
●සම්පූර්ණ නම....?
''බුද්ධිමා උෂාධි හේවාමද්දුම ඇත්තටම මගේ උප්පැන්නේ නම නමුත් පුංචි කාලේ ළමා පිටියෙදි උෂාධි ඕෂධී බවට පත් උනා....''
●උපන් ගම....?
''උපන් ගම ඇත්තටම මම කොළඹ ඉපදුනේ...මාතරටයි බදුල්ලටයි දෙපැත්තටම මගේ නෑකම් තියෙනවා....''
●පාසල් ගියේ.....?
''මුලින්ම කොට්ටාව ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයට....ඊට පස්සේ කොළඹ විශාකා විද්‍යාලය....''
●පවුලේ විස්තර...?
''අම්මයි තාත්තයි මම පවුලේ එකම දරුවා.....''
●දැන් පවුල.....?
''දැන් පවුල මගේ මහත්තයයි මමයි අම්මයි තාත්තත් ඉන්නවා ඒ වගේම මගේ දරුවො දෙන්නා දුවයි පුතයි.....''
●පළවෙනි ටෙලිනාට්‍ය.....?
''පළවෙනි ටෙලිනාට්‍ය.....මිෂෙල් ෆොන්සේකා සහ සහත් ධර්මසිරි අධ්‍යක්ෂණය කරපු සැඩ සුළං....''
●දැන් මේ වෙනකොට ටෙලි නිර්මාණ කීයකට දායකත්වය ලබා දුන්නද....?
''65 ක් විතර.....''
●ලැබුණු ඇගයීම්,සම්මාන...?
''ජනප්‍රියම නිළිය සම්මාන,කුසලතා සම්මාන තව නිර්දේශවෙලා තියෙනවා හොඳම සහය නිළිය සම්මානයට....ඒ වගේ ගොඩක් තියෙනවා....''
●ඔබේ ව්‍යාපාර තිබෙනවාද....?
''ව්‍යාපාර තියෙනවා....නිමි ඇඳුම් සහ FASHION සම්බන්ධ ව්‍යාපාර....තව මහත්තයාගේ ව්‍යාපාර තියෙනවා ඒවටත් සහයෝගය දක්වනවා....''
●ඔබ නිෂ්පාදනය කරපු නිර්මාණ....?
''නිෂ්පාදනය කරා ඇත්තටම මමයි මගේ මහත්තයයි දෙන්නම එකතු වෙලා...එකක් ශ්‍රියානි අමසේන මහත්මිය අධ්‍යක්ෂණය කලා ඒක ලංකාවේ ඉතාලියේ දෙකේම රෑගත කිරීම් කලා...ඊළඟ එක තුෂාරී අබේසේකර මහත්මිය අධ්‍යක්ෂණය කරපු අසමජ්ජාතියා කියන ටෙලිනාට්‍ය..... ''
●දේශපාලනයේදී ඔබ ආසාර්ථකයිද...නැත්තම් වැරදුනාද....?
''එකපාරක් ඡන්දය පැරදුනා කියලා මම හිතන්නේ නෑ ඒක අසාර්ථකයි කියලා....මම අවුරුදු 5ක් වගේ කාලයක් තමයි ක්‍රියාකාරී දේශපාලනයක නිරත වෙලා හිටියේ...ග්‍රාමීය දේශපාලනය ගැන මට ලොකු අවබෝධයක් තිබ්බේ නෑ මොකද මම හිටියේ ජාතික දේශපාලනයේ...එකක් මට ලැබුනේ බදුල්ල දිස්ත්‍රික්කය...කොළඹට වඩා සිතුම් පැතුම් වෙනස් ජනතාවක් වෙසෙන්නේ ඔවුගේ අවශ්‍යතා වෙනස්...අනිත් එක තමයි මාව එකපාරටම වැටුනේ මහ මැතිවරණයකට පාර්ලිමේන්තු මැතිවරණයකට....ගොඩක් අය එන්නේ නගර සභා ප්‍රාදේශීය සභා එක්ක එතකොට ඒ අද්දැකීම් එක්ක කෙනෙක්ට අතන ළඟා කරගන්න හරි පහසුයි...මට එක පාරටම දැම්ම මාව නිකං කරකවලා අතඇරියා වගේ උනා...නමුත් මම ලොකු උත්සහක් දැරුවා...මම සතුටු වෙනවා මම ගත්ත මනාප ප්‍රමාණය පිළිබඳව මොකද බදුල්ලට මම නෑකම් කිව්වට බදුල්ලේ හිටයෙ නෑනේ මම ඇත්තටම...එහෙම වෙලා ඒ වගේ මනාප ප්‍රමාණයක් ලැබීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා... ''
●දේශපාලනය නිසා ඔබට සිදු වෙච්ච ලොකුම විවේචනය මොකක්ද...?
''හුඟක් විවේචන තියෙනවා ...ඇත්තටම මම කළාකාරිනියක් හැටියට මම මගේ නමට හානියක් කරගත්ත කෙනෙක් නෙවෙයි...මම ගෞරවනීය විදිහට හිටිය කෙනෙක්..අදටත් මම හොඳ පවුල් ජීවිතයක් තියාගෙන ඉන්න කෙනෙක්...ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලනයට සම්බන්ධ උනාම විරුද්ධ පක්ෂ වල අය මට මඩ ගහන්න ගත්තා...හැබැයි ඔවුන්ට කිසිම විටෙක මගේ චරිතයට මඩ ගහන්න බෑ අදටත්....ගොඩක් අය ගහන්නේ මගේ භාහිර රූපයට...මගේ හමේ පාටට ඒ වගෙ බොහොම බාල බොලඳ දේවල් වලට තමයි මඩ ගහන්නේ...මුලදි මම පොඩ්ඩක් සැලුනත් මගේ සැමියා කියපු දෙයක් තමයි මොකක්ද මේ ඕවා ගණන් ගන්න ඕනද හමේ පාටට ගහනවා කියන්නේ විහිළුවක්නේ ඒක ගැන ඔයා හිතන්න එපා ඒක එච්චර ගණන් ගන්න එපා කිව්වා...දැන්නම් ඒකමට සාමාන්‍ය දෙයක්...''
●ඔබ අවසන් වරට රූගත කිරීම් වලට සහබාගි වෙච්ච නාට්‍ය මොකක්ද....?
''අවසානයට මම සිනමා නිර්මාණ කීපයකට මම සම්බන්ධ උනා...ටෙලිනාට්‍යක් ගත්තොත් මගෙම නිෂ්පාදනයකට තමයි සහභාගි උනේ....''
●ඔබ සෑහෙන කාලෙක ඉදන් මේ ක්ෂේත්‍රයේ ඉන්නවානේ...
''ඔව්....2004 ඉදන්...අවුරුදු 17 ක්...''
●මුලින්ම ටෙලිනාට්‍යක හිටිය ඕෂදී සහ ඔබ දැන් ඉන්න ඕෂදී ගැන මොකක්ද හිතෙන්නේ...
''රංගනයෙන් මම හිතනවා මම යම් තැනකට ඇවිත් ඉන්නවා කියලා...සහ අද්දැකීම් එක්ක,ඒ කාලේ වයස එක්ක බොහෙම තරුණ බොලඳ චරිතනේ අපිට කරන්න ලැබෙන්නේ...මට ගොඩක් ඒ අතර විවාහ වෙන්න කලින් ඉදලම මව්වරුන්ගේ චරිත පවා රඟපාන්න ලැබුනා...ඒ වගේම මම අහිංසක චරිත විතරක් නෙවෙයි රඟපෑවේ විවිධ පරාස වලට යන්න පුළුවන් චරිත මට ලැබුනා ඒක මට ලැබුන වාසනාවක්...ඒකත් එක්ක මම හිතනවා මෑත කාලයේ මම රංගනයට දායක උනා අඩුයි අවුරුදු 5 ක් 6 ක් කාලය ඇතුලත ගත්තොත් ඊට කලින් මම ගොඩාක් රඟපෑවා....ඒකට හේතුව මමහිතන්නේ මේ අපේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය වෙනස් උනානේ ඒ වෙනසත් එක්ක අපි ටෙලිනාට්‍ය වලින් ඈත් උනා...මම ඒ රැල්ල ඕන කමින්මට පසු කලා මොකද මම ඒ රැල්ලට කැමති නෑ...ඒකට හේතුවක් තියෙනවා මේ රැල්ල ගැන කතා කලොත් MEGA රැල්ල ගත්තොත් මුලින්ම පටන් ගත්ත කාලේ කෙනෙක් තමයි මම...කාව්‍යා කියන ටෙලිනාට්‍ය MEGA ගණයට අයිති වෙනඑකක්....ඒ කාලේ තමයි මම කාව්‍යා රඟපෑවේ....එතකොට මේ ලංකාවෙ MEGA කියන එකක් හිතලවත් නෑ ලංකාවේ ඒකෙන්ම මට එපා උනා MEGA කියන දේවල්.....මම අවුරුද්දක් රඟපෑවා ඒකේ මටදැනුන දෙයක් තමයි පුද්ගලිකත්වයක්වත් නෑ...අඩුම තරමින් මමවිවාහ වෙලා honeymoon යන්නවත් වෙලාවක් හම්බුනේ නෑ...අන්තිමට මම ඒකේන් මගදි ඉවත් උනා...ඒකත් එක්ක මම තේරුම් ගත්ත දෙයක් තමයි ආයිත් මම MEGA ටෙලිනාට්‍ය වලට යන්නේ නෑ කියන එක....හැබැයි දැන් මම දකින MEGA ටෙලිනාට්‍ය එක්ක බලනකොට මම රඟපාපු කාව්‍යා තියෙන්නේ ගොඩාක් උඩ...ප්‍රමිතියක් වශයෙන්...එකක් ඒකට ඉන්දිය නිර්මාණකරුවන් සහයෝගයෙන් වැඩ කලා...රාධිකා සරත්කුමර් ඉන්දියාවේ ඉන්න බොහොම දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිෂ්පාදකවරියක් ඇය තමයි ඒකට නිෂ්පාදනයෙන් දායක උනේ...අධ්‍යක්ෂකවරයා ඉන්දියන් එක්කෙනෙක්...makeup artist ඉන්දියාවෙ කෙනෙක්...ඔවුන්ගෙන් ලබාගත්ත දේවල් ඉතාම ඉහලයි....මමකියන්නේ MEGA වැරදි කියන එක නෙවෙයි...MEGA ටෙලිනාට්‍යක් කලාට කමක් නෑ යම් ප්‍රමිතියකට...බහුතරක් ඒවා වල ප්‍රමිතිය නැති එක තමයි තියෙන ප්‍රශ්නේ...''
●ඔබේ ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ හිටිය කාලය මතක් වෙද්දි අද මොකද හිතෙන්නේ.....?
''ජනප්‍රියත්වය කියන එක හැමදාමත් තියෙන්නේ නෑ...ජනප්‍රියතම නිළිය සම්මානයත් මම අරගත්තා...උපරිම ජනප්‍රියතවයේ මම ඉදලා තියෙනවා...ඒ ඉන්න කාලයේම තමයි මම විවාහ උනේ...''
●ඒක ඔබට අවාසියක් උනෙ නැද්ද..?
''ඕක මගෙන් ගොඩක් අය ඇහුවා...2004 මම ක්ෂේත්‍රයට ආවා 2007 වෙද්දි මමවිවාහ උනා අවුරුදු 22 මම විවාහ වෙනකොට...මම හිතනවා මම අදටත් ගත්ත හොඳම තීරනේ කියලා...මොකද ජනප්‍රියත්වය කියන එක හැමදාම තියෙන්නේ නෑ...මම විවාහ උනත් නැතත් මේ වෙද්දි ඒ කාලේ තිබ්බ ජනප්‍රියත්වය නැති වෙන්න පුළුවන්...නමුත් විවාහය තාමත් හොඳට තියෙනවා ඒක තමයි ඉතුරු වෙන්නේ කවදාහරි....''
●ලංකාවේ රංගන ශිල්පිණියන්ට සමේ වර්ණය බලපානවද...?
''රංගන ශිල්පිණියන්ට සමේ වර්ණය බලපාන්නේ නෑ...සමේ වර්ණය කියන එක ලංකාවේ නෙවෙයි ලොකේ පුරාම සමේ වර්ණය කියන එක බලපාන්නෙ නෑ...කළු හම තියෙන අයත් ඉන්නවා...''
●ලංකාවේ කාන්තාවෝ මේ සමේ වර්ණය ගැන හරි උනන්දුයි නේද...?
''ඒක මම දන්නේ නෑ ඇයි කියන්න...මගේ සමේ වර්ණය වෙනස් උනේ පුද්ගලික හේතුවක් මත...රැල්ලට සමේ වර්ණය වෙනවස් කරගත්ත කෙනෙක් නෙවෙයි මම...මට අනිත් පැත්තෙන් පහර ගහනවා වගේම යටින් අක්කේ සුදු වෙන්නේ කොහොමද කියලා අහන පිරිසක් සෑහෙන්න ඉන්නවා...මට ඒ අයට දෙන්න උත්තරයක් නෑ ඇත්තටම...එහෙම බලෙන් සුදු වෙන්න හදන්න එපා,හොඳ හමක් පවත්වාගෙන යන්න,පිරිසිදු හොඳ පැහැපත් සමක් ලස්සනට ඉන්න අපි කවුරුත් කැමති...ලස්සනට ඉන්න හැබැයි ඕනවට වඩා දඟලන්න එපා කියන එක මම හැමෝටම කියනවා....සමහරු හිතන්නේ මම මේ බොරු කියනවා කියලා...තමන්ට ලැබෙන විදිහ බාරගන්න එක තමයි හොඳම දේ...''
