victor-ivon-speaks

සමාජ විශ්ලේෂකයෙකු හා ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන වික්ටර් අයිවන් මහතා පසුගියදා සිදු කළ අදහස් දැක්වීමක් පහතින්
 


ලංකාවේ ලොකු පුංචි හැම දෙයක්ම වෙනස් කරගන්නා තැනකට ලංකාව යා යුතුව තිබෙනවා. එකෙන් අදහස් කරන්නේ සරල ගෙදර කන බොන ක්‍රමය ඉඳලා අධ්‍යාපනයද ,සෞඛ්‍යද, ගමනාගමනයද වෙන කෘෂිකර්මය ,ආර්ථිකය, පරිසරය ,බලශක්ති මේ හැම දෙයක්ම වෙනස් කරගත යුතුව තියෙනවා යහපත් අතට. ඒ වෙනස්කම් වලදී වැදගත්ම සාධකය වෙන්නේ ආණ්ඩු ක්‍රමය එහෙම නැත්නම් ආණ්ඩු ක්‍රමය හා රාජ්‍ය  පරිපාලනය වෙනස් කර ගැනීම අත්‍යවශ්‍යයි.. ආණ්ඩුක්‍රමය තියෙන ලොකු දුබලතාවයක් තමයි සමස්ථ පාලනය පවත්වාගෙන යෑමෙ බලය මහජන නියෝජිතයින්ට ලබාදීලා තියෙනවා. මහජනයාට කිසිම බලයක් නැහැ. කරන්න පුළුවන් එකම දේ තමයි ඡන්දෙකින් ඕනෑද එපා ද කියලා කතිරේ ගහන එක විතරයි. නමුත් නූතන ආණ්ඩු ක්‍රමයේ මීට වඩා වෙනස්. දැන් උදාහරණයක් විදියට ලංකාවේ සිරිතක් හැටියට පාලකයෝ පාලක පක්ෂ රටේ පොදු දේපළ කොල්ල කනවා.



ඒක මහජනතාව දන්නවා. නමුත් මහජනයාට කරන්න දෙයක් නෑ. මහජනයාට පුළුවන් ඡන්දෙකට ගිහින් මේ කොල්ලෙට සම්බන්ධ පක්ෂ කිහිපයෙන් එකකට ඡන්දය දීම පමණයි. නමුත් මේ හැම පක්ෂයක්ම මේ කොල්ලෙට අඩු වැඩි වශයෙන් සම්බන්ධයි. ඒ වරද නිවරදි කරගන්න ක්‍රමයක් නැහැ. අධිකරණයේ බලන්න.. අධිකරණය තමන්ගේ කාර්යභාරය සමාජ වගකීම ඉටු නොකරන අධිකරණයක් අපිට තියෙන්නේ. මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වල ආරක්ෂකයා හැටියට ක්‍රියාකරන්නේ අධිකරණය. ආණ්ඩුක්‍රමයේ ආරක්ෂකයා හැටියට ක්‍රියා කළ යුත්තේ අධිකරණය. නමුත් අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නෙත් නැහැ. මිනිස්සුන්ගේ මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරන්නෙත් නැහැ. ඒ වෙනුවට පාලක පක්ෂයක සමග කල්ලි ගැහිලා ඒගොල්ලො කරන වැරදි වලට සෘජු ලෙස හෝ අනියම් ලෙස සහය දීම තමයි අධිකරණය කරන්නේ.


