padukka-accident

පාදුක්ක ලියන්වල ප්‍රදේශයේ දී අද අළුයම චීන ජාතිකයින් පිරිසක් රැගත් මෝටර් රථයක් තවත් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.




චීන පිරිස ගිය වාහනය පාදුක්කේ සිට කොළඹ බලා ගමන් කිරීමේ දී වෙනත් වාහනයක් පසුකර යෑමට උත්සහ ගැනීමේ දී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී අනතුර සිදුව තිබේ.
පාදුක්ක ලියන්වල ප්‍රදේශයේ දී අද (22) අළුයම 6ට පමණ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් සහ පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.
අනතුරට පත් කාන්තාව හොරණ මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පිරිමි පුද්ගලයා පාදුක්ක දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් මෝටර් රථ දෙකටම බරපතළ හානි සිදුව ඇත.

රූප රාමු - අද දෙරණ