kumari-munasinghe-speaks
 ලස්සන කලා පවුලක් ගැන කතා කරන්න අපි හදන්නෙ. ඒ තමයි ජැක්සන් ඇන්තනි මහත්මගේ පවුල. ඉතිං අපි අද ජැක්සන් ඇන්තනී මහත්මයා ගැන, කුමාරි අක්කා ගැන ,එතකොට දරුවෝ ගැන පවුලේ ගැන ගොඩක් විස්තර කතා කරමු .අපි මේ කතා කරන්නේ ජැක්සන් අයියත් එක්ක නෙමෙයි එයාගෙ ආදරණිය බිරිඳ කුමාරි සමගයි.

කුමාරි මුණසිංහ කියන්නේ කවුද?

කුමාරි කියන්නේ ගුරු යුවළකට දාව අට දෙනෙක්ගෙන් යුත් පවුලක වැඩිමල් දියණිය හැටියට උපත ලබපු කෙල්ලක් වගේ නෙමෙයි කොල්ලක් වගේ ඉන්න හදපු කෙනෙක් කිව්වොත් නිවැරදියි .පොඩි කාලෙදි නම් මම ඉස්කෝලේ 11 කට විතර ගියා .මොකද අම්මල ගුරුවරු නිසා ඒගොල්ලෝ  කියන තැන්වලට ගියා. ගිහින් අවසානයේ 7 වසරට ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ ඇතුළු වුණා. ඊට පස්සේ මම කැමතිවුනා කලා විෂයන් වලින් සාමාන්‍ය පෙළ හදාරන්න.  aat class එකේ ඉඳගෙන ඉන්නකොට අපේ අප්පච්චි ඇවිත් මාව අතින් අල්ලගෙන එක් කරගෙන ගිහිල්ලා ගණිතයේ පන්තියෙන් ඉන්දෙව්වා ඉංජිනේරු විෂන් හදාරන්න. ඒක ඉතිං අප්පච්චිගෙ කැමැත්ත .පලවෙනි සැරේ විභාගයට මුහුණ දීලා මට විෂයන් හතක් සම්මාන තිබුණා. එක විෂයයක් ෆෙල්. ඉංග්‍රීසි ෆෙල්.



අපේ අම්මා ඉංග්‍රීසි ගුරුවරියක් වුණත් මම ඉංග්‍රීසි ෆෙල්. ඊට පස්සේ දෙවැනි සැරේ විභාගයට දැම්මා .දාලා දඹුල්ලට ගිහිල්ලා තමයි මම විභාග ලිව්වෙ. ලියලා ගෙදර ආවා .ඊට පස්සේ අපේ අම්මා විභාගේ ප්‍රශ්න පත්තර බලන කාලෙ එක දවසක් අපෙ අම්මා පේපර්ස් බලන්න ගියා. එදා පේපර්ස් ගේ බලන්න ගිහින් ඇවිත් මට කිව්වා ඊයෙ දුවගේ පේපර් එක මට හම්බ වුණා. ඒකෙ තිබුනේ  S එකක් .මට ඕනේ නම් ඒ පේපර් එක ගෙදර ගෙනල්ල දුවගේ hand writing වලින් ලියවලා ආපහු ගිහින් දාන්න තිබුණා .ඒහෙම කරානම් දුවක් කවදාක්වත් ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නෑ .ඒක නිසා දුව මං ගැන මුකුත් හිතන්න එපා මහන්සිවෙලා ඉගෙන ගෙන ඊළඟ සැරේ විභාගයට මුහුණ දෙන්න කියලා මම S එක එහෙමම තියලා ආව පුතේ කියල මගේ ඔලුව අත ගලා කිව්වා. ඉතිං අද අම්මා නැතත් ඒ වගේ අම්මා කෙනෙක් ලබන්න එක මගේ වාසනාවක් සහ මට ආඩම්බරයක්.