එතකොට අධිකරණය නිවැරදි කර ගන්නේ කොහොමද ? එහෙම ක්‍රමයක් අපේ ආණ්ඩු ක්‍රමය තුළ නැහැ. ඇත්තටම නූතන ආණ්ඩු ක්‍රමය කියන්නේ මහජන නියෝජිතයින්ට පමණක් සීමා වුන ආණ්ඩු ක්‍රමයක් නෙමෙයි. නූතන ආණ්ඩු ක්‍රමය කියල අද සලකන්නේ මහජන නියෝජිතයින් සිය යුතුකම් වගකීම් හරි ආකාරව ඉටු කරන්නෙ නැත්නම් මහජනයාට අවස්ථා ක්‍රම හදලා දීලා තියෙනවා ඒ බලය පාවිච්චි කරන්න. දැන් ඒකට කියන්නේ අද නූතන ආණ්ඩු ක්‍රමය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා සෘජු ප්‍රජාතන්ත්‍රවාදය මිශ්‍රණයක් හැටියට තමයි පවතින්නේ. දැන් එංගලන්තය ගත්තොත් එහෙම නියෝජිත ප්‍රජාතන්ත්‍රය තියෙන රටක්. නමුත් 2015 ඉඳලා එක්සත් රාජධානියේ මන්ත්‍රීවරුන් ආපසු කැඳවීමේ අයිතිය මහජනයාට දීලා තියෙනවා. මහජනයාගේ නියමිත අත්සන් සංඛ්‍යාවකින් මැතිවරණ භාර ප්‍රධාන ආයතනයට පෙත්සමක් දැම්මොත් විධිමත් විදියට ඒගොල්ලොන්ගෙ අවසර අරගෙන ඒගොල්ලොන්ගෙ පරීක්ෂාවට යටත්ව ඒ නියමිත අත්සන් සංඛ්‍යාව දැන් කියන්නේ මැතිවරණ කොට්ඨාසය කියලා.. මැතිවරණ කොට්ඨාසය එක්ක ඡන්ද දායකයින් සියයට දෙකක් අත්සන් කරොත් ආපසු කැඳවන්න පුළුවන්. මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය තාවකාලිකව අහිමි වෙනවා අතුරු මැතිවරණයක් තියන්න ඕනේ. අතුරු මැතිවරණයෙන් මන්ත්‍රී දිනුවොත් මහජනයා පරාද වෙනවා. මන්ත්‍රී පැරදුනොත් අලුත් මන්ත්‍රීවරයෙක් තෝරා ගැනීමේ අයිතිය මහජනයාට ලැබෙනවා.. දැන් මේකට තමයි කියන්නෙ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සමග මිශ්‍ර වූ සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රම සහිත ඒ ගැන සංවිධාන ක්‍රම සහිත ආණ්ඩු ක්‍රමයකට තමයි නූතන ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ.. ඇත්තටම එහෙම එකක ඡායාවක්වත් අපේ ආණ්ඩු ක්‍රමයේ නැහැ. ඒ වගේම තමයි ව්‍යවස්ථා විශාල සංඛ්‍යාවක් හදලා තියෙනවා. ඒකෙ කිසිම ව්‍යවස්ථාවක මේ විදියට කල්පනා කරල නෑ. අද නූතන ලෝකයේ රටවල් 30- 40 ක ඒ කියන්නේ ඇති කරලා තියෙනවා මහජනයාට දැන් Switzerland තියෙනවා ප්‍රාරම්භනය කියලා ක්‍රමයක්.. ප්‍රාරම්භන කියන්නේ තමන් හිතනවනම් සෞඛ්‍ය සේවයේ මෙන්න මේ දේවල් වැරදි අලුතෙන් මේ දේවල් ඇතුලත් කරන්න ඕනේ ක්‍රමවත් කරන්න කියලා එහෙම නැත්නම් අධ්‍යාපනය හරි මහජන කණ්ඩායමකට එකතු වෙලා පුළුවන් ඒක ගැන ලියන්න..