●අපි දැක්කා පසුගිය කාලේ ඔබ ඔසුපැන් වගා කිරීම සම්බන්ධයෙන් සෑහෙන්න කර්තව්‍යක් කලා මොකක්ද වර්තමාන තත්වය ඒ සම්බන්ධව..?
''මම මේක පටන් ගත්තේ 2020 අවුරුද්දේ පෙබරවාරි 14...valentines day එකේදී...ආදරයට ජීවයක් කියන තේමාව යටතේ....ඔසුපැල රෝපන වැඩසටහනක්...මේකේ ආරාධිත අමුත්තා හැටියට සම්බන්ධ උනෙ අපේ ගරු අග්‍රාමාත්‍යතුමා....හැබැයි එතකොට මම ඒ අවුරුද්දේ ඡන්දෙ ඉල්ලන නිසා ගොඩක් අය හිතුවා මේක මගේ දේශපාලන campaign එක පටන් ඇරගෙන කියලා...ඒක පටන් ගන්න ලොකුම හේතුව උනෙ ඒ වෙද්දි ලංකාවට කොවිඩ් ඇවිත් තිබුනෙ නෑ...හැබැයි ලෝකයේ කොවිඩ් පටන් අරගෙන තිබ්බා...ඒ රටවල ඉන්න මගෙ යාළුවෝ කිව්ව දේයක් තමයි අපිට පරිස්සම් වෙන්න අපිත් මෙහෙ ඔළුව උස්සලා ඉන්නේ අපේ කොත්තමල්ලි වෙනිවැල්ගැට ටිකට පින්සිද්ද වෙන්න කියලා...ඒ දවස් වල ගස් වවන එක රැල්ලක් පටන් ගත්තා...හැබැයි ඔසු පැල ගැන කවුරුත් කතා කලේ නෑ...මම කල්පනා කලා මම පටන් ගන්නවා ඔසුපැල රැල්ලක්....මේක විශේෂයෙන්ම රැල්ලක් පටන් ගන්නකොට තරුණ පරම්පරාවට තමයි අපි ආමන්ත්‍රණය කරන්න ඕන....එතනදි මම හිතුවා මේකට හොඳම දවස valentines day එක කියලා....තමන්ගේ ආදරවන්තියට ආදරවන්තයාට valentines day එකට රෝස මලක් වෙනුවාට ඔසු පැලයක් දෙන්න...ඒක ගෙදර ගිහින් හිටවලා ඒකට සාත්තු කරනකොට තමන්ගෙ ආදරයත් ආරක්ෂා වෙනවා...ඒක ආදරේ සංකේතයක් විදිහට පවත්වගන්න පුළුවන්...ඒක තමයි මගෙ ඇත්තටම පරමාර්ථය උනේ....අනිත් දේතමයි හිත් වල තියෙන වටිනාකම...අපේ ලංකාවේ බටහිර ආක්‍රමණයත් එක්ක ඉස්සර අපේ තිබ්බ දේවල් නැති උනා...ලංකාවේ තිබ්බ ඔසු පැල හානි බවට පත් උනා...මම මේ කියන දේ මොන විදිහට ගනීද දන්නේ නෑ...ඇත්තටම ගංජා පැලය කියන්නේ අපි ගංජා කිව්වම දැන් මේ වෙද්දි මත්ද්‍රව්‍යක් විදිහටනේ සලකන්නේ...නමුත් අද දේශීය වෙදකමට ගංජා භාවිතා කරනවා...ගංජා කියන්නේ ඒ කාලේ ශක්තිය වඩවන ඖෂධයක්...මම දකින්නේ සුද්දගේ ආගමනයත් එක්ක සුද්දා තමයි මේක තහනම් දෙයක් බවට පත් කලේ...මේ වගේ ඔසු පැල ගොඩක් තියෙනවා...අපේ තරුණ පරම්පරාව ගොඩක් ඔසු පැල හඳුනන්නේ නෑ...ඒවල තියෙන ප්‍රයෝජන හඳුනන්නේ නෑ...ඉස්සර අපි හැමදේටම දොස්තර හොයන්ගියේ නෑනේ ආච්චිලාගේ සීයලාගේ කාලේ....හැමෙදේටම අත් බෙහෙත් තිබ්බා...තමන්ට අවශ්‍ය ඔසු පැල වගා කරලා තිබ්බා තමන්ගේ වත්ත ඇතුලේ...දැන් අපි කොවිඩ් ගැන කතා කරනවා වසංගතයක්නේ...ඒ කාලේත් අපි දවස් 14ක් පැපොල සරම්ප වලට ගෙදර හිටියා...මේවා එන්න එන්න අපෙන් ඈත් උනා...මට හිතුනා මේවා අවශ්‍යයි අපේ රටට කියලා...අද ගොඩක් අයට තේරෙනවා ඇති මම එදා කතා කරපු දේ කොයිතරම් වටිනවද කියලා...අද දුම් අල්ලවා,කොත්තමල්ලි බොනවා,වෙනිවැල්ගැට බොනවා....මොනවද නොකරන්නේ.... ''
●ඔබේ නමත් ඈදුනා නේද කරාපිටිය වෛද්‍යවරයෙක් සම්බන්ධයෙන් කොවිඩ් සම්බන්ධයෙන් ඖෂධයක් නිර්මාණය උනා කියන තොරතුර මත...මොකක්ද උනේ ඇත්තටම...?
''කරාපිටිය වෛද්‍ය සම්පත් ගුණවර්ධන කියන්නේ මගේ සැමියාගේ හොඳම හිතවතෙක්...doctor ගැන කතා කලොත් doctor ඇමරිකාවේ Humanergy සම්බන්ධ පර්යේෂණ පවත්වලා ඇමරිකාවේ පස් හය වතාවකට වැඩිය ගිහින් ඒ පිළිබඳව ලෝකේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට දේශන දෙන කෙනෙක් Humanergy සම්බන්ධයෙන්...ඔහු විවිධ පර්යේෂණ කරන කෙනෙක්...මගේ සැමියත් doctorඑක්ක වරක් ඇමරිකාවට ගිහින් තියෙනවා...ඒ දේවල් මගේ සැමියා ඇහෙන් දැකලා තියෙනවා...එතුමාගේ වටිනාකම මගේ මහත්තයා දන්නවා...දෙවනි රැල්ලෙන් පස්සේ doctorකිව්වා මම කොවිඩ් සුවවෙන බෙහෙතක් නිෂ්පාදනය කරලා තියෙනවා මේක ටිකක් බීලා බලන්න කියලා මුලින් පරීක්ෂා කරන ගොඩේ මගෙ මහත්තයත් හිටියා...අපි ඔක්කොම බිව්වා මේක...මේක කරලක් කොවිඩ්ම නෙවෙයි හෙම්බිස්සාවක් ආවත් අපි ඒ කරලක් පිවිච්චියට ගත්තා...ඇත්තටම අපිට ඒකෙන් සහනයක් තිබ්බා...මට කොවිඩ් හැදිලා නැති උනාට මට විශ්වාසයක් තිබ්බා මේකෙන් ශරීරයට දෙයක් වෙනවා කියන එක මට විශ්වාසයක් තිබ්බා...ඒ වෛද්‍යවරයාගේ අයියා ගැන කතා කලොත් doctor නන්ද ගුණවර්ධන ආචාර්යවරයෙක්... රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියකත් තියෙන පේරාදෙණිය research unit එකේ director කෙනෙක්...නව සොයාගැනීම් කණ්ඩායම් වල හිටපු කෙනෙක්...ඔහුත් ඉන්නවා මේ කරල හොයාගැනීමේ එක තැනක....doctor සම්පත් ගුණවර්ධනයි,doctor නන්ද ගුණවර්ධනයි තවත් MBBS doctor ලා දෙන්නෙක්...මට අවිශ්වාස කරන්න හේතුවක් නෑ...මීට කලින් අපි පැණියක් ගැන කතා කලානේ මම දන්නේ නෑ පැණිය හොඳද නරකද කියලා මම ඇත්තටම පැණිය බීලා නෑ...කොටසක් කියනවා පැණිය හොඳයි කියලා සමහරු ඒකට බනිනවා..පැණියට ආවා මූලිකම චෝදනාව තමයි පැණිය නිෂ්පදනය කරපු ධම්මික මහත්මයා කපු මහත්තයෙක් වෙද මහත්තයෙක් නෙවෙයි කියන එක...මෙතනදි අපිට ඒ චෝදනාව නගන්න බෑ මේකට සම්බන්ධ වෙලා ඉන්න හතරදෙනාම ඒ විද්‍යාව සම්බන්ධ qualified....එතකොට අපිට අවිශ්වාස කරන්න කිසිම හේතුවක් නෑ...ඒකත් එක්ක තමයි මම ඒ වෙනුවෙන් පෙනීහිටියේ...හුගක් අය හිතුවා අපි branding කරනවා කියලා...''
●ඔබ මේ සඳහා පෙනී හිටින්න කීයක් අය කලාද...?
''රුපියලක්වත් නෑ...මම වගකීමෙන් කියන්නේ...මම මුදල් අරන් පෙනී හිටිය දේවල් තිබ්බා ඉස්සර...යම් යම් රූපලාවන්‍ය නිශ්පාදන අපි ගොඩක් ඒවාට පෙනී ඉදලා තියෙනවා...කලාකාරිණියක් විදිහට මට අයිතිය තියෙනවා...හැබැයි මම ඉතිහාසයේ කවදාවත් ශරීරයට අහිතකර දේවල් වලට පෙනී හිටලා නෑ ඒ මුදල් අරගෙන පෙනී හිටපු ඒවා පවා භාවිතා කරලා අද්දැකීම එක්ක තමයි පෙනීහිටලා තියෙන්නේ....මුදල් දුන්නා කියලා මම පාවිච්චි කරන්නේ නෑ...ඒ වගේම තමයි සමාජයට අහිතකර දේවල් වලට මම මෙච්චර කාලෙකට මුදල් අරගෙනවත් පෙනී හිටලා නෑ...අපේ රටේ අදටත් වස විස සහිත කිරි පිටි වර්ග තියෙනවා...මට ආරාධනා ලැබිලා තියෙනවා මගේ දරුවා එක්ක ඒ වෙනුවෙන් පෙනී හිටින්න කියලා මම ගිහින් නෑ මට ලක්ෂ ගණනින් ගෙවන්න ඔවුන් කතා කරලා තියෙනවා...ඒ මොකද මට හිතට එකඟව කරන්න බෑ...මට දරුවෙක් ඉද්දි මම කොහොමද දැන දැන රටේ අනිත් දරුවන්ට වස විස පොවන්නේ....ඒ වගේ ගොඩක් දේවල් මම අතඇරලා තියෙනවා...ඒ නිසා මම මේක ගැන ඉදිරිපත් උනේ මේක ගැන තියෙන විශ්වාසය නිසයි...අපේ රටේ බටහිර වෛද්‍යවිද්‍යාව,ආයුර්වේද වෛද්‍යවිද්‍යාව,හෙළ වෙදකම කියලා තුනක් තියෙනවා...හුඟක් අය පටලවගන්නවා ආයුර්වේද වෛද්‍යවිද්‍යාවයි හෙළ වෙදකමයි... ආයුර්වේද කියන්නේ අපිට අයිතිදෙයක් නෙවෙයි...ආයුර්වේද කියන්නේ ඉන්දියාවෙන් අපිට ආපුදෙයක්...නමුත් හෙළ වෙදකමකියන්නේ අපේ රටේ අවුරුද් 2500කටත් එහා ගිය ඉතිහාසයක් තියෙන රාවණාගේ කාලයේ ඉදන් පැවතගෙන එන දෙයක් කියලා හෙළවෙදකම... ''
●ඕකේ ගැටළුව උනේ ඕෂදී පසුව සොයාබලපු වෙබ් මාධ්‍යවේදියෙක් කල ලිපියත් එක්ක විශේෂයෙන් ඔහු සදහන් කරලා තිබ්බ දෙයක් තමයි වෛද්‍යවරයා හම්බුනාම නිසි පිළිතුරු ලබා දුන්නේ නෑ,ඔබවත් දුරකථන මාර්ග වලින් සම්බන්ධකරගන්න උත්සහ කරනවා පසුව....?
