piyumi-hansamali-passara-return-colombo
පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේ ආන්දෝලනාත්මක සාදයක් පැවැත්වූ බව හෙළිවීමෙන් අත්අඩංගුවට පත්ව ඇප ලැබූ රූපලාවන්‍යවේදී චන්දිමාල් ජයසිංහ , නිරූපණ ශිල්පී පියුමි හංසමාලි, ටෙලි නිළි මාධවි ඇන්තනි ඇතුළු 21 දෙනෙකුගේ පිරිස නිරෝධායනය පිණිස පස්සර බණ්ඩාරවෙල ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත රැගෙනයාමෙන් පසු ඔවුන් සියල්ල අද නිරෝධායනය අවසන් කර කොළඹ බලා පැමිණීමට නියමිතය.
මේ අය අතරින් පියුමි හංසමාලි ඩේලි මිරර් පුවත්පත අමතමින් පවසා ඇත්තේ අධිකරණය විසින් ඔවුන්ට ඇප ලබාදී තිබියදී පසුව සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවය.

සාදයකට සහභාගි වීමෙන් පසු ඇප ලද නමුත් තමා, චන්දිමාල් සහ ඉතිරි සාමාජිකයින් මාධ්‍යවේදියෙකුගේ උසිගැන්වීම මත නැවත කැඳවා නිරෝධායනයට යොමු කරන ලද්දේ එය දඩුවමක් ලෙස ලබාදෙන අදහසකින් බවත් තමන් නිරෝධායනය සඳහා යොමු කරන ලද්දේ තමන්ගේ හෝ නීතීඥයින්ගේ අදහස් දැක්වීමකට ඉඩක් නොතබා එම ඇවිටිල්ල නොසලකා සෞඛ්‍ය නිලධාරීන්ගේ මුණගැස්වීම් හෝ වළක්වා අත්තනෝනමතික ආකාරයට බවත් පියුමිගේ චෝදනාවයි.


 සති දෙකකට පෙර දිවයින පුරා සංචාරක තහනම අතරතුර ෂැන්ග්‍රි ලා හෝටලයේ පැවති උපන්දින සාදයකට සහභාගී වීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථානයකට ඔවුන් ගෙනයාම දැඩි කථාබහක් ඇති කළේ සමාජ මාධ්‍ය තාරකාවක්වූ පියුමි ෆේස් බුක් ලයිව් පැමිණ සිදු කළ කෝපාන්විත අදහස් දැක්වීම නිසාය.
හිරු රූපවාහිනී වැඩසටහනකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට බලකිරීමක් කර ‘අධිකරණයේ ඇප ලබාදීමක්‘ ප්‍රශ්න කර ඇති අතර එම නිවේදක චමුදිත සමරවික්‍රම අධිකරණයට අපහාසයක් කර ඇති බවට පියුමි සහ චන්දිමාල් මේ වන විටත් රහස් පොලිසියට පැමිණිලි කර තිබේ.

පියුමි, චන්දිමාල් සහ කණ්ඩායම මීට දින කිහිපයකට පෙර PCR පරීක්ෂණයකට භාජනය වූ අතර ඊයේ පැමිණි ප්‍රතිඵල වාර්තාවලින් පෙනී යන්නේ සියල්ලන්ම COVID-19 සඳහා සෘණාත්මක  බවයි. ඔවුන් අද ඒ අනුව නිදහස්වී නිවෙස් බලා යාමට පිටත්වී ඇත.

පියුමි පැවසුවේ සිදුවූ අසාධාරණය ගැන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්නට මුල් අදහස තිබුණත් ඊට පෙර ඇය සහ චන්දිමාල් නීතිය අනුගමනය කර මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.
"අපට පසුව පවා පෞද්ගලික සාද පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගත් බව අපට දැනගන්නට ලැබුණා. කෙසේ වෙතත්, ඔවුන් සියල්ලෝම අප වගේ රැගෙන ගියේ නැහැ. නිවාස නිරෝධායනයට යටත් වුණා විතරයි. මෙතැන ලොකු අසාධාරණයක් වුණා. අපි නීතිමය මාර්ගයට එළැඹෙනවා"
ඇය පැවසුවාය.

අද (16) උදෑසන ඇය සමාජ මාධ්‍ය වෙත යොමු කළ පණිවිඩය පහතින්



#goodmorning beautiful පස්සර Sri Lanka 🌞last day in here සියලු දෙනාගෙ PCR negative guys 🤩 ඉතිං අවසරයි යන්න plz මොන tv චැනල් එකකින්. වත් YouTube එකක් වත් ගන්න එපා interviews දෙන්නේ නැ මොකද මෙක කසිම තෙරැමක් නැති දෙයක්.piumi hansamali ගැන හොයනවට වඩා මෙ රටෙ ගොඩක් දෙවල් තියනවා සොයා බලන්න.

ඉතිං මට calls ගත්ත හැම media එකකටම මම කිව්වේ දෙන්නේ නැ කාට වත් interviews කිසිම තෙරැමක් නැති දෙයක්.මට උන අසාධාරණයට මම මානව හිමිකම් කොමිසමෙ නඩුවක් දාන්න දැනටම සියලු දෙ සුදානම් කර ඇත.මුලු ලංකාවක් දන්නවා අපිට උනෙ ආසාදාරනයක් කියලා.එක සැරින් සැරෙ එකම දෙ media වලට කිව්වා කියලා අපිට ලැබෙන දෙයක් නැ.ඉතිං plz මට කතා කරන්න එපා මම no answer .

මෙ රටෙ මිනිස්සු ගොඩක් බඩගින්නේ ඉන්නවා කන්න බෙන්න වත් ඉන්න හිටින්න වත් තැනක් නැතුව එවා ගැන සොයා බලා පිහිටක් වන්න .එය පිනක් නිකන් piumi hansamali පස්සෙ එන්නෙ නැතුව නැවක් යට ගියා එහෙනම් piumi hansamali ගෙන්.මම නෙවෙයි කියන්නේ රටෙ බහුතරයක් මිනිස්සුයි .ජාත්‍යන්තරයේ news papers වර්තා කරලා තිබ්බා .නැවට වඩා piumi hansamali ගැන හොයලා.I’m proud of me ❤️🤩මම ගැන සොයා බලන එක නවත්තන්නම එපා දිගටම සොයා බලන්න මම ආසයි එකට lol 😝