අවශ්‍ය වෙනස්කම් පරණ ක්‍රමය වැරදි මෙන්න මේවයි.. අවශ්‍ය වෙනස්කම් මේවයි කියල ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒක නිල වශයෙන් ඒකට අවසර දුන්නොත් මැතිවරණ කොමිසම වගේ ආයතනයක් monitor කරනවා මේකට අත්සන් කරන සියල්ලම අව්‍යාජ අත්සන් ද කියලා.. ඒ සියට ගාන අත්සන් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරාම පාර්ලිමේන්තුව න්‍යාය පත්‍රයට ඇතුළත් කරලා ඒක යෝජනාවක් හැටියට විවාදයට ගන්නවා.. විවාදයට අරගෙන පාර්ලිමේන්තුවේ යෝජනාව පරාද කළොත් පාර්ලිමේන්තුව ඒ යෝජනාව ජනමත විචාරණයකට දාන්න ඕනේ... සාමාන්‍යයෙන් වෙන්නේ පාර්ලිමේන්තුව එහෙම වැදගත් යෝජනාවකදී පරාද කරන්නේ නැහැ. ඒ වෙනුවට පාර්ලිමේන්තුව කියනවා ඕගොල්ලන්ගේ යෝජනාව ඉවත් කරගන්න අපි ප්‍රති යෝජනාවක් ගේන්නං  ඕගොල්ලොන්ගේ යෝජනාව ආවරණය වෙන විදිහට කියලා.. එහෙම ක්‍රමයක් තියෙනවා නම් මහජනයාට පුළුවන් සක්‍රිය ලෙස සමහර රටවල් වල තියෙනවා රටේ ජනාධිපති කෙරෙහි විශ්වාසයක් නැත්නම් එයා දුෂිත නම් පාර්ලිමේන්තුව එයාට විරුද්ධව කිසිම දෙයක් කරන්නේ නැත්නම් ඒ පුද්ගලයාට එරෙහිව දෝෂාභියෝගයක් හෝ විශ්වාසභංගයක් ගේන්න පුළුවන් මහජනයාට. එහෙම නැත්නම් නීතියක් සම්පාදනය කරන වෙලාවෙදි මහජනයාට ඇති වුනොත් මේක හොඳ නීතියක් නෙමෙයි මේකෙන් රටට ලොකු හානියක් වෙනවා කියලා මහජනයාට පුළුවන් නියමිත අත්සන් සංඛ්‍යාවක් අත්සන් අරගෙන පාර්ලිමේන්තුවේ ඉල්ලා සිටින්න. මේකට ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා.. ඇත්තටම ජනමතවිචාරණයක් දෙන්න ඕන.. මේක බැලූ බැල්මට පේන්නේ පුළුවන් වියදම් අධික ක්‍රමයක් කියලා. මේක වියදම් අධික ක්‍රමයක් නෙමෙයි. මේ නිසා මහජනයාට සක්‍රිය ලෙස සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙනවා. නීති හදන්න ප්‍රතිපත්ති හදන්න සමහර දේවල් සමහර වෙලාවල් වලට අපි හරි නොසැලකිලිමත්.. උදාහරණයක් විදියට දැන් හිතන්න විවාහ වෙන ජෝඩුවක් විවාහ වෙනවා. එහෙම නැත්නම් උප්පැන්න සහතිකයක්. එකක් උප්පැන්න සහතිකයක් ලෝකෙ අද කොළවලට මිම්මක් තියෙනවා. අපි කියනවා  A4, A5   එහෙම  තමයි  අපි කියන්නේ.


ඒ කියන්නේ නියමිත සයිස් එකක් තියෙනවා කොළයට. ඒක තමයි file එහෙකට යන්නේ. අපේ උප්පැන්න සහතිකය මාගලක් විතර දිගයි. උප්පැන්න සහතිකය නැතුව පිටරට යන්න බෑ කාටවත්. උප්පැන්න සහතිකේ කොපියක් අවශ්‍යයි. එතකොට එයා මොනවද කරන්නේ. මේක photo copy එකක් ගන්න බලනවා කොහොමටවත්  A4 එකකට ගන්න බෑ. ඊට පස්සෙ මිනිහට විසඳුමක් නෑ අර ලොකු කොළ අරගෙන නවලා ඒක තමයි දාන්නේ. ඒ තරම් මේවා බොහොම සරල දේවල්. ඊට පස්සේ  උප්පැන්නේ අහනවා ඔයාගේ තාත්තා කසාද බැදලද කියලා. ඒ කියන්නේ ඒ ළමයා ඒක කර තියාගෙන ඉන්න ඕන ජීවිත කාලෙ. මොන තරම් අසාධාරණද. මේ වගේ සරල පුංචි දේවල් තියෙනවා ඒ කියන්නේ අවුරුදු සියගානක් තිස්සේ වෙනස් නොවී අදට නොගැළපෙන දේවල් තියෙනවා ඕන තරම්. දැන් මහජනයාට මේ වගේ බලයක් තියෙනවා නම් මහජනයා එකතුවෙලා මේවා කරගනවා. එතකොට ඒ කියන්නේ වඩා හොඳින් අපේ නීති පද්ධතිය  සකස් වෙනවා.

