manusha-nanayakkara-speaks
පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මාධ්‍ය ඉදිරියේ කළ අදහස් දැක්වීමක් පහතින්

ජනතාව කබලෙන් ලිපට වැටිල ඉන්න වෙලාවේ මිනිසුන්ට වෙන කියන්න දෙයක් නෑ මිනිස්සු බොහොම අමාරුවෙන් ඉන්න වෙලාවක ආණ්ඩුව තමන් ගේ ප්‍රමුඛතා හඳුනා ගන්නේ නැතුව එක පැත්තකින් කොවිඩ් උත්සන්න වෙනවා,

පැත්තෙන් වල්බූරු විදිහට සංචාරණ සීමා දාලා උන්ගෙ ආර්ථිකය කඩාගෙන වැටිලා තියෙනවා. ලෙඩේ හොඳ වීමකුත් නෑ එහෙම තත්වයක් තියෙද්දී එදිනෙදා හම්බ කරගන්න බැරුව මිනිස්සු බොහොම බරපතළ තත්ත්වයකට පත් වෙලා ඉන්නකොට ආණ්ඩුව තෙල් මිල වැඩි කරනවා....
පසුගිය ආණ්ඩුවෙන් තෙල් මිල ඉතාමත්ම අඩු කරල ඒ ගානකින් වැඩි උනහම තිරික්කල වලින් බයිසිකල් වලින් පාර්ලිමේන්තුවට ආවේ අද ඒ සියල්ල අමතක කරලා දාලා අපේ ආණ්ඩුවක් ආවා නම් එච්චර ගානකට තෙල් දෙන්න පුළුවන් රුපියල් අනූවකට පෙට්‍රල් දෙන්නං කියල කියපු ඛනිජ තෙල්  ඇමතිවරයා දැන් එක පාරටම  පෙට්‍රල් මිල ඩීසල් මිල  තෙල්වල  මිල ඉතාමත්ම ඉහල ප්‍රමාණයෙන් ඉහල දාලා තියෙනවා.



 එතකොට මේ තෙල්වල ප්‍රමාණය ඉහළ දාලා එක යට ගහන්න ආන්ඩුවේ නාටකයක් පටන් ගත්තා. ආන්ඩුවේ නාටකය තමයි ඇමතිවරයා තෙල් මිල වැඩි කරනවා ලේකම් වරයා බනිනව තව කට්ටිය බනිනවා බැසිල් හිටියා නම් මේක වෙන්නේ නෑ කියනවා.
වැඩ පිළිවෙළක් ඒක අස්සෙ ක්‍රියාත්මක කරලා තෙල් මිල වැඩි වීමේ ප්‍රශ්නය ජනතාවට දැනෙන දැන් එන එක වළක්වන්න අලුත් නාඩගමක් පටන් අරගෙන තියෙනවා.

 මේ නාඩගමට තමයි උත්තරේ දෙන්නේ නාඩගමට උත්තරේ දීල තියෙන්නෙ හරි දැන් ඇමතිවරයා තෙල් මිල වැඩි කරපු එකවැරදියි කියලා කිව්වා නං දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ ගම්මන්පිල ඇමතිවරයාට විරුද්ධව ඡන්දේ දෙන්න විශ්වාසෙභංගයට සහයෝගය පළ කරන්න දැන් මේකට විරුද්ධ වෙච්ච මන්ත්‍රීවරුනට මහලේකම්වරුන්ට සියලු දෙනාට සිද්ධ වෙනවා ඒක තමයි අපි  බාර දීලා තියෙන අභියෝගය.....



ඒ නිසා මේ ජනතාව වෙනුවෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා හැමදාමත් තව වෙනුවෙන් පෙනී සිටින නායකයෙක් විදිහට තව මේ අමාරුවේ වැටිච්ච වෙලාවේ තෙල් මිලත් වැඩි කරල ඒ ආණ්ඩුව ජනතාවට දීපු මහා විශාල බර හෑල්ලු කරන්නපැත්තකින් පුළුවන් නම් මේ තෙල් මිල අඩු කරන්න නැත්තං මේ තෙල් මිල වැඩි කිරීමේ අත්තනෝමතික තීන්දුව ගත්තු ඇමැතිවරයව විරුද්ධව  ක්‍රියාත්මක වෙලා පාර්ලිමේන්තුවේ අප බලය පෙන්වීම සඳහා තමයි අපි සූදානම් වෙන්නේ.....මේකට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්මේක මිල ඉහළ යාම සාධාරකරනය කරන්න පුළුවන් නම්,තෙල් මිල ඉහළ ගියාට කමක් නැත්නම් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට මේක පරද්දන්න පුළුවන් හැබැයි තෙල් මිල ඉහළ යාම වැරදි නම්ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ට සිද්ද වෙනවා.

 මේකට සහයෝගය දක්වන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගේ හෙළුව විශ්වාසභංග යෝජනාවක් එක්ක බලාගන්න පුළුවන්....ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නාට්‍යයක් ද රඟ පෑවේ අත් නැත්නම් බොරුවක්ද කළේ එක බලාගන්න පුලුවන්...සැබෑවට ම ජනතාවට ආදරය කරනවා නම් ඒ තෙල් මිල වැඩි කරපු ඇමතිවරයාට විරුද්ධව විශ්වාස භංගයට සහයෝගය දෙන්න ඕනේ නැත්තං ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ට තෙල් මිල ඉහත ගියාට කමක්නෑ කියලාතමන්ගේ ඇමතිවරයාට සහයෝගය දක්වන්න පුළුවන් එම නිසා තමයි මේ නාටකය හරි වැරැද්ද මොකක් ද කියලා ජනතාවට තේරුම් ගන්න පුළුවන් වේවි එතකොට....