
කොළඹ නගරයේ පිහිටි පැරණිම ගොඩනැගිල්ලක් වන, කොම්පඤ්ඤවීදියේ ද සොයිසා ගොඩනැගිල්ලේ කොටසක් පසුගියදා සංචරණ ෂීමා පැවති වකවානුවේ කඩා වැටී ඇතැයි වාර්තාවේ. වසර 150කට අධික ඉතිහාසයකට හිමිකම් කියන ‘ද සොයිසා' ගොඩනැගිල්ල කොළඹ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ 2018 වසරේ නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබේ. ඒ යටතේ ගොඩනැගිල්ල කඩා ඉවත්කිරිමට නියමිතය.
ගොඩනැගිල්ල අතහැර දැමීමත් සමග එහි සිවිලිම කඩා වැටී වැසි ජලය කාන්දුවීම, එහි පැත්තක් කඩා වැටීමට හේතු වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම ගොඩනැගිල්ල පිහිටි ඉඩම කොළඹ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ විදේශ සමාගමට පවරා ඇති බව ද වාර්තා වේ.
-යොහාන් භාසුර-
Comments
Post a Comment
Your comment will be visible after approval