jacqueline-fernandez-moving-in-with-her-boyfriend-in-juhu

සුරූපී නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ පෙම්වතකු ගැන පළවන ආරංචි නිසා මේ දිනවල ඇගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ ඉන්දීය බොලිවුඩ් ටැබ්ලොයිඩ් පත්තර සිරස්තල පළ කරන්නට පටන්ගෙන තිබේ. වාර්තා වලට අනුව, ඇය දකුණූ ඉන්දීය ව්‍යාපාරික ව්‍යවසායකයෙකු සමග ආදර බන්ධනයක පැටලී ඇති අතර  ඔහු සමඟ එක්ව ජීවත්වීමට ඊළඟ පියවර සොයමින් සිටින්නීය.


ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හි වාර්තාවකට අනුව, ජැකලින් පසුගිය මාස දෙකක කාලය තුළ ඉන්දියාවේ ජුහු සහ බන්ඩ්‍රා හි නව නිවසක් සොයන බව සැලව ඇත.නමුත් විශේෂ ආරංචිය වන්නේ ඇය මෙම කාර්යයේ නියැළෙන්නේ තනිවම නොවීමය.

ඇගේ ව්‍යාපාරික පෙම්වතාද ගෙවල් බලන්නට යන බව පැවසේ.
මුහුදට මුහුණලා ඇති ජුහු බංගලාවකට  ඔවුන්ගේ කැමැත්ත ඇතිව තිබෙන බවට විශාල මිලක් වැයකර මිලට ගන්නට යන එම නිවස ගැන වාර්තා සහිතව ඉන්දීය මාධ්‍ය විස්තර පළකර තිබේ.
නිවස මිලට ගැන්මේ අත්තිකාරම්  මුදල් දැනටමත් ගෙවා ඇති බවත් මෙම යුවළ ඔවුන්ගේ නව බංගලාවේ අභ්‍යන්තරය සඳහා ප්‍රංශයේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු ද ගෙන්වා මේ දිනවල අලුත්වැඩියා සිදුකරන බවත් එම වාර්තා වල දැක්වේ.
එරටින් පළවන වාර්තාවලට අනුව ඔවුන් නිවසේ පදිංචියට සැලසුම් කර ඇත්තේ මුම්බායි හි COVID-19 අගුළු දැමීම ඉවත් කිරීමෙන් පසුවය.
 “ඔවුන්ගේ සම්බන්ධතාවය  අතිශයින්ම බැරෑරුම් එකක් බව පැහැදිලියි. පෙම්වතා දේපල සඳහා වන ක්‍රමවේදයන් පිළිබඳව කටයුතු කරමින් සිටියදී, ජැකලින් නිරන්තරයෙන් වීඩියෝ ඇමතුම් ලබා ගනිමින් ඔවුන්ගේ නිවස පිළිබඳ කරුණු එකිනෙකා සමඟ සාකච්ඡා කරමින් සිටිනු පෙනී යනවා. ‘
මේ ගැන විස්තර කළ අසල්වාසී නිවැසියෙකු අදහස් දක්වා තිබේ.

jacqueline-fernandez-moving-in-with-her-boyfriend-in-juhu