
ඇමරිකාවට ගොස් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ දරිද්‍රතා තුරන් කිරිම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ලබන 23 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.
දිවයිනේ සංචරණ සීමා පැනවීමට ආසන්න කාලය තුළ පෞද්ගලික කාරණයක් සඳහා බවට පවසා ඇමරිකාව බලා පසුගිය මාසයේ දී පිටත්ව ගිය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසුව යම් යම් ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු පක්ෂයේ නායකයන් සහ ප්‍රබල ක්‍රියාකාරින් සමග සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමට නියමිතව ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval