කොරෝනා වසංගත තත්වය හමුවේ මානසික ආතතිය, පීඩනය සමග පවුල් ජීවිතය කළමනාකරණය ඇතුළු කාරණා ගැන මානව සම්පත් කළමණාකරන උපදේශක අමිත්ත සුගත් ද සිල්වා මහතා සාකච්ඡාවකදී අදහස් පළකර තිබුනේ පහත පරිදිය.


  • අමිත්ත මහත්මයා කාලෙකට පස්සේ covid හින්දා ලොකු නිවාඩුවක් හම්බ වෙලා තියෙනවා. ඒ ගැන ඔබට මොකද හිතෙන්නෙ?

බුදුහාමුදුරුවෝ මේ ලෝකෙ ගැන කිව්වා මේ ලෝකේ හැම වෙලාවෙම කැඩීබිඳී ඉස්සරහට යනවා කියලා තමයි බුදුහාමුදුරුවො කිව්වෙ.. මේ ලෝකෙ වෙනස් වෙන්නෙ නැති එකම දේ තමයි වෙනස් වීම. එතකොට මේ අනුවර්තනයට අපි ලෑස්ති වෙන්න වෙනවා. අනුවර්තනයට අපි ලැස්ති උනේ නැත්නම් අර ඩයිනෝසිරස් වගේ අපිට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම වඳවෙලා යන්න.. එතකොට 2020 හිටපු අපි නෙමෙයි අද ඉන්නේ .එතකොට මේ එක රැල්ල දෙවැනි රැල්ල තුන්වෙනි රැල්ල හතරවෙනි රැලකුත් එන්න පුළුවන්. අපි දන්නේ නැහැ ඉස්සරහට මොන වගේ රැලි අපි ඉස්සරහට අරගෙන යයිද කියලා.අපි ලෑස්ති වෙන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට අපි ජීවිතේ complain කරනවා. ඒක තමයි අපි කරන දේ. අපි උත්සාහ කරන්නේ නැහැ මේකට යම්කිසි විකල්පයක් අරගෙන ඉස්සරහට යන්න. උදාහරණ කිහිපයක් පෙන්නන්නම් එක්තරා දවසක ගුරුවරයෙක් බාලාංශ පන්තියේ ළමයින්ට දුන්නා සුදු කොළ කෑල්ලක් අරගෙන කළු තිතක් තියන්න.. සුදු කොළ කෑල්ලක් අරන් කළු තිතක් තියලා කැමති දේවල් ලියන්න කියලා. විශ්වාස කරන්න පන්තිය ළමයි පනහෙන් 48 දෙනෙක්ම ලියලා තිබ්බේ කලු තිත ගැන. අර සුදු අවකාශය ගැන කිසිම කෙනෙක් ලියලා තිබ්බේ නැහැ .අපි negative හැම වෙලාවෙම. දෙවෙනි කතාව දෙවෙනි කතාව තමයි එක්තරා ගුරුවරයෙක් දොළොස් වරක් ඒක දොළොහ කියලා ලියාගෙන ඇවිල්ල දොළොස් වරක් දොළොහ 144 නොලියා 146 කියලා ලිව්වා. දැන් ළමයි ඔක්කොමල ටික හිනා වෙනවා .අර ගුරුතුමිය කරපු එක වැරැද්දට තමයි ළමයි ඔක්කොමලා හිනා වෙන්නේ .අර හරියට ලියපු 11 ගැන කිසිම ළමයෙක් කතා කළේ නැහැ. එතනදිත් අපි නැගිට්ටෙව් මානසිකත්වයකින් ඉන්නේ. ක්‍රිකට් ගැන කතා කරමු .අපේ මාලිංග යොකර් එකක් දාන්න එනකොට මම බැට් කරනවා නම් මට කියන්න බෑ යොකර්  දාන්න එපා කියලා. ඒ  බෝලයට ෆේස් කරන්න.. ඒක තමයි ජීවිතය.. අපිට තියෙන අභියෝගය. මම හිතන්නේ එතැනට තමයි අපි යන්න ඕනේ. බාධක අපිට එන තරමට අපි ශක්තිමත් විය යුතුයි. ඒ නිසා ප්‍රවේශය අපි ගන්න වෙන්නෙ මෙහෙමයි. මොන ප්‍රශ්නය ආවත් හැමදේම ලස්සනට අරගන්න. කේන්තියක් ගැන කිව්වනේ. කේන්තියත් ගන්න. හැමදේම අරගන්න. අරගෙන මේකෙන් අපි අලුත් ලෝකයක් නිර්මාණය කරන්න උත්සාහ කරමු. මේ අලුත් ලෝකය හදපු කට්ටිය  ගැන තමයි හැමදාම කතා වෙලා තියෙන්නේ.




