sudarshani-fernandopulle

රාජ්‍ය ඇමතිනී වෛද්‍ය  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මාධ්‍ය විමසීමකදී කළ අදහස් දැක්වීමක් පහත පරිදිය.
 


ඇමතිතුමිය දැන් මේ වෙනකොට තෙල් මිල වැඩිවෙලා තියෙනවා. ඔබතුමිය දුප්පත් පළාතක ඇමතිවරියක්. මොකද හිතෙන්නේ මේ වෙලාවේ මේ මිල වැඩිකිරීම ගැන ?

පුද්ගලිකව මම හිතනවා තෙල් මිල වැඩි කිරීමත් එක්ක හැම බඩුවක්ම මේ වෙනකොට තෙල් මිලත් එක්ක ගැටිලා තියනවා. එතකොට මේ තෙල් මිල වැඩි වීමත් එක්ක සියලුම භාණ්ඩවල මිල ඉහළ යන්න පුළුවන්. අපි අතීතයෙත් ඒක දැක්කා. ඉතින් මේ වෙලාවේ ජනතාව බොහොම ආර්ථික අපහසුතාවලින් ඉන්නේ. රැකියාවක් කරගන්න බැරිව. විශේෂයෙන්ම දෛනිකව රැකියා කරන පුද්ගලයෝ අද බොහොම අමාරුවෙන් ඉන්නෙ. ඊට වඩා මුදල් තියන අය ව්‍යාපාරිකයෝ හිටන් අද ආර්ථික අපහසුතාවලින් ඉන්නේ. මේ වෙලාවේ ඉන්ධන මිල වැඩි කිරීමෙන් ජනතාව තවත් ආර්ථික ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන් කියලා මම හිතනවා. මේක සුදුසුම වෙලාව නෙමෙයි ඒකට.



ඔබතුමිය හිතනවද මේක අඩු කළ යුතුයි කියලා පාර්ලිමේන්තුව හරහා හෝ කැබිනට් මණ්ඩලය හරහා හෝ අඩු කිරීමක් කළ යුතුයි කියලා?

කැබිනට් අනු කමිටුවකින් තමයි තීන්දු කෙරුවෙ ජාත්‍යන්තර වැඩි වීමත් ගළපගන්න .  හැබැයි මේක තව ටිකක් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් වෙනකන් මේක පොඩ්ඩක් කල් දැම්මනම් හොදයි කියලා මම හිතනවා.

ඇමතිතුමිය  ආණ්ඩුවමයි මේ ඉන්ධන මිල වැඩි කරන්නේ. ඒ උනාට බෝලෙ නම් පාස් කරල තියෙන්නෙ ඇමතිවරයාට?

ඇමතිවරයාට තනි තීන්දුවක් ගන්න බැහැ.ඒක කමිටුවකින් ගත්ත තීරණයක් . එතකොට මේ ඒකට හේතු පාදක වෙච්ච කරුණු කාරණා ගැන නම් මට අවබෝධයක් නැහැ. හැබැයි මම රටේ ජනතාවගේ පැත්තෙන් බලනකොට මම හිතනවා මේක සුදුසුම වෙලාව නෙමෙයි කියලා.

එතකොට ජනතාව ගොනාට අන්දලා තියෙන්නේ?

එහෙම කියන්න බෑ .ගොනාට අන්දවන කතාවක් කියන්න බැහැ. නමුත් මේක සුදුසුම වෙලාව නෙමෙයි.

ඔබතුමිය ඇමතිවරියක් යම් ප්‍රශ්නෙකට උත්තරයක් දුන්නට පස්සේ ඇමතිවරයා හෝ ඇමතිවරිය හිරකරනවා යම් පිරිසක් එකතු වෙලා ඔබතුමිය ඇමතිවරියක් හැටියට කොහොමද හිතන්නේ?

අද දේශපාලනය එහෙමනේ අද මාධ්‍ය භාවිතා කරනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ඕන කතන්දරයක් කියන්න පුළුවන් .හැම කතාවකටම තුන් පැත්තක් තියෙනවා.මගේ පැත්ත ,මගේ විරුද්ධවාදියා පැත්ත සහ හරි පැත්ත. ඒ නිසා තුන් පැත්ත බලන්න ඕනේ තීන්දු තීරණ ගනිද්දී.



ඇමතිතුමිය මේ වෙනකොට මීගමුව ප්‍රදේශයේ ජනතාවට මුහුදු යන්න බැරිවෙලා තියනවා .ඔබතුමිය ඒ ආසන්නයේ මන්ත්‍රීවරියක් ඔවුන්ට ලැබෙන සහන සහ ඒ සම්බන්ධව ඔබතුමිය කතා කරලා තියෙනවද ඔවුන්ට මොනවද ලැබෙන්නේ?

ඇත්තටම ධීවර ජනතාවට යම්කිසි ආර්ථික සහනයක් දෙන්න කියලා අතිගරු ජනාධිපතිතුමා තීන්දුව දීලා තියෙන්නේ .ඒකට අවසර දීලා තියෙන්නේ .ඒ ධීවර ජනතාව වෙනුවෙන් සහනයක් දිගටම දෙන්න ඕන ඔවුන්ට නැවත ඔවුන්ගේ ජීවන තත්ත්වය යථාතත්වයට පත් වෙනකන්ම. මොකද මේක ඔවුන්ගේ වරදක් නිසා සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි.

ඔබතුමියගේ සාමූහික ඒකඟත්වය මේ වෙලාවේ බිඳිලා ද තියෙන්නේ ?

 මෙහෙමයි බිඳීමක් නොවෙයි. එක්කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා එහෙම කිව්වට බිඳිලා  නෑ. බොහොම හොඳට යනවා. පුංචි අඩුපාඩු හොයලානේ මාධ්‍යයත් ඉස්මතු කරන්නේ .සාමූහිකත්වය කිසි ගැටලුවක් නැහැ.


ඒ  උනාට සමහර අය කියනවා  බැසිල් හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ කියලා. ඇයි ඒ වගේ මත එන්නේ?

බැසිල් ඇමතිතුමා අක්ෂයක්  බොහොම ප්‍රායෝගිකව ජනතාවගේ පැත්තෙන් කල්පනා කළ තීන්දු තීරණ ගන්න නායකයෙක්. ඒ නිසා එතුමාගේ හිටියා නම් ඒක වෙනස් වෙන්න පුලුවන්. ඒක තමයි ඒ කිව්වේ. එතන ගැටළුවක් නැහැ .ඔය පවුලේ ගත්තත් එක එක දරුවෝ වෙනස්නෙ. විවිධාකාර දරුවෝ ඉන්නවා .සමහර දරුවෝ වාචාලයි .සමහර දරුවෝ වැඩිය කතා කරන්නේ නෑ .ඉතින් ඒ වගේ තමයි.