harshana-nanayakkara-speaks

ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය හමුවකදී නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා සිදු කළ අදහස් දැක්වීමක් පහතින්
 


මේ රට ඇත්ත වශයෙන්ම පටන් ගන්න වෙන්නේ සම්පූර්ණයෙන්ම system fail වෙච්ච රටක් හැටියට. මම දන්නවා මීට කලින් නොයෙකුත් දෙනා දේශපාලන වේදිකාවල system for system fail කියල කිව්වට ඇත්ත වශයෙන්ම සිස්ටම් එකක් fail වීම දැකලා තිබුණෙ නැහැ. නමුත් දැන් ඒක අපේ ඇස්පනාපිට සිදුවෙමින් පවතිනවා. මක් නිසාද මූලිකවම අපේ මේ ආණ්ඩුව විසින් කොරොනාව ස්වභාවික තමයි.. නමුත් අද අපේ මුහුණ දීලා ඉන්න ව්‍යවසනය ස්වභාවික දෙයක් නෙමෙයි.. සම්පූර්ණයෙන්ම ආණ්ඩුව නොහැකියාව සහ නිසි කළමනාකරණයක් නොමැති වීම සහ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට ඔවුන්ගේ වේදනාවට සංවේදී නොවන ආණ්ඩුවක් විසින් සම්පුර්ණයෙන්ම විනාස කරපු තත්ත්වයක් තමයි පැන නැගිලා තිබෙන්නේ.. දැන් උදාහරණයක් විදියට අපි පාවිච්චි කරන්නා වූ මේ නිරෝධායන ආඥා පනත මේක එක්දහස් අටසිය ගණන්වල පනතක්.. අන්තිමට රෙගුලාසි හදලා තියෙන්නේ 1960 ගණන් වල..

ඒතකොට ඒ පනත වත් වෙනස්  කරල දැන් covid මේ රටට ඇවිල්ල අවුරුදු එකහමාරක් වෙනවා..තවමත් අපි හරි නීති පද්ධතියක් ක්‍රමවේදයක් හදාගෙන නීතිමය පැත්තෙන්. ප්‍රශ්නයක් අවබෝධය නොකරගත් ජනාධිපතිවරයෙක් වශයෙන් තමයි මේ තත්ත්වය මේ රටට අත්පත් කරලා දෙන්න කියලා තමයි මම කියා හිටිනවා.. මේ රටේ දැන් බලවත් අවිශ්වාසයක් ගොඩනැගිලා තිබෙනවා.. මිනිසුන්ට විශ්වාස නැහැ. අද ඉඳලා හෙට වෙන්නේ මොකක්ද කියලා විශ්වාසයක් නැහැ. එක රටක් එක නීතියක් කියලකිව්වට හැමදේම වෙනස් වෙනස් වෙන විදියට වෙන නිසා මිනිස්සු චකිතයකින්, බයකින් ඉන්නවා.


මිනිස්සුන්ට එක පැත්තකින් මරණ බිය. අනිත් පැත්තෙන් බඩගින්න... අනිත් පැත්තෙන් සතපහකට ෂුවර්  නැති ආණ්ඩු සහ මාධ්‍ය ප්‍රකාශ. මේ කියනවා මේ   රිවස් කරගන්නවා. අපි දැක්කා යම් අවස්ථාවලදී පොලිසියෙන් ඇවිල්ලා මිනිසුන්ව කුදලගෙන උස්සගෙන යනවා  ටෙලිවිෂන්වල පෙන්නනවා. එහෙම නැත්නම් කැරම් බෝඩ් එක ඔළුවේ තියාගෙන ඉන්න කියනවා. මොකටද  .ඒ නිරෝධායන නීති කඩ කළා කියලා.. ඒ වගේ මම දැක්කා පානදුර  මනුස්සයෙක් මාස්ක් එකක් නොදා  ගියපුවාම පොලිසියෙන් අරන් ගිහිල්ලා පහුවෙනිදා උදේ වෙනකොට ඒ මනුස්සය මැරිල.. මේ දුප්පත්  මනුස්සයා එළියට බැස්සේ අර ගැනු මනුස්සයා අඩ අඩ කියනවා දරුවාටකෑම ටිකක් ගේන්නයි එලියට ගියෙ  කියලා.. හැබැයි ඊට පස්සේ ඒ තාත්ත ඒන්නෙ පෙට්ටියෙ. ඉතින් මේ වගේ ගෝත්‍රික සමාජ එකට යන්න වෙලා  තියෙන්නේ මේ නීති පද්ධතිය හරි විදියට නැති නිසයි. ඒ වගේම මම  අහන්න  කැමැති මම දන්නවා පොලිසියෙ නොයෙකුත් මාධ්‍ය ප්‍රකාශ කරනවා.. මේ කිසිම පනතකින්  පොලිසියට කිසිම බලතලයක් පවරලා නැහැ.. ඒ  බලය තියෙන්නේ ඒ ගැසට් හරහා බලය තියෙන්නේ නිසි බලධාරීයට.. ඒ නිසි බලධාරියා  කවුද? ඒ මුළු  ලංකාවට නම් director general health service .

මේ ආණ්ඩුවේ තියෙන සම්පූර්ණ නොහැකියාව තනි මනුස්සයෙක්ගේ පිටින් යවලා බේරෙන්න හිතාගෙන  ඉන්නවනම් මේ ආණ්ඩුව ඊටත් වඩා රැවටීමකට ලක්  වෙලා මම හිතන්නේ.. කල්පනා කරලා බලන්න මොකක්ද මේ වෙලා තියෙන්නේ.. එකසිය ඒක්ක නෙමෙයිලු මැරුණේ  පහළොවක්ලු.. අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයක් තියෙනවා, සෞඛ්‍ය සේවයක් ඉන්නවා .

