piyumi-hansamali-reply

නිරෝධායනය වෙමින් සිටින පියුමි හංසමාලී නැවත වතාවක් ෆේස් බුක් ලයිව් වීඩියෝවකින් පෙනී සිටිමින් ගෙවුන දින දෙක තුළ පැතිර ඇති වැරදි ආරංචි කිහිපයක් නිවැරදි කිරීමට උත්සාහ ගෙන තිබේ.
ඇය පවසන්නේ තමා ඇතුළු පිරිස බස් රථයේ නිරෝධායනයට රැගෙන යද්දී ඇඳුම් වල අවශ්‍යතාව පැනනැගි බවත් එක් කාන්තාවකට මාසික අවශ්‍යතා මතුවූ බවත් මෙම තත්ව හමුවේ තම නීතීඥ මාර්ගයෙන් උදව්වක් ඉල්ලූ බවත් එම අවස්ථාවේ නීතීඥවරයා,  ඇමති සරත් වීරසේකර සම්බන්ධ කර කිසියම් සහනයක් ලබාදීමට ඉදිරිපත්වූ බවත්ය.
පිරිස සමග ගිය පොලිස් නිලධාරීන් 11 දෙනාගෙන් එක් අයෙකු සමග කතාකර තලංගම පොලිසිය අසළ බස් රථය නවතා පිරිසට ඇඳුම් සොයාගැනීමට උදව් ලැබුණ බවයි.
තමාගේ හෑන්ඩ් බෑගයේ දමාගත් එක් ඇඳුමක් තිබුණ නිසා එම අවස්ථාවේ නැතිව පසු අවස්ථාවක ඇඳුමක් ගෙන්නාගන්නට තීරණය කළබවත් පසුදින තමා වාසය කරන අඹගහහන්දිය ප්‍රදේශයේ අසල්වාසී වෛද්‍යවරයෙකු හා ඔහුගේ බිරිය ඇඳුම් බෑගය හා රූපලාවන්‍ය පෙට්ටිය බණ්ඩාරවෙලට ගෙනවිත් දුන් බවත් ඇය කියයි.තමන්ගේ මව හා පුතු සූදානම් කළ ඇඳුම් පාර්සලය එලෙස අසල්වාසියෙකුගෙන් ලබාගැනීම ගැනද විවිධ කතා හදා ඇති බවත් හිරු ටීවී චමුදිත දිගින් දිගට වැරදි කතා පතුරන බවත් ඇය කියන්නීය.


මෙම ආරංචි වැරදි ලෙස විකෘති කර ඇමති සරත් වීරසේකර බස් රථය හරවන්න කියූ බවට බොරු හදා ඇති බවත් ඇමතිගේ අලුත බැන්ද පුතා හා නවක ලේලිය තමාට බණ්ඩාරවෙලට ඇඳුම් ගෙනවිත්දී ඇති බවත් එම දොස්තරට පළාත් සංචරණ උල්ලංඝනය කිරීමට බාධා නැතිවී ගොස් ඇති බවත් කියමින් හිරු නාලිකාව හා චමුදිත වැරදි අංරචි පතුරන බවත් වැරදි කෝණයකින් තොරතුරු පතුරමින් අනවශ්‍ය ලෙස මෙම කතාව ඉස්මතු කරන බවත් ඇය පැවසුවාය.
තමා සරත් වීරසේකර කියන ඇමති කෙනෙකු හදුනන්නේ නැති බවත් ඔහුට කතා කර ඇත්තේ එදින පමණක් බවත් තම දුරකථන වාර්තා ලබාගෙන අවශ්‍ය නම් එය තහවුරු කරගන්නා ලෙසත් පියුමි ඉල්ලා සිටී.
රටේ ඕනෑතරම් ප්‍රශ්න සාකච්ඡා කිරීමට තිබියදී නාලිකාවේ ගුවන් කාලය යොදමින් තම හෑන්ඩ් බෑග් එක ගැනයි මේකප් බෑග් ගැනයි ඉන්ස්ටර්ග්‍රෑම් දැමූ දේ ගැනයි පුන පුනා සාකච්ඡා කරන්නේ කවර උවමනාවකටද බවත් ඇය චමුදිතගෙන් විමසා සිටින්නීය.

මේ අවස්ථාවේ පවා පිරිස රැස් කරවා හිරු මෙගා ස්ටාර් පටිගත කිරීම් සිදුවන බවත් මේවා ගැන කතා නොකරන චමුදිතට නාට්ටාමියා යන වචනය හොඳ වැඩි බවත් පිනට කැහීම යන්න ගැළපෙන බවත් ඇය කියා සිටියාය.



තමාට 'ඇමති පවර්' නැති බවත් එසේ තිබුනේ නම් මෙලෙස නිරෝධායනය නොවී ගෙදරට වී සිටින බවත් අඩුතරමින් තවම වාහනයක් වත් නැති බවත් යන්නේ ත්‍රීවීලර් වලින් බවත් කියා සිටින පියුමි දැන් දැන් ඇතැම් අය යොදවා තමන්ගේ චරිතයට හානි කිරීමට කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවත් කියා සිටී. එක්තරා පුද්ගලයෙකු තමා කුඩු ව්‍යාපාරයට සම්බන්ධ බවට වීඩියෝවක් පළ කර ඇති බවත් ඒ පුද්ගලයා කවුදැයි ඔහු කරන්නේ කුමක්දැයි තමා දන්නා බවත් ඉදිරියේදී නීති මාර්ගයෙන් එම තැනැත්තාට කටයුතු කරන බවත් පියුමි වැඩිදුරටත් කියා සිටියාය.

තමා බණ්ඩාරවෙලට 'ඩොටේ' කිව්වේ අපහාස අදහසකින් නොවන බවත් එයින් හිත රිදුණ කෙනෙකු වේ නම් සමාවන ලෙසත් ඉල්ලුවාය.
තමන්ට උදව් කරන ලද අමතිවරයාට ඇතැම් අය මඩ ගැසීම ගැන කණගාටුවන බවද පියුමි දන්වා සිටියාය.සරත් වීරසේකර ඇමතිතුමා වචනයකින් කළ උදව්ව අගය කරන බවත් කීවාය.
තමා 11 වසරට පමණක් ඉගෙනගත් අයෙකු වුවත් වැරදි වැඩ කර නැති බවත් බොරු කරන්නේ නැති බවත් අත්දැකීම් තුළින් බොහෝ දේ ඉගෙන ගෙන ඇති බවත් ඇය කියා සිටිියාය.

චමුදිතට පියුමි සැපයූ මිනිත්තු 42 දිග උත්තරය පහත වීඩියොවෙන්