ඔයාගෙ ජීවිතේ හැරවුම් ලක්ෂයක් තියෙනවා. ඒ ජැක්සන් අයියා. මම කැමැතියි ජැක්සන් අයියව හම්බ වුන විදිහ දැනගන්න?

උසස් පෙළ හදාරන කාලේ උසස් පෙළට අලුතින් ආවා වෙන පාසල්වලින්  නවකයෝ. එතකොට අලුතින් ආපු අයට අර චූටි චූටි නවක වද දෙනවානේ. එහෙම දීලා ඒත් ඉතිං කලකිරිලා ඇවිදගෙන යනවා අරලිය ගස් අතරින් ඇවිදගෙන යනකොට බටනළා හඬක් ඇහෙනවලු. ඒ හඬ ඔස්සේ ගිහින් බලනකොට මෙයා හිතලා කවුරු හරි පිරිමි ළමයෙක් වෙන්නැති කියලා .නෑ ගෑනු ළමයෙක්ලු සුදු ගවුමත් ඇඳගෙන සංගීත කාමරේ එලියේ ඉඳගෙන බටනළාව පිඹිනවාලු .ඊට පස්සේ හිතුවලු ආ.. පරණ එක්කෙනෙක්නේ. ගියොත් ආපහු කන්න තමයි වෙන්නෙ කියලා ආපහු හැරිලා ගියාලු චුට්ටක් වෙලා බලාගෙන ඉඳලා  හිතුවලු මම කවදහරි මෙයත් එක්ක කතා කරනවා කියලා හිතුවාලු. ඒ තමයි ජැක්සන් ඇන්තනි. ඒ බටනලාව වාදනය කළේ මම. වෙන කිසිවෙක් නෙමෙයි හොඳ මිතුරෙක්. ඒකයි මම ජැක්සන් ඇන්තනීට ජැකා  කියලා කතා කරන්න පටන් ගත්තෙ .හැබැයි දැන්නං ඔය එක ඒක අය කියනවා ජැකා කියලා කියනවා.හැබැයි කවුරුත් කියන්න එපා කැමති නෑ. මම විතරයි ඒක කියන්නේ. ගලහිටියාව එනකොටත් මම හිතන්නේ ඔහුට පෙම්වතියක් හිටියා. ඇය ගැන නොයෙක් තොරතුරු මාත් එක්ක කියනවා .මාව තේරෙන් නෑ නේ.. අයියෝ ඊට පස්සෙ යට තේරෙන්නැති මාව තේරෙන කෙනා අහවලා තමයි කියලා.


එතකොට අක්කට මතකද ජැක්සන් අයියත් එක්කම ඒ ගෙදරට පළවෙනියටම ආපු දවස?

1992 ඒ දවසක තමයි ආවෙ. එනකොට මේ වගේ නෙමේ. මෙතන තිබ්බ චූටි ගෙයක්. ඒ ගෙදර තිබුණේ සාලයයි, එහා පැත්තෙ පොඩි කෑම කාමරයක් තිබ්බා. මෙහා පැත්තෙ කාමරයක් තිබුණා. ඒක තමයි තිබ්බ එකම කාමරේ .එතකොට අර සාලෙ කියන කෑල්ල රෑට නිදා ගන්නවා. දවල්ට සාලෙ .ඒ වගේ පුංචි ගෙදරක අපි හිටිෙය්. ළිඳක් තිබුනා හොඳට නිල් පාටට නිල් වතුර කැට වගේ පිරිච්ච ළිඳක්. අපි පාවිච්චි කරන කොට මෙන්න ලිඳ ඉවර වුණා. ලිං ඉවර වෙන්නෙ නෑනෙ. ඒත් මේ ලිඳ ඉවර වුනා.

පස්සෙ බලනකොට යටට සිමෙන්ති දාලා බවුසරයේ කින් වතුර පුරෝලා අපිට මේක විකුණලා තියෙන්නේ. අප මෙහෙට එන කාලෙ දරුවො තුන්දෙනාවත් එක් කරගෙනයි ආවේ .වතුර නැතුව දැන් හරි සෙල්ලමක් .දරුවන්ගේ රෙදි හෝදන්න ඕනේ, ඒගොල්ලො නවන්න ඕනේ. අර පල්ලෙහා තියෙනවා ළිඳක් ඉතින් ජැක්සන්ට ඕන කරන වතුර ටික ගෙනල්ලා මම දෙනවා. එයාව මං කොහෙවත් යැව්වෙ නෑ. හැබැයි මම ළමයිනුත් අරගෙන කොහෙට හරි ගිහින් තමයි රෙදි හෝදගෙන නාගෙන එන්නේ. එහෙම දහදුක් වින්දා අපි. දුක් විඳින එක හරි හොඳයි. ඒක ජීවිතේට පන්නරයක් .දුකක් විඳලා තිබ්බෙ නැත්නම් මේක සැපක් කියලා තේරෙන්නේ නැහැ .ඒ නිසා මම කැමතියි දුක් විඳින්න.

දරුවෝ තුන්දෙනත් එක්ක අපි මේ ගෙදරට ආවා. ඊට පස්සේ තමයි වැඩේ තිබුනේ.  පුතාලා දෙන්නාගේ වැඩේ ස්ලැබ් එක උඩට නගිනවා .එතකොට අපේ සේවිකාවක් හිටියා අපේ ගෙදර. උඩ උඩ සද්දයක් එනවලු .අනේ අයියා මට බයයි අයියා කියනවා එනවලු .මෙයා උඩට ගිහින් බලනකොට පොඩි කඹයක් අරගෙන ලොකු පුතා ඉනේ ගැට ගහගෙන චූටි පුතාට කියනවලු හරි මල්ලි මං අල්ලගෙන ඉන්නේ ඔයා පනින්න ඔතනින් ,බය නැතුව  පනින්න. පුතාලා දෙන්නා හරිම දඟයි .මේ දෙන්න ලොකු කරගත්තා කියන එකත් මට නිකං හීනයක් වගේ අනතුරක් නොවී. අනතුරු හුඟක්. ඒ අනතුරු වලින් බේරිලා බේරිලා අද මේ වෙද්දි මෙහෙම ඉන්න එක ගැන මම දෙයියන්ට පින් දෙනවා ඒ තරම් අපහසු යි මේ දෙන්නම බේරගන්න.

පවුල තුළ ලොකු සමගියක් තියෙනවා. අදටත් අපි දකිනවා ඒ දේ  තියෙනවා?

ඔව් පුතාලා දෙන්නම අක්කට හරිම ආදරෙයි .අක්කා තමයි ඒගොල්ලොන්ගෙ වීරයා. ඇත්තටම පවුලක් එහෙම වෙන්න ඕන. සහෝදරයෝ ඔක්කොමල එකා වගේ ඉන්න ඕනේ. ඒක දෙමාපියන්ට ලොකු සහනයක්. ඒ සහනය ඇත්තටම අපේ දරුවො තුන්දෙනා අපිට දීලා තියෙනවා. ඒගොල්ලො හරි එකමුතුයි.

අද දරුවෝ තුන්දෙනා හයදෙනෙක් වෙලා මිනිපිරිය ඉන්නවා?

ඒකත් හරිම අමුතු අත්දැකීමක්. ඇත්තටම මිනිබිරි දැක්කහම මගේ හිතේ තියෙන සියලු දේවල් මොනව හරි කහටක් තිබ්බනම්, දුකක් තිබ්බනම් ඒ සියලු නැතිවෙලා යනවා එයා දැක්කාම.  ඉතින් අපි හැමෝම ආදරේ එයාට. ඒ වගේම හරිම වාසනාවන්තයි මේ මිණිපිරීය. මොකද කොරෝනා වලට lockdown කරනකොට ඒ ආසන්නයේ තමයි මෙයා ඉපදෙන්නෙ .ජනවාරි 18 වෙනිදා. හැමෝම ගෙදර එතකොට. ඉතින් හැමෝගෙම ආදරේ ලබමින් එයා එයා පුදුම වාසනාවක්.

