rev-camilus-fernando-speaks

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පාස්කු ප්‍රහාරය පිළිබද සිදුකළ විමර්ශන අවසන් කර ඇති බවට ඊයේ සිදු කළ ප්‍රකාශය සමග තමන් එකඟ වන්නේ නැතැයි කොළඹ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමෝ දන්වා සිටියහ.


පොලිස් මාධ්‍ය කොට්ඨාශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රහාරයට සම්බන්ධ සිද්ධීන් 17කට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් විමර්ශනයන් සිදුකරගෙන යනු ලබන බවයි. ඉන් සිද්ධීන් 09කට අදාළව මේ වන විටත් සැකකරුවන් 32 නෙකුට මහාධිකරණ 09ක නඩු ගොනු කර ඇතැයිද වාර්තා කර තිබුණි. ඉතිරි විමර්ශන 08 අවසන් කර සැකකරුවන්ට නඩු පැවරීමට කටයුතු කර ඇතැයි දන්වා ඇත.