uae-mental-health-exam

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානසික සෞඛ්‍යය “ ප්‍රතිපත්තිය ”පිළිබඳ සාකච්ඡා කිරීමේ ක්‍රියාකාරී සැලැස්මේ කොටසක් ලෙස එරට සෞඛ්‍ය හා ප්‍රජා ආරක්ෂණ අමාත්‍යාංශය විශේෂඥයින්, මාධ්‍ය වෘත්තිකයන් සහ උනන්දුවක් දක්වන අයගේ සහභාගීත්වයෙන් මානසික සෞඛ්‍යය ප්‍රවර්ධන වැඩසටහනක් ඊයේ පවත්වා ඇති අතර එහිදී විදේශීය ශ්‍රමිකයින් සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කර තිබේ.




 පුද්ගලයින් සඳහා මානසික සෞඛ්‍ය සේවා සැපයීමේ යාන්ත්‍රණය, රටේ විවිධ ප්‍රදේශවල මානසික සෞඛ්‍ය මධ්‍යස්ථාන සැපයීමේ අවශ්‍යතාවය, රැකියා වෘත්තිකයන්ගේ මානසික සෞඛ්‍ය ආදී දේ ගැන පුළුල් නීති රීති යොදාගැනීම ගැන මෙහිදී තීරණ ලබාගෙන තිබේ.

මෙම සාකච්ඡාවේදී අදහස් දක්වා ඇති වෛද්‍ය මොසා අල්-අම්රි කියා ඇත්තේ, පාසල්වල, විශ්ව විද්‍යාලවල සහ විවිධ වැඩබිම්වල සිටින ශ්‍රමිකයින් විපරම් කිරීමේ අවශ්‍යතාවය දැඩි සේ මතුව ඇති බවයි.
සේවකයින්ගේ මානසික පීඩනය සමනය කිරීම සඳහා වැඩ පරිසරයක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලෙසයි. .විදේශගත ශ්‍රමිකයන් සේවයේ යොදවා ගැනීමට පෙර මනෝවිද්‍යාත්මක පරීක්‍ෂණයක් පැවැත්වීමේ වැදගත්කම ඔවුන් අවධාරණය කරන ලදි.
 රැකියා ආයතනවල සේවකයින් හිරිහැර කිරීම් වලට මුහුණ දීමේදී නිසි ආකාරයට ක්‍රියාකරන්නට අපොහොසත්වීම ඇතැම් සුළු ගැටලු විශාල ගැටලු බවට පත් කරගැනීම වැනි දේට මානසික සෞඛ්‍ය බලපා ඇති බව කියා තිබේ.
 ආත්ම ශක්තිය ගොඩනැගීම හා නිසි තැනදී නිසි ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ඔවුන්ගේ පවුල්වලට ඔවුන් මුහුණ දෙන මානසික පීඩනයන්හි බලපෑම හදුනාගත යුතු බවද අවධාරණය කර ඇත.
ඒ අනුව ඉදිරියේදී සේවකයින් බඳවාගන්නට පෙර ඒ ඒ අයට අදාළ මානසික වාර්තා රැස්කරන්නට තීරණය වී ඇත.