''මට කතා කලා...ඒ වෙලාවේ ඔහු චෝදනා වගයක් නැගුවා...මම දැනුවත්වනම් එහෙම නෑ ඉන්න මම doctorගෙන් අහලා කියන්නම් කියලා....ඊටපස්සේ මට doctorම කිව්වා කතා කරන්න යන්න එපා ඒ අයත් එක්ක,ඒ අයට උත්තර දීලා තේරුමක් නෑ කියලා...වැදගත් නාලිකාවකට හරි නිල මධ්‍යකට හෝ නිළ පුවත් පතකට වගේනම් මමබය නැතුව උත්තර දෙනවා හරි හමන් registration එකක් නැතුව කරන මාධ්‍යවේදීන්ට වැඩක් නෑ අපි උත්තර දීලා...gossip හොයන මාධ්‍ය වේදීන්ට ඇත්තටම උත්තර දීලා වැඩක් නෑ...මේ රටේ පවතින විද්‍යුත් මාධ්‍ය නාලිකා තියෙනවනේ ඒ ඕන එකකින් මගෙන් ප්‍රශ්න කලෝත් මම බැඳිලා ඉන්නවා... ''
●ඔවුන් මතු කරපු දෙයක්නෙ කිසිම තැනක මෙය ඖෂධයක් විදිහට ලියාපදිංචි වෙලා නෑ කියන එක...?
'' ඖෂධයක් විදිහට මේ වෙනකොට ලංකාවේ ලියාපදිංචි කරන්න බෑ....අවුරුදු දෙකක clinical research,clinical trial අවශ්‍ය වෙනවා ඖෂධයක් ලංකාවේ ලියාපදිංචි කරන්න...ඒක මේ ලංකාවේ තියෙන නීති රාමුවත් එක්ක...එතකොට මේ කොවිඩ් වලට අවුරුදු දෙකක් අපිට clinical trialකර කර ඉන්න පුළුවන්ද...ප්‍රායෝගික නෑනේ හැබැයි මේක ආහාරයක් විදිහට අනුමත වෙලා තියෙනවා...ශරීරයට අහිතකර නෑ කියන එක...මම මේක හැමතිස්සෙම කියන දෙයක් තමයි මේ කරල කොවිඩ් සුව කරගන්න හොඳ කරලක්...මේක ඖෂධයක් කියන්නේ නැ මම...අපි කියනවනේ තිබ්බටු තලන බටු කන්න කොවිඩ් වලට හොඳයි කියලා එහෙමන්ම් ඒවත් තහනම් කරන්නඕන...ඒ වගේ මේ කියන කරලත් පිවිච්චියට ගන්න සුව වෙනවා...මේ වෙද්දි කොවිඩ් positive වෙච්ච රෝගීන් 300කට අධික පිරිසකට ලබා දීලා,සුවවෙච්ච කරලක්....මේ පිළිබඳ ශාක්ෂි සියල්ලක්ම doctor අතේ තියෙනවා...මගේ අතේ නෑ මොකද මම වෛද්‍යවරයෙක් නෙවෙයිනේ... ''
●මේ සම්බන්ධයෙන් ඔබට යම් නීතිමය ගැටළුවක් උනාද...?
''නැහැ...කිසිම නීතිමය ගැටළුවක් නැහැ....නීතිමය ගැටළුවක් වෙන්න හේතුවක් නෑනේ...මම කුඩු විකුණුවා නෙවෙයිනේ...මම කුඩු ගැන කතා කලා නෙවෙයිනේ...මම දකින්නේ නෑ ඒකේ නීතිමය ගැටළුවක්....''
●මේ වෙනකොට රටේ තියෙන ප්‍රශ්ණයක් තමයි කොම්පෝසට් පොහොර මම හිතන්නේ ඔබ මේ සම්බන්ධව කතා කරන්න කැමති මාතෘකාවක් කියලා කිව්වා ඔබ...?
''මම ඡන්දේ ඉල්ලපු වෙලාවේ මම දුන්න පොරොන්දුවක් තමයි මේ කාබනික පොහොර වගාව හදුන්වාදෙනවා කියලා බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවි මහතුන්ට...මට හිතෙනවා මම දීපු පොරෝන්දු ඒ අයට අවබෝධ නොවුනද කියලා...මගෙ record කරපු ඡන්ද කතන්දර ඇති ඒ දවස් වල මම සාමාන්‍යයෙන් කරන දේශපාලන කතා නෙවෙයි කලේ...මම කලේ ඒ දිස්ත්‍රික්කයට අවශ්‍ය සහ ඒ දිස්ත්‍රික්කය වෙනස් කරන විදි...ඒ මිනිස්සු ධරිද්‍රතාවයේන ඉවතට ගන්නේ කොහොමද,කාන්තාවන්ගේ ස්වයං රැකියා ව්‍යාපාර මොනවද,බදුල්ල දිස්ත්‍රික්කය කියන්නෙ කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක්...ඒ දිස්ත්‍රික්කයකොහොමද වස විස නැතුව දියුණු කරන්නේ කියන දේ තමයි මගේ තිබ්බේ ....මම එදා ඉදන්ම වස විස නැති ගොවිතැනට හරි කැමති...ලංකාවේ ඉන්න වැඩි හරියක් ලෙඩ්ඩු බවට පත්වෙලානේ...දවසට පිළිකා රෝගීන් කීයක් වාර්තා වෙනවද බලන්න...මේ වගේ හුඟක් දේවල් තියෙනවා...retinoblastoma කියලා අක්ෂා පිළිකාවක් තියෙනවා..සතියට ළමා රෝහලේ දරුවන් දෙන්නෙක්ගේ තුන්දෙනෙක්ගේ ඇස් අයින් වෙනවා කියලා දන්නවද...පූර්ණ අන්ධභාවයට දරුවෝ දෙන්නෙක්ගේ තුන්දෙනෙක්ගේ අයින්වෙනවා...මේ දරුවො ඉපදුන දවසේ ඉදලා මාස තුනක් ඇතුලත දරුවෝ...සතියට අපි දෙන්නෙක් ගත්තොත් මාසෙට දරුවො 8 දෙනයි...අවුරුද්දට 96යි..අපේ අනාගත පරම්පරාව පූර්ණ අන්ධභාවයට පත්වෙනවා...මුලින්ම එක ඇහැක ඒක වෙනවා වෛද්‍යවරුන්ට සිද්ද වෙනවා ඒක මොලේට යාම වලක්වගන්න ඒ ඇහැ අයින් කරන්න වෙනවා ටික දවසකින් අනිත් ඇහැටත් යනවා ඒ ඇහැත් අයින් කරන්න වෙනවා....ඒ දරුවා ජීවත කාලයම පූර්ණ අන්ධාභාවට පත්වෙනව...ඒ වෛද්‍යවරුන්ගේ මානසිකත්වය මොනවගේ ඇත්ද...මේක අපේ රටේ ඇත්ත තත්වේ...මේවා එළියට එන්නේ නෑනේ....ඇයි මේකට හේතුව...මේ දරුවන්ගෙන් 85%කට වැඩි මව්වරුන් රසායනික පොහොර භාවිත කරන ගොවිපවුල් වල මව්වරුන්...රසායනික පොහොර තමයි 85%කට වඩා මේ තත්වෙට හේතුව වෙන්නේ...හදුනානොගත් වකුගඩු රෝගය...මහියන්ගනය,ගිරාදුරුකොට්ටේ,මහවැලි සී කලාපය වගේ ප්‍රදේශවල වකුගඩු රෝගයෙන් පීඩා විදිනවා අවුරුදු දෙකේ දෙකහමාරේ දරුවෝ...මේකට ප්‍රධානම හේතුව මේ වෙද්දි හොයාගෙන තියෙනවා මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා වර්තමනයේ ඇමතිවරයෙක් මේකට ප්‍රධානම හේතවා වෙන්නේ රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය..මේ වෙද්දි ලෝකයේ බයානකම රෝග අතරින් 12වෙනි තැනට තියෙන්නේ ප්‍රතිජීවක ප්‍රතිරෝදය...ඒ කියන්නෙ අපේ රටේ අපි පුරුදු වෙලා ඉන්නවා හෙම්බිරිස්සාවක් හැදුනත් අපි පුරුදු වෙල ඉන්නවා antybiotyk එක...මම විශ්වාසයක් කරන දෙයක් තමයි අපේ රටේ සංස්කෘතික විප්ලවයක් ඇතිවෙන්න ඕන කියන එක...සංස්කෘතිකවෙන්න ඕන අංශ තුනක් තියෙනවා...media culture , agriculture,food culture...media culture කියන එකට අපි දේශීය ඖෂධ වලට මීට වඩා තැන දෙන්න ඕන...බටහිර වෛද්‍ය විද්‍යාව වැරදි කියනවා නෙවෙයි...ඒකෙන් ගොඩක් දේවල් සිද්ධ වෙනවා...නමුත් අපිට දේශීය ඔසු හරහා කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා...නැවතවතාවක් ඒ දේවල් අපි එළියට ගන්න ඕන...food culture එක් මේ aflatoxin වගෙ දේවල් නැති කරලා හරි ආහාර පැවැත්මක් පවත්වාගෙන යන්න ඕන...agriculture එක තමයි මේ රසායනික පොහොර කෘමිනාශක පොහොර භාවිතය ඉවත් කරලා කාබනික් පොහොර වගාව පැත්තට පෙළඹෙන එක...ප්‍රතිජීවක ප්‍රතිරෝදය ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි රසායනික පොහොර කෘමිනාශක පොහොර භාවිතය...agriculture කිව්වම මේ farming අයිතී...අපි කන කුකුල් මස් කෑල්ලේ ඉදන් ගන්න එළකිරි ටික ඉදන් හැමදේම අයිති agriculture කියන දේට....කුකුල් පැටියා ඉපදුන දවසේ ඉදලා කුකුළා මරණ දවස වෙනකල් දවස ගානේ antybiotyk courseඑකක් දෙනවා කියලා දන්නවද...ඒක ගොඩක් අය දන්නේ නෑ... ඒ antybiotyk courseඑක දවස් තිස්ගානයි කුකුලා ජීවත්වෙන්නේ කියමුකෝ දවස් 30 ගානෙ ඒ antybiotykටික එක දවසින් අපි ඇඟට දාගන්නවා...එළදෙනට දෙනවා antybiotyk courseඑක...එළකිරි වල ඒ antybiotyk තියෙනවා...ඒවා තමයි අපි මේ ඇඟට දාන්නේ...අන්තිමට මේ ප්‍රතිජීවක කියන දේවල් ඇඟට වැදිලා වැදිලා අන්තිමට antybiotyk කියන ඒවා අපේ ඇඟට අහන්නේ නැති තත්වයකට පත්වෙනවා...ලෝකේ බයානකම රෝග වලින් තව අවුරුදු විස්සකින් පළවෙනි තැනට එන රෝගයක් තමයි Antibiotic resistance කියන එක...මොකද මිනිස්සුන්ට ප්‍රතිජීවක ප්‍රතිරෝදක කියන දේ අහන්නෙ නැති තත්වෙක පත්වෙනවා...මේකත් එක හේතුවක් මේන්න මේ...මම හිතපු දෙයක් තමයි අපි කාපුවට වඩා වසවිස අපේ දරුවන් කනවා...එතකොට පොඩි දරුවන්ට පවා පිළිකා තත්වයන් ඇතිවෙනවා...මේක වෙන්නෙ සම්පූර්ණයෙන්ම අපේ පැවැත්ම එක්ක වෙන්නේ...මම මේක දක්නේ බහුජාතික සමාගම් හරහා පැමිණි වසංගත වලට වඩා භයානකයි මේ දේවල්..මේක අපි දැන්වත් අවබෝධ කරගෙන දැන්වත් ඈත් වෙන්න ඕන...organic කියන එක දැන් trend එකක් වෙලා තියෙනවා...ඒවා මිල අධික නෑ මේ වෙනකොට එතනත් මම වැඩකරන්නේ වෛද්‍යවරු එක්ක..ඔවුන් මේ වෙනකොට හොයාගෙන තියෙනවා biogenic green technology කියලා තාක්ෂණයක්....අපි හිතන්නේ කාබනික පොහොර කිව්වම කොම්පෝස්ට් පොහොර කියලා.. කොම්පෝස්ට් නෙවෙයි කාබනික පොහොර කියන්නේ...මේ වෙනකොට අපේ පසේ ක්ෂුද්‍ර ජීවීන් සම්පූර්ණයෙන් මැරිලා තියෙන්නේ..රසායනික පොහොර නිසා....කාබනික පොහොර කියන්නෙ පාංශු සත්කාරයක්.සපට ස්වාභාවිකව ක්ෂුද්‍ර ජීවීන් නිර්මාණය කරලා ඔවුන් ඒ ක්‍රියාවලිය සිදු කරනවා...මේ හරහා තමයි ශාකයට පොහොර ලබා දෙන්නේ...අපේ එප්පාවල phosphate අයතනයක් තියෙනවානේ phosphate අයතනය මේ වෙනකොට අපි phosphateකඩලා එප්පාවල phosphateඑකෙන් rock phosphate විදිහට තමයි අපි ආයතන වලට ලබා දෙන්නේ...එතකොට පුද්ගලික ආයතන වලින් මේක පසට සුදුසු විදිහට යොදාගන්න sulfuric අම්ලය යොදාගෙන තමයි මේ phosphate එක නිර්මාණය කරන්නේ.. sulfuric අම්ලය කියන්නේ කොයි තරම් සැර අම්ලයක්ද කියලා අපි දන්නවා..වෙනත් රටවල් වලින් අපි ආනයනය කරනවා sulfuric අම්ලය යොදා ජීරණය කරන ලද phosphate මේක වෙනුවෙන් ඒකට යොජනාවක් අපි ඉදිරිපත් කලා ක්ෂද්‍ර ජීවීන් හරහා මේ phosphateඑක bio phosphate එකක් ස්වාභාවික විදිහට පසට දැමීමට සුදුසු විදිහට නිර්මාණය කරන්න...කරන්නඅය ගොඩක් ඉන්නවා මේ ලංකාවේ...අපේ රටේ තියෙන භයානකම මාෆියාව තමයි ඖෂධ මාෆියාව සහ පොහොර මාෆියාව...අපේ රටේ කරන දෙයක් නෙවෙයි වෙන රට වලින් බහුජාතික සමාගම් වලින් පාලනය කරනවා..මේකත් එක්ක හැප්පෙන්න ටිකක් අමාරුයි...මටත් ඉස්සරහට තර්ජන එන්න පුළුවන් නමුත් මම අම්ම කෙනෙක් විදිහට මට බෑ මේ රටේ අනිත් දරුවන්ට වස කවන්න... ''
●දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට මේ දරුවන් සමාජයට මුදාහරිනකොට සමාජ සංසිද්ධි එක්ක කොයිවගේ අභිගෝයකටද මුහුණ දෙන්නේ...?