  • අමිත්ත මහත්මයා මේ කෝවිඩ් එක්ක අපිට ලොකු නිවාඩුවක් හම්බ වෙලා තියෙනවා අපේ ගෙදර කට්ටිය ඒක්ක පවුලේ පිරිසත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න. දැන් කෝවිඩ්  පළමු රැල්ල දී නම් අපි මුල් කාලෙදි අපිට ලැබුන නිවාඩුව අපි බොහෝම ආදරෙන් ගතකළා. හැබැයි ඒන්න ඒන්න මේ නිවාඩුව සංචරණ සීමාත් එක්ක දික් වෙද්දි ටිකක් ගැටළුත් ඇති වෙනවා. දැන් ඔන්න පෑහෙන්නේ නැති අවස්ථා එනවා. ටිකක් වැඩිපුර ගෙදරදි රණ්ඩු වෙනවා. මෙ ආපී අදරය කරන අයම තමයි. පොඩි පොඩි ගැටුම් ඇති වෙනවා ඇයි මේ එහෙම වෙන්නේ?

අපි අර අතිධාවනකාරී සමාජ රාමුවක හිටියේ. චුට්ටි වෙලාවයි අපි ගෙදර හිටියේ. එතකොට දැන් අපි මුලින්ම බලමුකෝ ගිය අවුරුද්දේ මේක හම්බ උනාම අපි කිසි කෙනෙක්ට දන්නෙ නැහැ මේක කොහොමද කළමනාකරණය කරගන්න කියලා. එතනදි තමයි ප්‍රශ්න වැල එන්නේ. අර පුංචි ළමයෙක්ට කාර් එකක් හම්බ උනාම වගේ තත්ත්වයක් ආවා. අපි මනසින් උසස් දියුණු සත්වයා. එතකොට අපි යම් කිසි දෙයක් හිතලා ගන්න වෙනවා. දැන් මේ නිවාඩුව අපිට කළමනාකරණය කර ගන්නට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම මගේ පැත්තෙන් ගත්තොත් මට ඒක  බිරිඳක් සහ දරුවෝ තුන්නෙක් ඉන්නවා .එතකොට මගේ ගොඩක් වෙලාවට මගේ දරුවන්ට මාත් එක්ක ඉන්න තිබිච්ච කාලය හරි අඩුයි. නමුත් අපිට ස්වභාවධර්මයෙන් දුන්නා මේ ඇති මේ දිව්වා. මේ ෆන් එක ගත්තා ඇති .මේ අපි මිරිඟු පස්සේ දිව්වා ඇති. චුට්ටක් ගිමන් හරින්න. මම හිතනවා අපි කෙනෙක්ට අපි කිසි කෙනෙක්ට සිහින පස්සේ දිව්වා ඇරෙන්න අපි කිසි කෙනෙක්ට ඕනේ නැහැ චුට්ටක් කල් බලන්න, චුට්ටක් හිතලා රිලැක්ස් වෙන්න. මේක තමයි අපිට දුන්නේ මෙන්න මේක ගන්න ධනාත්මකව. ප්‍රශ්න අමතක කරන්න වෙන දේවල් ප්‍රශ්න අමතක කරන්න. මේ ඔබ විශ්වාස කරන ආගම ධර්මය අනුව දෙවියන් වහන්සේ වෙන්න පුළුවන් ස්වභාවධර්මය වෙන්න පුළුවන් කවුරුන් හෝ ඔබට දුන්නා ඔබ මෙතෙක් ආ ගමන් මග වැරදී, චුට්ටක් හිතන්න කියලා. ඉතින් මම හිතන්නේ ඒ වෙලාවේ දී අපි ගෙදර ඉදලා දැන් ඊෙය් අපි yesterday කියල කිවුවහම E අකුරු දෙකක් තියෙනවා E කියන්නේ experience ඒක. හැබැයි අද එනකොට O අකුරක් අපිට හම්බවෙනවා. ඒ අර opportunity කියන එක අවස්ථාව කියන එක. හැබැයි අපි හෙට යනකොට opportunity තුනක් එනවා අපිට. tomorrow කියලා කියනවා. එතකොට මේ අවස්ථාව කියන එක මේ yesterday කියන එකේ තිබුණේ නැහැ. මම කියන්නේ බලන් කඩතුරා හැර දෑසේ.. ජීවිතය අපිට දීලා තියන එක අවබෝධයෙන් බලන්න. චුට්ටක් නැවතී ඉන්න. අපිට ජයග්‍රහණයක් අනිවාර්යෙන්ම ලබාගන්න පුළුවන්.



  • පලවෙනි covid රැල්ල අපු කාලේ නම් අපි වගා කරන්න පටන් ගත්තා එක එක කෑම හැදුවා. ඒ වගේ විවිධ ක්‍රියාකාරකම්වලට යොමු වුණා. හැබැයි දැන් මේ කාලයේ අපිට එහෙම ක්‍රියාකාරකම්වලට යොමු වෙන බවක් පේන්නෙ නැහැ. මේ කාලේ එකකාර රිද්මයකින් තමයි බොහෝ දෙනෙක්ගේ ජීවිත ගත වෙන්නේ .මේ කාලවකවානුව තුළ පවුලේ බැඳීම් එකතුවෙන්න ,පවුලේ ආදරේ වැඩි වෙන්න හරියට එකතු වෙලා කරන්න ක්‍රියාකාරකම් තියෙනවාද?

මේ අපිට දෙවියො හරි කවුරුහරි දුන්නා පොඩ්ඩක් පස්සට ගිහිල්ලා බලන්න.. එතකොට අපි කරන්න ඕනේ පලවෙනි දේ තමයි පරණ ජීවන රටාවට යන්න. පරණ ජීවන රටාවට යන්න. පරණ ජීවන රටාව තුළ අපි පොඩි වෙලාවක් තමයි ටීවී එක බැලුවේ. පොඩි වෙලාවක් තමයි අපි එලියට ගියේ. අනිත් හැම වෙලාවෙම අපි පවුල් සංස්ථාව තුළ තමයි අපි ජීවත් වුනේ. ආගමික සංස්ථාව තුළ ,සමාජමය සංස්ථාව තුළ තමයි හිටියෙ. එතකොට අපේ සිතුම් පැතුම් හරිම සරලව තිබුණේ. දැන් අර ප්‍රශ්න වෙලා තියෙන්නේ සරල සමාජය නෙමෙයි සංකීර්ණ වෙලා තියෙන නිසා ගැටුම්කාරී තත්ත්වයක් අපිට ඇතිවෙලා තියෙනවා. මම කියන්නේ මේ වෙලාවේ හොඳම දේ දැන් ළමයි ඉස්කෝලේ වලට යන්නෙ නෑනෙ.. මගේ දරුවො ටික මට දරුවො ටික හදන්න තිබුන පැය දාසයයි. ඉතුරු ටික ළමයි එළියෙ හිටියේ. මම හිතනවා මේ හමුවෙච්ච අවස්ථාවේ මගේ දරුවන්ට හොඳ මාර්ග පෙන්නන්න වෙනවා මොකද ඉස්කෝලේ යන්නේ නෑ  දරුවෝ. එතකොට දැන් ගුරුවරයාගේ කාර්යභාරය සහ දෙමව්පියන් කාර්යභාර කියන දෙකම  අපේ දෙමවුපියන්ට කරන්න සිද්ධවෙලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ ඒකයි මේක දිහා බලන්න කරන ක්‍රීඩා මොනවාද, කරන්න පුලුවන් හොඳම ක්‍රීඩා ටික තමයි සාමූහික ක්‍රීඩා අපි ඉස්සර මොකද කළේ කැරම් ගැහුවා, ඊළඟට දාම් ඇද්දා..


 ඊට අමතරව හොඳම දේ ඔය කියන විදිහට මේක ඒකාකාරී.. දැන් වෙනස් දේවල් කරන්න පුළුවන් ඔක්කොම එකතුවෙලා. ඉස්සර එක එක වෙලාවට ටීවි බලන්න තියෙන්නෙ. දැන් එහෙම නෙමෙයි අපි දැන් වෙලාවක් හදාගෙන ඔක්කොම බලන්න එක වෙලාවකටමයි. ගෙදර ළමයි ඔක්කොම අරගන්න. මොකද ගෙදර ළමයි පාඩම් කරනවා. අපි යම්කිසි කැපකිරීමක් කරන්න ඕන මේ වෙලාවෙදි දෙමාපියෝ විදිහට. ළමයෙක් ඉගෙන ගන්න වෙලාවේදී අපි පොතක් පතක් පාඩම් කරන්න ඕනේ අන්න එතනයි අපි යන්න වෙන්නෙ .සාමූහිකව කියන්නෙ අවබෝධයෙන් මෙක කළමනාකරණය කරගන්න. මොකද ඔයාගේ ගෙදර ප්‍රශ්න කළමනාකරණය කරන්න මට එන්න බෑ. මොකද මටත් ප්‍රශ්නයක් තියෙනවා. සමහරක් විට ඔබගේ ගෙදර ස්වාමිපුරුෂයා සහ එක දරුවෙක් වෙන්න පුළුවන්. මගේ ගෙදර බිරිඳ සහ දරුවන් තුන්දෙනෙක් එතකොට මට ඉන්න මට තියන බාධා හතරක් වෙන්න පුළුවන්. ඒ නිසා මට එන්න බැහැ .ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම ඔයා මේ ජීවිතය ජයගන්නෙ කොහොමද කියලා කළමනාකරණය ඔබ විසින් ඇති කර ගන්න ඕනේ. ඒ නිසා මගේ දෙවියන් මම .මට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම මේක කොහොමද කළමනාකරණය කරන්නේ කියල බලන්න.




  • කාලය රන් හා සමානයි කියලා හැමෝම කියනවානේ.. ඕක අපි පරම්පරා කීපයක් තිස්සේ එක දිගට අහපු කතාවක් .දැන් රන් හා සමානයි කිව්ව කාලය ඇතිපදම් අපට හම්බ වෙලා තියෙනවා. දැන් මේ කාලෙන් අපි කොහොමද ප්‍රයෝජන ගන්නේ මොනවද කරන්න පුළුවන් මේ කාලයේ?

දැන් මම ඊයෙ මගේ යාලුවෙක්ට කතා කලා එයා කියනවා මම දෙමළ ටිකක් දන්නවා මම මේ දවස් වල දෙමළ ඉගෙන ගන්නවා. මගේ අත්දැකීම තමයි ඇත්තටම මම ඩුබායි වල ඉන්නකොට මට වෙලාව තිබුණෙ නැහැ හින්දි ඉගෙන ගන්න. මං මගේ නෝනට කිව්වා හින්දි ඉගෙන ගන්න. මම ගෙදර ඇවිල්ලා ඔයාගෙන් ඉගෙන ගන්නම් කියලා .දැන් මෙන්න මේක තමයි අපි කරන්න ඕන දේ. මම උදාහරණයක් විදියට ගන්නම් ඉස්සර online degree කියන එක ගණන් ගත්තෙ නැහැ .අද online degree එක තියෙනවා. අද උදෙත් මට යාලුවෙක් කෝල් කරල කිව්වා online degree එකක් කරන්න කියලා. අවස්ථාවන් අපිට ඇවිල්ල තියෙන්නේ. දැන් ඉස්සර අපි A9  ගත්ත කෙනාව මහා ලොකුවට ගනන් ගත්තා. දැන්  A9 ගණන් ගන්නේ නැහැ.   A 3 ගත්ත ළමයෙක් අනිවාර්යෙන්ම කැම්පස් ගියා. දැන් යන්නේ නෑ. දැන් තරගය වෙනස් වෙලා. ඉතින් ඒ නිසා පිට අනිවාර්යෙන්ම මේ කාලය තුළ අලුත් දෙවල් ටිකක් ඉගෙනගන්න අපේ දැනුම වැඩි කරගන්න අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න වෙනවා. මම ඒකට හොඳම උදාහරණයක් කියන්නම් ඉස්සර දොස්තර මහත්වරු දොස්තරලා විතරයි, ඉංජිනේරුවරු ,එකවුන්ට්යන්ලා, ලෝයර්ස්ලා එක විතරයි. අද බලන්න දොස්තර මහත්වරු, ඉංජිනේරුවරු සහ නීතිඥ මහත්තුරු හැම කෙනාම ගණකාධිකරණ ඉගෙන ගන්නවා.  අද ලෝකය හරිම අත ළඟට ඇවිල්ලා තියෙන්නේ. එයා කැමති නෑ එයාගෙ ධනය තව කෙනෙක්ට දෙන්න .එයාගෙ එකවුන්ට්ස් ටික එයාම manage කරනවා. අද ඒ තත්වෙට ගිහිල්ලා. ඉස්සර එක ඩිග්‍රි එකක් තිබ්බම අපිට ඇති මැරෙනකන්ම. ඒත් දැන් එහෙම නෙමෙයි ඩිග්‍රි දහයක් විතර ඕන. අනිවාර්යෙන්ම අපිට දැනුම ඇති කරගන්න ඕනේ. මේක ජීවිතේ අපි ඉගෙන ගෙන ඉස්සරහට යන්න ඕන දෙයක්. ඒ නිසා අලුත් දේවල් අපිට ඇතිවෙනවා. තාක්ෂණය දියුණු වෙලා තියෙන්නේ. ඊයේ දේ නෙමේ අද තියෙන්නෙ. ඒ නිසා කාලය රන් හා සමානයි කියලා කවුරුහරි එකදාස් නවසිය ගණන් හරි දෙදහස් ගණන් හරි කිව්වා නම් අද ගැන හිතලා කියලා තියෙන්නේ. අද මේ දේවල් ගැන කියලා හිතලා කියලා තියෙන්නේ. ඒ නිසා කිසිම දෙයක් නාස්ති කරන්න එපා. හැම වෙලාවක්ම යමක් ඉගෙන ගන්න පාවිච්චි කරන්න.