පලවෙනි දේ තමයි අවශ්‍ය වෙනස්කම් වලින් අවශ්‍ය ප්‍රධානම දේ තමයි රට පාලනය කරන පාලකයින්ට තමන් භාරයේ තියෙන වස්තුව කොල්ලකෑමට ලැබිලා තියෙන අයිතිය මුළුමනින් නැති කිරීම. අභිමත බලය අනුව පමණක් තමන් භාරය තියෙන දේපල අනුන්ට පවරාදීම විකිණීම, ප්‍රදානය කිරීම හෝ බදු දීම කළ නොහැකි නීතියක් බවට පත් කිරීම. ඒ වගේම තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න බැරි ලියවිල්ලක් බවට පත්කිරීම. කවුරු හෝ පාලක පක්ෂය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරොත් ඒකට ලැබෙන දඩුවම් ලබා දිය යුතු දඬුවම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සටහන් කිරීම. එතකොට උසාවියට මේ සෙල්ලම නටන්න බැහැ. පස්සේ උසාවි වල වගකීම් පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි කිරීම. උසාවි වල වගකීම මේ පුංචි මිනිසුන්ගේ නඩු  සධාරණව විසඳා දීම විතරක් නෙමෙයි.. ඒකත් වැදගත්.. නමුත් වඩා වැදගත් මහජනයා හා ආණ්ඩුව අතර ආරවුල් ඇති වෙනකොට ඒ වගේ නඩු සාධාරණ ලෙස නීතියට අනුකූලව ව්‍යවස්ථාවට අනුකූලව විසඳා දීම තමයි උසාවිය කළ යුත්තේ.. නමුත් ඒ part ඒක අපේ උසාවි ක්‍රමයේදී ඉතාම දුර්වල දෙයක් .ලංකාවේ ජනමත විචාරණයකට උසාවියේ ඉඩදුන්නා. දැන් චන්ද්‍රිකාගේ කාලේ එයාට තුනෙන් දෙකක් බලය තිබුණේ නැහැ. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පක්ෂයක් මාරු කරන්න බෑ මන්ත්‍රීකම අහිමි නොකර. දැන් බලන්න හෝ ගාල විකිණෙනවා. දැන් බලන්න ආණ්ඩුවක් වෙනස් වෙච්ච ගමන් පක්ෂ මාරු කරනවා. ඒක සම්පූර්ණ නීති විරෝධී. ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒකට අනුබල දීලා තියෙන්නෙ උසාවිය. එහෙම උසාවියක් වැරදි කරනවා නම් ඒ උසාවියට දඩුවම් දෙන්න ඕනේ. උසාවියත් දඬුවමෙන් නිදහස් ආයතනයක් නෙමෙයි.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩනවා නම් වැරදි කරනවා නම් ඒගොල්ලොන්ගෙ තනතුරු අහිමි වෙන්න ඕනේ. ඒයලාට දඬුවම් කෙරෙන්න ඕනේ. ලංකාවේ ඒ එහෙම ක්‍රමයක් නැහැ. ඇත්තටම හිතුවක්කාරි බලයට ‍ විශේෂයෙන්ම මේ රටේ ඉපදිච්ච හැම මනුස්සයෙක්ම මනුෂ්‍ය ගෞරවයක් ඇති එයාගෙ කුලයද ,එයාගෙ ආගමද ,එයාගෙ මාර්ගයද ,එයාගෙ පාටද මේවා කිසි වැදගත් කමක් නෑ ඇත්තටම. වඩා වැදගත් වෙන්නේ මේ මනුස්සයා ලංකාවේ මිනිහෙක්ද. ශ්‍රී ලාංකිකයෙක් ද කියන කාරණය විතරයි වැදගත් වෙන්නේ. ඒ මිනිස්සුන්ට සමාන ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදීම රටක සංවර්ධනය සඳහා, දියුණුව සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් තමයි අභ්‍යන්තර සමගිය. අභ්‍යන්තර සමගිය ඒ ආකාරයට ඇරෙන්න ඇතිකරගන්න වෙන ක්‍රමයක් නැහැ. අද බැලුවොත් එහෙම ඇත්තටම අද රටේ මුස්ලිම් මිනිස්සු ඉන්නේ අපි මොනවද කරන්නේ කියන තත්ත්වයක. ඉතාම අසරණ තත්ත්වයක .දෙමළ මිනිස්සු ඉන්නේ කරකවල අත ඇරලා දාපු තත්වයක. නමුත් සිංහල මිනිහා ඒ විදියමයි සිංහලෙන් මිනිහගෙන් පළිගන්න ගියාමත් ඒකෙ සීමාවක් නැහැ .තමන් අකමැති පාලක පක්ෂ අකමැති මිනිස්සුන්ගෙන් ලංකාවේ පළිගන්න ක්‍රමයක් තියෙනවා. ඒවා නැති කරන ඒ කියන්නේ ආණ්ඩු ක්‍රමයක් තමයි අපිට අවශ්‍ය මහජන නියෝජිතයින්ට අතිරේකව මහජනයාට නීති සම්පාදනයට ප්‍රතිපත්ති සම්පාදනයට සම්බන්ධ විය හැකි ආණ්ඩු ක්‍රමයක් තමයි ලංකාවට අවශ්‍ය වෙන්නේ.