තම පාසලේ පිරිමි දරුවන් සිව් දෙනෙකු අපයෝජනයට ලක් කළ බවට සැකපිට රක්වාන පොලිස් වසමේ සිංහරාජ වනාත්තරය පාමුල පිහිටි පැරණිම පාසලක. විදුහල්පතිවරයෙක් ඊයේ (08දා) සැකපිට අත්අඩංගුවට ගත් බව රක්වාන පොලීසිය පැවසුවේය.සැකකාර විදුහල්පතිවරයා හතළිස් තුන්වැනි වියේ පසුවන. අවිවාහකයෙක් බව පොලීසිය පවසයි. අපයෝජනයට ලක්වූ බව කියන දරුවන්ගේ මවුපියන්ගෙන් ලද පැමිණිලි අනුව විදුහල්පතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අපයෝජනයට ලක් කර ඇති දරුවන් අවුරුදු එකොළහ, දොළහ සහ දහතුන වයසේම පසුවන් බව ද පොලීසිය සඳහන් කළේය.


වින්දිත දරුවන් මේ වනවිට අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැදවීම සදහා කහවත්ත මුලික රෝහලට ඇතුළත් කර ඇති බව දපොලීසිය සඳහන් කළේය. මෙම දරුවන් අපයෝජනයට ලක්ව ඇත්තේ දැනට මාස ගණනකට පෙර දී බවට පැමිණිල්ල විසින් සදහන් කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය. අපයෝජනයට ලක්වූ දරුවන්ගේ හැසිරීම් විලාශ ගැන සැකසිතී ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මවුපියන්ට පවසා ඇත්තේ එකී හසීම් පාසලේ ලොකු සර් කියාදුන් බව දරුවන් පවසී යැයි මවුපියන් පොලීසියට පවසා තිබිණි.ඒ අනුව මවුපියන් විසින් පොලීසියට කළ පැමිණිලි අනුව අදාල විදුහල්පතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් වැඩිදුර විමර්ශන පවත්වන බවත් මෙය සත්‍ය පැමිණිල්ලක් එසේත් නැත්නම් විදුහල්පතිවරයා අපහසුතාවට ලක් කිරීමට කළ ව්‍යාජ පැමිණිල්ලක් ද යන්න පිළිබඳ විමර්ශනය කරන බව ද පොලීසිය පැවසුවේය.සබරගමු පළාත්තාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරය, රත්නපුර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල, පොලිස් අධිකාරි සේනක වීරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත රක්වාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පී.එස්. පී. එල්. ගුණසේකර මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ .
 (අජිත්ලාල් ශාන්තඋදය)