  • අමිත්ත මහත්මයා මේ කාලය දී දරුවන් පාසල් යන්නේ නැහැ. සමහර වෙලාවට දරුවන්ට පාසල් විතරක් නෙමෙයි අපිට මේ සම්ප්‍රදායික දැනුම තුළින් ඒ වගේම වැඩිහිටියන්ගේ අත්දැකීම් තුළින් දැනුම ලබා දෙන්න අවස්ථාව තියෙනවා අපි පහුගිය කාලේ කිව්වේ ළමයින්ට ඕන තරම් දේවල් ගෙදරදි උගන්වන්න ඕනෙ.. උගන්නන්න පුළුවන් හැබැයි වෙලාව තමයි නැත්තෙ කියලා. දැන් මේ කාලෙදි දරුවන්ව ඒ වගේ දේවල් සඳහා එකතු කරගන්න බැරිද?

අනිවාර්යෙන්ම පුළුවන්. දැන් මෙතන මම මුලින් කිව්වා වගේ අම්මා තාත්තාට සඳලුතලෙන් බහින්න වෙනවා පොඩ්ඩක්. සාම්ප්‍රදායික අම්මා තාත්තා එකෙන් වෙනස් වෙන්න වෙනවා. එතකොට සඳළුතලෙන් බැහැලා රෝල් මොඩ්ල් කෙනෙක් වෙන්න වෙනවා. ළමයින්ට මේ වෙලාවේ පාර පෙන්නන්න කෙනෙක් වෙන්න ඕනේ .දැන් මේ වෙලාවට මට පුළුවන් බුදුහාමුදුරුවෝ කිව්වා සතර බ්‍රහ්ම විහරණ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වලින් ළමයා දැන් ඔක්කොම දේවල් කලේ ඉස්කෝලේ. අම්මාට සිද්ධ වෙනවා තාත්තාට සිද්ධ වෙනවා මේවා කරන්න. දැන් මම තාත්තා කෙනෙක් විදියට කියන්නම් කරන්න ඕන දේ. මෙච්චර කාලයක් අපේ අම්මට තමයි ඔක්කොම දේවල් බාර දීලා හිටියේ. තාත්තා ඒන්නේ අන්තිමට ඒනු සටනට ගනු කඩුව වගේ ,නැත්තං අම්මා කේක් එක හදලා තියනවා තාත්තා අයිසිං එක දාන්න එන්නේ. ඒක නම් කරන්න එපා. තාත්තට සිද්ධ වෙනවා මේ වෙලාවේ ලොකු රෝල් එකක් කරන්න.  මේ වෙලාවෙදි අපේ බිරිඳදට ,අම්මට අපි ලොකු උදව්වක් කරන්න වෙනවා. හැබැයි මේක කරනකොට මතක තියාගන්න අපිට හොඳට මතක තියාගෙන සරුංගලේ උඩ යනකොට හරි ලස්සනයි .හැබැයි නූලට ගැට ගහලා තියෙනකන් තමයි සරුංගලයේ ලස්සන තියෙන්නේ.



දරුවත් මතක තියාගන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ දරුවාට හැමදේම කරන්න දෙන්න ඔයලා ඉස්සරහ පිට. මම අහගෙන සමහර දෙමාපියෝ කියනවා අපේ ළමයි internet එකට යනවා අරවා කරන මේවා කරනවා. අපි දන්නේ නෑ කොතනටද යන්නේ කියලා .මම අන්න ඒකයි කිව්වේ හැමදේම  කරන දේ මේසයක් උඩට යන්න දරුවට කරන්න දෙන්න .අපිත් යමක් කරන්න. දරුවා කරන දේ බලාගෙන ඉන්න.  නව සාමාන්‍යකරණය කියන එක කියලා තාක්ෂණය කියලා අපෙ ළමයින්ට දැලිපිහියෙන් කිරි කන්න දෙන්න එපා. ඔබ අවබෝධයට පත් වෙන්න දරුවා මොනවද කරන්නේ කියන එක. ඔබට අවබෝධය නැති උනොත් ඔබටම තමයි ඒකෙ විනාසෙ වෙන්නෙ. ඒ නිසා හොඳටම මතක තියාගන්න ළමයා මොනාද කරන්නෙ කියන එක අවබෝධ කරගන්න. අපේ ගෙදර හරි යුද්ධයක්. අවුරුදු දාසයයි පහලවයි .පහයි දරුවො තුන් දෙනාට. මම නරඹන්නෙක්. මම නිදහසේ මේ වෙන දේ දිහා බලාගෙන ඉන්නවා. කිසිම වෙලාවක මම නීති දාන්න යන්නේ නෑ කැමති විදියට කරගෙන ඉන්න දෙනවා. මොකද හේතුව ඒගොල්ලොන්ගෙ පීඩනය මේ ප්‍රෙෂර් එක කොහෙන්ද එලියට දාන්නේ. ඉස්කෝලෙ ගියාම යාළුවොත් එක්ක කතා කරලා, විනෝද වුණා ,අඹ ගහකට ගල් ගැහුවා ඒ ඔක්කොම දැන් නැති වෙලා. එතකොට දැන් මේ සුන්දර තරුණකම ළමා කාලය කොහෙන්ද එලියට දාන්නෙ. අපිට වඩා ළමයි අසහනෙන් ඉන්නේ. ඉතින් අපි එතැනට යන්න වෙනවා අපි role play එක හරියට කරන්න වෙනවා.





  • ජීවිතයට විනෝදාස්වාදය බොහොම වැදගත්නේ. විනෝදාස්වාදය ලබාගන්න ක්‍රමය වෙනස් වුණාම අපි ඒ දේවල් වලට චෝදනා කරනවා. හැබැයි දැන් මේ කාල වකවානු තුළ සංචරණ සීමා හින්දා ගමන් බිමන් යන්න බෑ .එතකොට නෑදෑ පිරිසත් එක්ක එකතු වෙන්න බැහැ. පිරිසක් එකතු වෙලා කරන කිසිම දෙයක් මේ කාලය කරන්න බැහැ .එතකොට කොහොමද මේ ගෙදර පිරිස විනෝද වෙන්නේ?


ඒක තමයි ටීවී එක තියනව, රේඩියෝ එක තියෙනවා. මම කියන්නෙ මේකයි විනෝද වෙනකොට මම ගොඩක් වෙලාවට කරන දේ ළමයිගේ පොත් ටික මම උගන්වනවා. ළමයින්ට කියලා දෙනවා. දැන් ක්‍රීඩාව ම නෙමේ මෙතන තියෙන දේ. මෙතන තියෙන්නෙ ඇවිල්ලා ළමයි ටික මේ මාර්ගයේ තියාගන්න. එහෙම කරනකොට අපි යම්කිසි දෙයකට යොමු වෙලා. ළමයින්ට උදේ නැගිට්ටාම සමීප වෙන්න වෙනවා. වෙනදට වඩා සමීප වෙන්න වෙනවා. මං මේ කියන්නේ මගේ අත්දැකීම. මේ ටිකේ මම ගහන්නෙ නෑ වේවැල් දෙකක් ගෙදර තියෙනවා. ඒත් මම ඒක පාවිච්චි කරන්නේ නැහැ. බිරිඳ තමයි ඒ සද්දේ පාලනය කරන්නේ බිරිඳ .නමුත් මම ඒ දේ කරන්නේ නෑ .ළමයින්ට අපි අනිවාර්යෙන්ම ඇති කරන්න ඕනේ ආදරේ කරන පරිසරයක්.ඒ පරිසරය ඇති කරේ නැති වුනොත් තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ .මේ ලඟදි පැන්නලු ළමයෙක් බිල්ඩින් එකක් උඩ ඉඳගෙන.. එතකොට එතනට අපි තල්ලු කරන්න බැහැ ළමයව. ළමයාව  තේරුම් අරගෙන ඔන. සාමූහික ක්‍රීඩා කියලා කියන්නේ සාමූහිකව එකතු වෙලා අපිට කරන්න පුළුවන් ඕන දෙයක්. කතාවක් කියලා දෙන්න පුළුවන්, රඟපාන්න පුළුවන්. පොඩි පුතාට සින්දු කියන්න කියලා එතකොට අනිත් අය අප්පුඩි ගහනවා .මේ කාලේ කොහොම හරි ගත්ත කරන්න වෙනවා. පාඩම් කරන්නම නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ නිසා මේක හරි සංකීර්ණ තත්ත්වයක් වෙනවා.


