පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීමේ “ගුරු අභිමානී” ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සහ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහත්වරු මෙහි දී මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්වූහ.
“ගුරු අභිමානී” ජාතික වැඩසටහන සංකේතවත් කරමින් පෙර පාසල් ගුරුවරියන්ට අග්‍රාමාත්‍යතුමාගේ සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සුරතින් මෙහි දී අදාළ දීමනා ප්‍රදානය කෙරිණි.
සෞභාග්‍යයේ දැක්ම අනුව දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකම ස්ථාපිත කරන සෞභාග්‍යයේ පෙර පාසල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 25ක මුදල් ප්‍රදානය කිරීම සහ පෙර පාසල් 1500ක යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 6ක ප්‍රදානය ලබා දීම ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව ආරම්භ විය.
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය යටතේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට උර දුන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ද මෙම ජාතික උත්සවයට වැඩම කළ වදාළහ.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ,
අමාත්‍යවරුන්වන මහාචාර්ය ජී.එල් පීරිස්,ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍යවරුන්වන පියල් නිශාන්ත, සුසිල් ප්‍රේමජයන්ත, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම්, කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එස්.ඩී ජයසේකර මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval