uhana-incident

 විනෝද චාරිකාවක පැමිණ උහන බණ්ඩාරදූව නවගිරියාව වැව ඉස්මත්තේ වැව්සිරිපුර දී සාදයක් පැවැත්වූ කාන්තාවන් පස්දෙනකු සහ පිරිමි පුද්ගලයකු නිරෝධායන නීති කඩකිරිම යටතේ පෙරේදා (06) ක් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරිය බව උහන පොලිසිය පවසයි.   කිසියම් පිරිසක් බණ්ඩාරදූව නවගිරියාව වැව ඉස්මත්තේ වැව්සිරිපුරට පැමිණ සාදයක් පවත්වන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කර ඔවුන් අත්අඩංගුවට ගත් බව උහන පොලිසිය කියයි.




 ත්‍රිරෝද රථ දෙකකින් සහ යතුරුපැදි කීපයකින් පැමිණ සිටි ඔවුන්, පොලිසිය වැටලීම කළ අවස්ථාවේ දිවා ආහාරය පිසීමට සූදානම් වෙමින් සිටි බව සඳහන්ය. මෙම හය දෙනාට අමතරව, වයස අවුරුදු 08-10 සහ 12 යන වයස්වල ළමයින් දස දෙනකු ද එහි සිටි බව කියති. අත්අඩංගුවට ගත් වැඩිහිටියන්ගෙන් ප්‍රකාශ ලබාගෙන පොලිස් ඇප මත මුදා හළ බවත් නිරෝධායන හා සංචරණ  නීති උල්ලංඝනය කිරිමේ වරද යටතේ ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට පියවර ගන්නා බවත් පොලිසිය කියයි.


 නවරත්න සමරතුංග