  • මේ කාල වකවානු තුළ දරුවන් නිරන්තරයෙන්ම මේ ඔන්ලයින් අධ්‍යාපනයට යොමු වෙලා එන්නේ online education එතකොට ඊට පස්සේ අධ්‍යාපනය පස්සේ ළමයි යනවා සෝෂල් මීඩියාත් එක්ක. මේ දේවල් හින්දා විශේෂයෙන්ම අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කරනවා. බොහෝ වෙලාවට සැමියා work from home කියනවා. මේ වගේ දේවල් හින්දා පවුලේ බැඳීම් මේ කාලය තුළ දුරස් වෙනවා කියලා හිතෙන්නේ නැද්ද?

නෑ මේ කාලෙදි තමයි මගේ අත්දැකීම මේ කියන්නේ මගේ අත්දැකීම. එහෙම දුරස් වීමක් වෙලා නෑ .එක දෙයක් තමයි මම කරන දෙයක් ළමයින්ට කවනවා. මම ගෙදර ගොඩක් වෙලාවට ඉන්නවා. දවල්ටත් කවන්නෙ මම. රැටතං කවන්නෙ මම. මොකද ඒ ළමයිට ඕන කොයි වෙලාව හරි දැන් අවුරුදු 15 ,16 කියන්නේ අපෙන් ඇත් වෙන කාලයනෙ. දැන් අම්මාට එහෙම ශක්තිය පෙන්නන කාලය. තව ටික කලෙකින් මට ශක්තිය පෙන්නන කාලේ .ළමයා  ළඟ තියාගන්න වෙනවා. දැන් අපි මොනාහරි ප්‍රයෝගයක් යොදන්න වෙනවා. ළමයි ආසයි කන්න. ඉතින් චූටි දේවල් ටිකක් කරන්න. මම කියන්නේ ඒක තමයි පොත්පත්වල නෑ සමහර දේවල්. ඒ නිසා ඔබගේ අත්දැකීම් පාවිච්චි කරන්න.  ළමයි ආසයි අම්මා තාත්තා ට කියලා කවගන්න.



 සමහර වෙලාවට මේ වෙලාවේ මට ළමයි තුන්දෙනෙක්නේ ඉන්නේ. මට උයන්න දන්නෑ .මගේ නෝන කියනව ළමයින්ට උයන්න උගන්නන්න  කියලා. ඉතිං අපි අලුත් විදිහකට මේ ගමනේ යමු. කම්ප්ලේන් කරන්න එපා. මේක අපිට කවුරුහරි දුන්නා. පස්සට යන්න. මේ ශක්තිය අරගන්න .අරගෙන ඉස්සරහට යන්න. අපි ගමු මේක ලස්සනට මල් වට්ටියක් අරගෙන දෝතින් ඉස්සරහට යනවා වගේ.


  • මේ කාලවකවානුවේදී හැමෝම ඉන්නේ යම්කිසි මානසික ආතතියකින් නැත්නම්  stress එකෙකින් එහෙමත් නැත්නම් පීඩනයකින් කියලා කියනවා. ඇත්තද?

අනිවාර්යෙන්ම. හැමෝම stress එකේ තමයි ඉන්නේ. අපි දැන් පුරුදු උනානේ උදේ පාන්දර පහට නැගිටලා එලියට යන්න අපි පුරුදු උනා.. ඉතින් අනිවාර්යෙන්ම  stress එකක් තියෙනවා. කවුද කියන්නෙ නැහැ කියලා.  stress ඒකක් ආවොත් තමයි අපේ ජීවිතේ අපිට ජයග්‍රහණය කරා යන්න වෙන්නෙ. දැන් හිතන්න හොඳම උදාහරණ යකඩය රත් කරාට පස්සේ තමයි ආයුධය හැදෙන්නේ.. එතකොට අර දියමන්තිය හැදෙන්නේ මොනව රත් උනාමච දියමන්තියත් එතකොට අනිවාර්යෙන්ම රත් වෙලා තමයි ඉස්සරහට යන්නේ. ඒ නිසා  මතක තියාගන්න මේ  stress එක අරන් ඉස්සරහට යන්න. ඒක තමයි ජයග්‍රහණය කියලා කියන්නේ.






  • මේ කාලවකවානුව තුළ අපි හැමෝටම මේ ආර්ථිකය කඩා වැටීම් තියෙනවා. ඒකත් එක්ක යම් යම් අගහිඟකම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අගහිගකම් එනකොට පවුල් ජීවිතය තුළ විරසකකම් , ආදරය අඩු වෙන තැන එහෙම දේවල් ඇතිවෙන්න පුළුවන්ද?

අනිවාරෙන්ම ඇතිවෙනවා මම පොඩි කතාවක් කියන්නම්.. මනුස්සයෙක් ස්වාමිදුවක් ගෙදර ඉන්න වෙලාවක දී වැඩිහිටියෝ තුන්දෙනෙක් ගෙදරට එනවා. එන්න හදනකොට අහනවා ඒ තුන්දෙනා ස්වාමිපුරුෂයා ගෙදර ඉන්නවා ද කියලා. නැහැයි කියලා කිව්වහම නැහැ අපි ස්වාමිපුරුෂයා ආවහම එන්නම් කියලා කියනවා .එතකොට ස්වාමිපුරුෂයා ආවට පස්සෙ බිරිඳ මේ කතාව ස්වාමිපුරුෂයාට කියනවා. කිව්වම කියනවා එහෙනම් අර තුන් දෙනාට එන්න කියන්න. ගේ ඇතුලෙදි අරගොල්ලෝ ගිහින් කියනවා තුන්දෙනාට එන්න කියලා කියනවා නෑ නෑ තුන්දෙනාට බෑ එක්කෙනාටයි එන්න කියන්නෙ. දැන් ඇතුලට ගියාට පස්සේ බිරිඳ කියනවා අපි එහෙම නම් මේ තුන්දෙනා ඇවිල්ලා ආදරය ,ධනය සහ දියුණුව කියන තුන්දෙනා. එතකොට දැන් ස්වාමියා කියනවා අපිට සල්ලි නෑනෙ අපි එනම් ධනයට එන්න කියමු කියලා. එතකොට බිරිඳ කියනවා එහෙනම් අපි එහෙම නෙමෙයි අපි  දියුනුවට එන්න කියමු කියලා. දුව කියනවා නෑ නෑ අපි සතුටට එන්න කියමු කියලා.. කොහොමහරි දුවගේ කැමැත්තට ඉඩ දෙනවා. දැන් කොහොම හරි ගිහිල්ලා මේගොල්ලෝ එන්න කියනවා සතුටට එන්න කියලා කියනවා. සතුට ඒන්න කියන කොට අර තුන්දෙනාම එනවා.. දැන් බිරිඳට හරි ප්‍රශ්ණයක්. අපි එක්කෙනාට එන්න කිව්වේ. නෑ නෑ නෑ ඔයා ආදරේට එන්න කිව්වා නම් ආදරේ විතරයි ඒන්නේ.. දියුනුවට කිව්වා නම් දියුණුව විතරයි එන්නේ.. හැබැයි ඔයා ඉන්නේ කියලා කිව්වේ සතුටට. එතකොට සන්තුට්ඨි පරමං ධනං කියලා බුදුහාමුදුරුවෝ ඔන්න ඔතන තමයි කියලා තිබ්බේ.. සතුට තමයි වැදගත් වෙන්නේ. දැන් විවාහය කියලා කියන්නේ විශ්වාසය වාසනාව හසරැල් සහ යසස. එතකොට මගේ අත්දැකීම අවුරුදු 22 මම කියන්නේ මං මගේ විවාහ ජීවිතය සාර්ථකත්වය ඇවිල්ලා මම ඉවසීම. එතකොට ඔබේ බිරිදත් එක්ක හැමදේම සාකච්ඡා කරලා තියෙන්න වනවා ඊයේ වෙනකම්. එහෙම සාකච්ඡා කරගෙන මේ ගමන ආවා නම් අද ගැටුමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පෑල දොරෙන් යන්න පුළුවන්.. පැළ දොර වහලා තියාගන්න. ඒක ඔබේ අතේ තියෙන්නෙ..

 මූලාශ්‍රය - චරණ ටීවී