sapugaskanda-raid

රුපියල් ලක්ෂ 12ක් වටිනා හෙරෝයින් ග්‍රෑම් 67ක් සමග එකම පවුලේ අක්කා, නංගී, මල්ලී සහ ඥාති කාන්තාවක් ඊයේ (15දා) අත්අඩංගුවට ගත්බව සපුගස්කන්ද පොලීසිය පවසයි.සංචරණ නීති කඩ කරමින් සපුගස්කන්ද වයි. හන්දිය පොලිස් මාර්ග බාධකය හරහා ඉකුත් (13දා) සවස ගමන් කළ යතුරු පැදියක් නවතා පරික්ෂා කිරිමේදි එහි පිටුපස ගමන් කළ කාත්තාවගේ අත් බෑගයේ තිබී හෙරෝයින් පැකට්ටුවක් සමග කුඩු බීමට පාවිච්චි කරන විශේෂිත වීදුරු බටයක්ද පොලීසියට හමු වී ඇත. 





එහිදි පොලීසිය විසින් යතුරු පැදිකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු අනුව පෑලියගොඩ පෝරණුවත්ත ප්‍රදේශයේ නිවසක හෙරෝයින් මත්කුඩු පැකට් දි කරමින් සිටි මෙම සහෝදර සහෝදරියන් පිරිස ද අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පවසයි. මෙම නිවසේ තිබී හෙරෝයින් ග්‍රෑම් 67ක් ද සමග මත්කුඩු කිරීම ව සඳහා භාවිත කරන විදුලි තරාදියක් හා ස්මාට්  වර්ගයේ ජංගම දුරකතන  12ක් සමග කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි ද පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත් කුඩු ජාවාරම බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන පෙලේ මත්කුඩු දි ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවනු ලබන බවට සැක කරන පොලීසිය ඒ පිළිබඳව ද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

(දෙල්ගොඩ-සුදත්පුබුදුකීර්ති)