piyumi-chamuditha-ajith-rohana

පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනයට යොමු කිරීමේදී ඇතිවූ විරෝධතාවන් හා ආශ්‍රිත ගැටලු ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා හරීන්ද්‍රගේ යූ ටියුබ් නාලිකාව වෙත පිළිතුරු ලබාදී තිබේ.

ඔහු පවසන්නේ පියුමි ඇතුළු පිරිස නිරෝධායනයට යොමු කළේ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ පූර්ව ලිඛිත නිර්දේශයක් මත බවයි. පියුමි හා චන්දිමාල්ට ඇප ලබාදී පසුව නැවත කැඳවා නිරෝධායනයට යොමු කිරීමක් සිදුවූයේ චමුදිතගේ හිරු සලකුණ වැඩසටහන නිසා යයි චෝදනා සාවද්‍ය බවය.
ඇප ලබාදුන් දිනයේ එය සිදුකළ යුතු වුවත් ඇය හා චන්දිමාල් නිරෝධායනය කිරීමේ යම් ප්‍රමාදයක් සිදුවූ බවත් පසුව එය නිවැරදි කළ බවත් ඔහු කීය.


මෙම නිරෝධායන ක්‍රියාවලිය දඩුවමක් ලෙස ලබාදුන්නක් නොවන බවද පිරිසක් එක්වී සාදයක් පැවැත්වීමේදී ඇතිවන සැකය මත නිරෝධායන අවශ්‍යතාව පැනනැගි බවද ඔහු කීය.
මේ අතර පිරිස නිරෝධායනයට යොමු කළත් චන්දිමාල් සහභාගි නොවීම ගැටලුවක් බව පෙන්වාදුන් විට චන්දිමාල් රෝහල්ගතව සිටි නමුත් අද (3) සවස රෝහලින් නිදහස් කර නිරෝධායනය වෙත පස්සර බලා පිටත් කළ බව ඔහු කීය.
මෙම ක්‍රියාවලිය සිදු කිරීමේදී ඇතැම් අය අත්අඩංගුවට ගැනීම සිදු නොවීදැයි විමසීමේදී තවත් 8 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන්වද නිරෝධායනයට යොමු කරන බවත් දැන්වීය.
උසාවියට රැගෙන ඒමෙන් පසු එක්වරම ඔවුන්ට ඇදුමක් හෝ ලෑස්ති කරනොගෙන සූදානම් වීමට අවස්ථාවක් හෝ නොදී නිරෝධායනයට රැගෙනයාම බලහත්කාරයක් නොවේදැයි විමසීමේදී අජිත් රෝහණ මහතා පවසා සිටියේ එය පසුගිය කාලය පුරා බොහෝ අයට මුහුණදෙන්නට සිදුවූ අත්දැකීමක් බවත් රෝගයේ පවතින බරපතලකම හමුවේ එවැනි තීරණ ලැබී ඇති බවත්ය.

මේ අතර ෂැංග්‍රිලා හෝටලය මේ සම්බන්ධයෙන් වරදක් කර නැතිදැයි විමසීමේදී ඔහු පවසන්නේ හෝටලයේ දත්ත පරීක්ෂාව තවමත් සිදුවන බවත් සාද කණ්ඩායම හෝටලය රවටා කාමරවල නවතින මුවාවෙන් සාදයක් පවත්වා ඇති බවටද ඒත්තු යන නිසා මෙම සාදය කාමරයක් තුළ පවත්වා ඇත්තේ හෝටලය නොදැනුවත්ව බව පෙනී යන බවයි.

එසේ බලද්දී හෝටලය නිර්දෝෂී බවය.

කෙසේ වෙතත් පිරිසක් එක්රොක්වීම ගැන අවධානය යොමු නොකිරීම හා ඔවුන්ගේ සටහන් නිසි ලෙස රැස්කර නොගෙන තිබීම යන සාධක මත හෝටලයේ වගකිව යුතු නිලධාරියෙකුගේ දෝෂයක් හදුනාගෙන ඇති බවත් ඉදිරියේදී සිදුකරන පරීක්ෂණ අනුව එවැනි වරදක් කළ අය සාක්ෂි සහිතව හදුනාගතහොත් අත්අඩංගුවට ගෙන නීති මාර්ගයෙන් කටයුතු කරන බවයි.