අපිට ඉන්නවා ඇමතිවරු තුන්දෙනෙක් සෞඛ්‍ය බලාගන්න.. කොරෝනාවට විශේෂ ඇමතිවරයෙක්. ආණ්ඩුව අපිට කියන්නේ  මැරෙන මිනිස්සු ගාන ගනන් කරන්න බෑ කියලාද? පහේ පන්තියේ ළමයෙක් දැම්ම නම් ඕක ගණන් කරගන්න  පුලුවන්. අනිත් එක්කල්පනා කරලා බලන්න පහලවයි එකසිය එකයි.. මෙතන වෙලා තියෙන්නේ  මේගොල්ලෝ මේ නිවැරදි දත්ත සමාජගත වීම වලක්වන්න වසං කරනවා.. බොරු දත්ත හදාගන්නවා   සමාජයට කියන්න. ඒ කියන බොරුවට ඔවුනොත් රැවටුණාට පස්සේ තමයි මේ ප්‍රශ්න මතු වෙන්නේ.. මගේ  පෞද්ගලික මතය නම් මොවුන් නිවැරදි දත්ත ඉදිරිපත් කරන්නේ නැති බවයි.

අනෙක් ගැටලුව තමයි නිවැරදි  දත්ත එළියට ආවා නම් මිනිසුන්ට මේකෙ බරපතලකම දන්නවා. නමුත් බරපතලකම තේරෙන්නේ  නැත්තේ ඇයි ? ඇයි මිනිස්සු අප්‍රේල් මාසය නුවරඑළිය හැමතැනම ගියේ? මොකද ආණ්ඩුව විසින්ම තොරතුරු තිබියදීත් භයානක ප්‍රභේදයක් ඇවිල්ල කියල දැනගෙන තියෙද්දීත් මිනිස්සුන්ට ඒක නොකියා මිනිස්සුන්ට සංචරණ සීමා පනවන්නේ නැතුව වෛද්‍යවරු කියද්දී වෛද්‍ය අදහස් වලට පටහැනිව එයලා සංචරණය කරන්න ඇරියා.. ඒකෙන් තමයි මේ රැල්ල ඉස්මතු වෙන්නේ..මේ අස්ථාවරත්වය ආර්ථික අස්ථාවරත්වය  ,සෞඛ්‍ය අස්ථාවරත්වය තව අවුරුදු දෙක තුනක් ඇදීගෙන ගියොත් අපේ රටට මොකක්ද වෙන්නෙ.මොකද  මේ යන ක්‍රමවේදය එකයි.. මේක නවත්තගන්න ඒගොල්ලොන්ට හැකියාවක් නැහැ දැනුමක් නැහැ. මේ  ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලේ සමස්ත බුද්ධිය ගත්තත් ඕක මදටිය ඇටයටත් වඩා පුංචි. බොරු කියමින්  ජීවත්වෙන ආණ්ඩුවක් තනිකරම ජනතාව නොමග යවන අඩුවක්. අපි රජයෙන් ඉල්ලන්න මෙච්චරයි.. අපි ගෝඨාභය මහත්තයගෙන් ඉල්ලන්න මෙච්චරයි. ඔබතුමාට අපි මේ රට බාර දුන්නේ අවුරුදු පහකට.  කරුණාකරලා මේ රට වෙන කොහේටවත් උකස් නොතියා අපිට අවුරුදු 5 කින් නැවත බාරදෙන්න..

ඒ වගේම  මේ corona සමයේ තුළ රටේ දැන් කොළඹ ඉඩකඩම් විකිණිම පෞද්ගලික අංශයට දීමත් මේවා කරන්න  එපා. රටේ සම්පත් විනාශ කරන්න එපා.

ඒ වගේම මේ රටේ ජනතාව පුදුම පීඩනයකින් ඉන්නේ ආර්ථිකව. හරි තොරතුරු දෙන්න. මේ ආණ්ඩුවවිශ්වාස කරන්නැතුව ගිහිල්ලා තියෙනවා  දැන් මිනිස්සු..ඒ වගේමයි  ජනතාවට මම කියනවා පෙළ ගැහෙන්න.. තමන්ගෙ රට ,තමන්ගේ සමාජය ,තමන්ගේ ජීවත් වන පරිසරය  රැකගන්න.. මොකද මේ විදියට තව අවුරුදු නක් අපිට යන්න බැහැ. මම අවසාන වශයෙන් කියන්නේ  මෙච්චරයි ගෝඨාභය මහත්මයානෙනි මේ වෙලාවේ ඔබ සම්පූර්ණයෙන්ම අසාර්ථකයි.. අවුරුදු එකහමාරක්  ගිහිල්ලත් වැඩපිළිවෙළක් නැහැ. රට යන දිශාවක් නැහැ. මේක කරන්න බැරි නම් කරුණාකරලා මාධ්‍ය  ප්‍රකාශයක් කරලා ඔබතුමා ඉල්ලා අස්වෙන්න.. ඊට පස්සේ මේ රටේ ජනතාව නැවත ආණ්ඩුවක් දාගනීවි..  නමුත් මේ රට වලපල්ලට ඇද ගෙන ගිහිල්ලා විනාස කරපු නායකයා වශයෙන් ඔබඉතිහාසගත වෙන්න එපා ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමනි..