
ඩෙල්ටා වයිරස් සාම්පල පරික්ෂාවේදී හයදෙනකු ඇතුළු 121 දෙනෙකු ආසාදිත ලෙස හඳුනාගත් පිළියන්දල ජබුරලිය ප්‍රදේශයේ පිහිටා ඇති ඇන්ට්ලර් ඇඟලුම් කර්මාන්ත ශාලාව දින 10ක කාලයක් තාවකාලිකව වසා තබන ලෙස පාලනාධිකාරියට දැනුම් දුන් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය.
එම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් සියලුම දෙනා නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.
දින කීපයකට ඉහතදී එම කර්මාන්තශාලාවෙන් ඩෙල්ටා වෛරසය ආසාධිත රෝගියෙකු හමුවීමෙන් අනතුරුව කර්මාන්තශාලාවේ අංශ කිහිපයක් අතුරින් අහඹු ලෙස තෝරාගත් සේවක සේවිකාවන් අතරින් 6 ක් ඩෙල්ටාව වැළඳී ඇති බව මේවනවිට හඳුනාගෙන ඇති අතර සමස්තය අතරින් 121 ක් කොරෝනාවට ගොදුරුවී ඇත. ඒ අය අතරද ඩෙල්ටා ආසාදිතයින් සිටිය හැකි නමුත් තවම එම පරීක්ෂණ අවසන් නැත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ලබාදුන් උපදෙස් මත කර්මාන්ත ශාලාව වැසීමේ තීරණය ගත් බවත් ඒ බව ආයතනය වෙත දැනුම් දුන් බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර කීවාය.
Comments
Post a Comment
Your comment will be visible after approval