී වන සියල්ලන්ම එරටට ගොස් අවසන්ය.
නමුත් රාජ්‍ය ඇමතිවරයා ගුවන් යානා තදබදයක් ගැන දන්වා ඇත.
 ඇස්ට්‍රාසෙනිකා තොග ගුවනින් එවීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ සිදුවන්නකි.
මෙම තොගය එවීම ජනපතිගේ උපදෙස් මත ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සම්බන්ධීකරණය කරන බවට මින් ඉහත මාධ්‍ය වාර්තා වල දක්වා තිබුණි.