අක්කට මතකද අයියට මුලින්ම දුන්න තෑග්ග? ඒ වගේම අයියා අක්කට දුන්න මුලින්ම තෑග්ග?

මුලින්ම මට දුන්නේ මොකක්ද කියලා මතකත් නැහැ ,ඇත්තටම ගත්තෙ මොකද්ද කියලා මතකත් නැහැ. අපි දෙන්නගෙ මොකක් හරි අඩුපාඩුවක් දැක්කහම ඒ අඩුපාඩුව සම්පූර්ණ කරා. අපිට පුළුවන් විදිහට. එහෙම මිසක් තෑගි කියලා අර දිලිසෙන කොලවල ඔතලා රිබන් පටි ගැට ගහලා ඒව තිබුණෙ නෑ අපිට.

ජැක්සන් අයියා මනසින් මානසිකව කඩා වැටුණු තැන් තියෙන්න ඇති .ඒ වගේ තැන්වලදි අක්කා කොහොමද උදව් කළේ?

ඔබේ වගේ තැන් හුඟක් තිබුණා. සමහර ඒවා කියන එක සුදුසු නැහැ කියලා හිතනවා. ඒ තරම් ඒවා පෞද්ගලික දේවල්. ඇත්තටම අපේ පෞද්ගලිකත්වයෙන් තව කෙනෙක්ට වැඩක් නැහැනෙ.ඒක  අති පෞද්ගලිකයි. ඒ වගේ තැන්වල ඉතින් මම ධෛර්යය දුන්නා. එහෙම හිතන්න එපා. අපි අවාසනාවන්ත නෑ. අපිට මෙහෙමයි නරක කාල එනවා, නරක කාලෙකින් පස්සේ හොඳ කාලයක් ඒනවා. ඒ දක්වා අපි ඉවසිල්ලෙන් ඉමු කියනවා.  මම හුඟක් හිතන්නේ එහෙමයි.

මතකද අක්කයි අයියයි මුලින්ම බලන්න ගිය වේදිකා නාට්‍ය ?

වේදිකා නාට්‍ය බලන්න යනකොට අපි පෙම්වතුන් නෙමෙයිනේ.. අපි යාලුවෝ ඒ දවස් වල  අපි ගොඩක් ඒව බැලුවා .අපි රඟපාපු එක තමයි ප්‍රසිද්ධ වේදිකාවෙන් වාරුවෙන් යන මිනිස්සු. ඒකෙ අපි දෙන්නම එකට රඟපෑවේ .පෙම්වතුන් හිටියට රඟපෑවා. එක් ඉවර වෙනකොට අපි සත්‍ය ජීවිතෙත් ඒ රඟපෑම් පටන් ගත්තා



දැන් දරුවො තුන්දෙනා ම හොඳ තැනක ඉන්නවා ලංකාවෙ නම කිව්ව සැණින් දන්න තැනක තුන්දෙනාම ඉන්නවා. එහෙම ළමයි තුන්දෙනාම ගෙනිච්චා අක්කා සහ අයියා මහන්සි වෙලා .ඒ තැන දැකලා අද මොකද හිතෙන්නේ?