''අදකාලේ අහන්න ලැබෙන දේවල් එක්ක දරුවන්ට වෙන හානි..ළමා අපචාර,ළමා හිංසනය මේ වගේ දේවල් වාර්තා වෙනවා...ගොඩක් වෙලාවට මේ දරුවෝ හිංසනයට ලක්වෙන්නේ අපචාරය වෙන්නේ පිට අයගෙන්ම නෙවෙයි තමන්ගේ පවුලේ ඇතුලේ ඉන්න තමන්ගේ අයගෙන් එතකොට මම දකින දේ තමයි මූලික වශයෙන් දරුවට දැනුම ලබා දියයුතුයි...අපේ තියෙනවනේ අපේ තියෙන සංස්කෘතිය එක්ක හැමදේම දරුවන්ට හංගන ගතියක්..මම ඒක දකින්නේනෑ...අපි බටහිර සංසිකෘතියෙන් ගන්න ඕන හොද දේවල් තියෙනව නරක දේවල් තියෙනවා...දරුවන්ට මේ ලිංගික අවබෝධය කියන දේවල් අපි පුංචිකාලේ ඉදලම දෙන්න ඕන...මහ ලොකුවට නෙවෙයි...මගේ පුතාට අවුරුදු 8යි...මගේ පුතාට මම අවබෝධ කරලා දීලා තියෙනවා තමන්ගේ රහස් තැන් තව කෙනෙක්ට අල්ලන්න දෙන්න හොද නෑ කියලා...good touch,bad touch මොනාද කියලා තියෙන්නේ...තව කෙනෙක් ඉස්සරහ ඇඳුමක් මාරු කරන්න එපා,මට පුතෙක්නේ ඉන්නේ මට ලැඡ්ඡයිනම් මට පුළුවන් මගේ මහත්යා ලව්වා මේක කියන්න...ඒ අවබෝධය දෙන්න ඕන අපි...අපේ මේ තියෙන ආර්ථික තත්වය එක්ක දැන් මව්වරුන්ට ගෙවල් වලට වෙලා ඉදන් දරුවො රකින්න බෑනේ...මව්වරුන්ටත් දැන් රැකියාව කරන්න වෙලාතියෙනවා...සමහරක් වෙලාවට දරුවො මඟහැරෙන වෙලාවල් තියෙනවා..හැබැයි එහෙම කියලා දරුවා අනාරක්ෂිත කරන්න බෑ...ඒ වෙලාවට අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි දරුවා දැනුවත් කරන එක...දරුවා දැනුවත් කරලා හැමතිස්සේ දරුවා දැනුවත් කරන්න ඕන...මොකක්හරි දෙයක් උනෝත් දෙමව්පියන්ට කියන්න,පළවෙනි අවස්ථාවෙදි ලොකු දෙයක නෙවෙන්න පුළුවන් ඒ දේ දරුවා කිව්වම ඊළඟපාර අපි දන්නවා ඒ දේ නෙවෙන්නඒ කෙනාගෙන් දරුවා ආරක්ෂා කරගන්න...අන්න ඒක අපි පවත්වාගන්න ඕන,දරුවා දැනුවත් කරන්න...''
●පුතාට අවුරුදු 8යි දුවට අවුරුදු දෙකයි කොහොමද ඔවුන්ට phone,tab පාවිච්චි කරන්න දෙන්නේ..?
''මේ කොවිඩ් එකත් එක්ක අපේ පුතා තනිකර online ඉන්නේ...ඉස්කෝලේ වැඩ සේරම කරන්නේ online...මම පුතාට දීලා තියෙනවා වෙනම phone එකක් හැබැයි මම ඒක ගැන ඇහැ ගහගෙන ඉන්නේ...මම දාලා තියෙන data එක online class කරන්න පුළුවන් packege එකක් විතරයි...එයාට වැඩක්නෑ You tubeගිහිල්ලා,එයාට අවශ්‍යනම් tv එක බලන්න පුළුවන්...හැබැයි දුවට මම you tube එකේ baby songs දාලා දෙනවා එයාට ලොකු අවබෝධයක් නෑනේ....නමුත් පුතා දැන් යම් දැනුමක් එක්ක ඉන්නකෙනෙක්නේ...පුතා game එකකට හරි යනවනම් මම බලනවා මොකක්ද game එක කියලා...හැමතිස්සෙම අවබෝධයෙන් මම ඉන්නවා...නිකංහරි වෙනම කාබරේක එයා phone එක තියන් ඉන්නවනම් එයාට කාබරේ වහගෙන online class කරන්න දෙන්නේ නෑ...එයා ඉන්න ඕන අපිට පේන තැනක මේසයක් පුටුවක් තියාගෙන අපිටත් ඇහෙන්න තමයි online class එක කරන්නේ...මම නිතරම එතන ඉදගෙන ඉන්නේ නෑ මගේ පුතා තනියම සේරම කරගෙන යනාවකිසිම වදයක් නෑ නමුත් මට ඇහෙනවා මොනවද එතන උගන්නන්නේ මොනවද කරන්නෙ කියනඑක මට ඇහෙනවා...අපි හැමතිස්සෙම අවධානයෙන් ඉන්න ඕන මේ තත්වෙත් එක්ක... ''
●වර්තමානයේ කාන්තාවන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්ණ තුන හැටියට ඔබ මොනවද දකින්නේ...?
''කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්ණ ගත්තම වර්තමානය වෙනකොට කාන්තාවට ගොඩක් ආර්ථික ප්‍රශ්ණ තියෙනවා...මේ රට විතරක් නෙවෙයි ලෝකෙම ආර්ථික අතින් වැටිලානෙ දැන් තියෙන්නේ...කාන්තාවන්ටත් මේ ආර්ථිකයට දැන් දායක වෙන්න සිද්ධවෙලා තියෙනවා....හැමෝම ඉහළ අධ්‍යාපන මට්ටම් වල නෑ..ඒ කාන්තාවන්ට සිද්ධ වෙනවා එතකොට ස්වයං රැකියාවක් හෝ කරන්න...ඒක එකකාරණාවක්...අනිත් එක මම දකිනවා වර්තමානේ වෙනකොට සේ සමාජ මාධ්‍ය අවභාවිතාව එක්ක හුඟක් හිංසනයට ලක් වෙනවා...අපි හිතන්නේ කායික හිංසනය විතරයි හිංසනය කියලානේ .....මානසික වාචික හිංසන වෙන්න පුළුවන්....ඒ දේවල් වලට ගොඩක් කාන්තාවෝ ලක් වෙනවා...මම එහෙම ලක් වෙච්ච කෙනෙක්...හැමකාන්තාවක්ම මම වගේ strong නෙවෙන්න පුළුවන්...අපි දැක්ක ලෝක රෑ රැජින උනාම කැරොලයින් ජූරිට කිව්වේ මොනවද කියලා...අගය කිරීමක් නෙවෙයි සිද්ධ උනේ...ඇයට අපහස කලා සැමියට අපහස කලා....මම කියන්නේ මගේ හමේ පාට ගැන මට ප්‍රශ්ණයක් නැත්තම්,මගේ සැමියට ප්‍රශ්ණයක් නැත්තම් මේ බලන් ඉන්න අයට මොකක්ද තියෙන ප්‍රශ්නේ....බෙල්ල කපපු කාන්තාවට කියලා තිබ්බ දේවල් දැක්කද අපි දන්නේ නෑ මොකක්ද ඇත්ත නැත්ත කියලා...ඇය විවාහකයෙක් එක්ක සම්බන්ධයක් ඇති උනා ඒක සමාජ විරෝධී දෙයක් නමුත් එහෙම කියලා ඇයව පට්ටගහලා තිබ්බනේ ඇත්තම කිව්වොත්...අපිට අයිතියක් නෑ එහෙම කියන්න...නමුත් හරි කතාව දන්නේ ඒ දෙන්න විතරයි...අපි මේ සමහර comment දකිද්දි අවුරුදු 16,17 පිරිමි ළමයි data card එක දාගන්න සල්ලි ඉල්ල ගන්නේ තමන්ගේ දෙමව්පියන්ගෙන් ඒ දාගෙන මේ මොකක් හරි comment කරලා දානවා....සමහර අයට රැකියාවක් හොයාගන්න බෑ නිකං මේක කරකව කරකව ඉන්නකොට ඉන්නබැරි තැන comment දානවා...සමහරක් අයට ගෙවල් වලගොඩක් ප්‍රශ්ණ ඇති මේ අනුන්ගේ දේවල් වලට commentකරන්න යන වෙලාවේ තමන් හම්බ කරන්න විදිහක් තමන්ට රැකියාවක් ගැන හිතුවනම් එහෙමත් නැතිනම් තමන් දියුණු වෙන්න ක්‍රමයක් ගැන හිතුවනම් තමන්ගේ ප්‍රශ්ණ ටික විසඳගන්න එපැයි....අනුන්ගේ ඒවට අතදාන්න ඉස්සෙල්ලා....ඇත්තටම මුල් කාලේ අපි ඒ comment වලට සැලුනට දැන් දකිනකොට ඇත්තටම හිනා යනවා...මගේ හමේ පාට ගැන කියනසමහරු අනේ අංගසම්පූර්ණ කට්ටිය...සමහරුන්ව දැක්කම හිනා යනවා මට... ''
●ඔබ රංගන ශිල්පිණියක් විදිහට මොකද හිතෙන්නේ වර්තමානයේ ඉන්න ජනප්‍රිය චරිත වලට මේ social media වල හොඳincomeඑකක් හොයාගන්න පුළුවන්....මොකද හිතෙන්නේ ඒ කාලේ රංගනශිල්පිණියක් වෙච්ච එකද හොද මේ කාලේ ඉන්න ජනප්‍රිය නිළියන්ගේ ගොඩට වැටුනනම් හොඳයිකියලා ඔබට හිතෙනවද...?
''ආර්ථිකේ ගත්තොත් දැන් කාලේ අයට හොඳයි...නමුත් මම හදවතින්ම සතුටුවෙනවා ඒ කාලේ රංගන ශිල්පිණියක් වෙච්ච එක ගැන....යම් හරියක් එක්ක,අර්ථයක් ඒක්ක,වටිනාකමක් එක්ක ඉන්න මිය ගිය දවසක උනත් යම් වටිනාකමක් එක්ක මිය යන කෙනෙක් කියලා මම විශ්වාස කරනවා...දැන් කාලේ හොඳ අය ඉන්නවා නැත්තේ නෑ නමුත් දැන් මේ සමාජ මාධ්‍ය එක්ක සමහරු විහිළුවක් වෙලා තියෙන්නේ ....හොඳ incomeඑකක් නම් හොයනවා ඇති....හැබැයි incomeඑකෙන් වැඩක් නෑ....income එක ටික කාලයයි තමන්ගේ ලස්සන තරුණකම තියෙනම් විතරයි...හැබැයි අපි හදාගත්ත එකත්එක්ක අපි වයසට ගියත් වටිනාකම තියාගන්න පුළුවන්.... ''
●කවුද ඕෂදී හේවාමද්දුම කියන්නේ.....?
''කෙලින් කතා කරන කෙනෙක්,මට හොඳයි කියලා හිතෙන දේ වෙනුවෙන් මම ඕන වෙලාවක පෙනී සිටිනවා....මට වාසියක් තිබ්බත් නැතත් මම ඕන වෙලාවක මට හොඳයි කියල හිතන දේ වෙනුවෙන් පෙනී ඉන්නවා....හිතට එකඟව වැඩ කරන කෙනෙක්...මට මොන දේ ලැබුනත් වැඩක් නෑ හිතට එකඟ නැත්තම්..... ''
ළහිරු මුදලිගේ
Comments
Post a Comment
Your comment will be visible after approval