සැප්. 01 දක්වා මන්ත්‍රී හරීන් අත්අඩංගුවට ගැනීමක් සිදු වන්නේ නැහැ – නීතිපති දෙපාර්තමේන්තුව

Ad Code

සැප්. 01 දක්වා මන්ත්‍රී හරීන් අත්අඩංගුවට ගැනීමක් සිදු වන්නේ නැහැ – නීතිපති දෙපාර්තමේන්තුව

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලබන සැප්තැම්බර් පළමු වැනිදා දක්වා අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයට එකගතාව පළ කළේ ය.





ඒ පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන , කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී ය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේ හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් ඉදිරියේදී ලබාගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදු කිරීමට නියමිත බවයි.

පෙත්සම සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් මස පළමු වන දින යළි කැඳවීමට විනිසුරු මඩුල්ල දින නියම කළේ ය.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Close Menu