අපි ඔය ගැන හිතුවේ විවාහවෙන්න කලින් . ඒඅපි පෙම්වතුන් වෙලා ඉන්න කාලේ. ජැක්සන් මට කියනවා අපි දරුවන් හදමු. අපි හොඳ කලාකාරයෝ හදමු . හොඳ කලාකරුවෙක් කියන්නේ හොඳ අධ්‍යාපනයකින් පස්සේ කලාවට පිවිසෙන්න ඕනේ. ඒ අධ්‍යාපනය ඒගොල්ලොන්ට අනිවාර්යෙන්ම දෙන්න ඕන .ඒ කියන තැන හිටියා .මට මතකයි දුව විශ්වවිද්‍යාලයට තේරී පත් වෙච්ච දවස. එතකොට චූටි පුතා විශ්ව විද්‍යාලයට යන දවස, ලොකු පුතා ඉස්සරවෙලාම කලා කටයුත්තකට කැමතියි කියපු දවස .අපේ ලොකු පුතා කවදාවත් මේ කලාවට සම්බන්ධව කිසි දෙයක් කරේ නැහැ කුඩා කාලෙ.

පුතාලා දෙන්නත් ජැක්සන් අයියා වගේම සම්මාන ගත්තා. අතිශය ජනප්‍රිය වුණා.එතකොට පුතා එහෙම සම්මාන ගන්නකොට අක්කට මොනාද දැනුනේ?

දැනෙන්න ඕන දේ දැනුනා. ඉතාම සතුටක් .ඇත්තටම දරුවන්ට හොඳක් වන එක තරම් දරුවෝ කීර්තිමත් වෙනකොට ,දරුවන්ට ප්‍රසාද ලැබෙන කොට තමයි අපි දරුවෝ හැදුවා කියන එක ඒක හොඳ දෙයක් ඒක සතුට අපිට නියමාකාරයෙන් භුක්ති විඳින්න ලැබෙන්නේ ඔවුන්ගේ දියුණුව හරහා.

එතකොට දරුවෝ තුන්දෙනා එකටම එකමුතුව සහයෝගයෙන් ඉඳලා දැන් දරුවෝ තුන් දෙනාම විවාහ වෙලා ගිහිල්ලා?

විවාහයෙන් පස්සේ චූටි පුතා ඒ දුවත් බත්තරමුල්ලේ ඒ දුවගේ ගෙදරට පදිංචියට ගියා. දුව ඒ පුතාගේ ගෙදර බටුවත්තේ පදිංචියට ගියා .අකිල තමයි මෙහේ ඉන්නේ දැන් බබත් එක්ක. ඒ නිසා ඉතින් ගේ පිරිලා හැමවෙලේම. ඒ කිරි සුවද පිරිලා .අපිට පාළුවක් දැනෙන්නේ නෑ බබා ඉන්න නිසා. නැත්නම් මට මුල දවස් වල මම හරිම අපහසුවෙන් හිටියේ. මොකද මට කාරණා දෙකක් මගේ හිතේ දැඩි ලෙස බලපෑවා. එකක් තමයි මේ තුන්දෙනාගේ විවාහය එක දවසේ කෙසේ සිදුවේද මට මේ කරගන්න පුළුවන් වෙයිද මෙතන අඩුපාඩුකම් වෙයිද වරදක් වෙයිද කියන එක, අනික තුන්දෙනාම එක දවසෙන් මගෙන් අයින් වෙනවා කියන එක ඒක තමයි ලොකුම එක .මට දැන් මේයලාගේ  විවාහයෙන් පස්සේ ඔළුව කැක්කුමක් ආවා . ඉතින් ඔය දන්න පුංචි පුංචි ප්‍රතිකාර වෙනදා කරන එව කළාට හරි ගියේ නෑ .පස්සේ ඩොක්ටර් ලඟට ගියාම බලනකොට මගේ pressure නැඟලා. කර්මය ගැන කොච්චර කිව්වත් තාම පුරුදු වෙලා නෑ. තාම මම පුරුදු වෙන එක. 

(ප්‍රවිණ කලා ශිල්පී ජැක්සන් ඇන්තනි බිරිය කුමාරි මුණසිංහ පසුගිය වසරේ ඔක්තෝබර් මස පැවැත්වූ සාකච්ඡාවකි)