online-liquer-request

සුපිරි වෙළඳසල් හරහා ඔන්ලයින් ක්‍රමවේද‍ය ඔස්සේ පාරිභෝගිකයන්ට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇතැයි ඊයේ පැතිරගිය ආරංචිය අසත්‍යයක් බව  සුරාබදු දෙපාර්තමේන්තුව පවසා ඇති නමුත් එම යෝජනාව ගැන නැවත සලකා බලා තිබෙන අබව අද දින සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවසීය.
මේ ගැන යෝජනාවක් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන බව ඔහු පවසයි.


මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන්නැයි විවිධ පාර්ශවවලින් ඉල්ලීම් ලැබී ඇති නිසා එම නිර්දේශ හා නිරීක්ෂණ මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බවත් අනුමැතිය ලද පුස එම ක්‍රමය අරඹන්නට හැකි බවත් ඔහු පවසා ඇත.
පසුගිය මැයි 13 වනදා සිට දිවයින පුරා මත්පැන්සැල් වසා තිබේ.
සංචරණ සීමා හේතුවෙන් මත්පැන් අලෙවිසැල් මාසයකට ආසන්න කාලයක් වසා දැමීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1500 කට අධික පාඩුවක් සිදුව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසන අතර දිනකට සිදුවන පාඩුව රුපියල් කෝටි 50 කට අධික බව වාර්තා කර ඇත.
මෙම පාඩුව පියවා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස නව යෝජනාව ඉදිරිපත්ව ඇත.
කෙසේ වෙතත් මත්පැන් මිලට ගැනීමට අවසරය පවතින වයස් සීමාවන් නොසලකා කැමති කෙනෙකුට ඇණවුම් කර කැමති තැනකට මත්පැන් ගෙන්නා ගැනීමට මෙම ඔන්ලයින් ක්‍රමය හේතුවන නිසා එය අවදානම් සහගත බවට අදහස් පැතිර තිබේ.