පාස්කු ප්‍රහාරයට මාස 26 ක් පිරීම නිමිත්තෙන් පැවති දැනුවත් කිරීමේ  වැඩසටහනකදී මිගමුව පුරවැසි කමිටුව වෙනුවෙන් පැමිණි නියෝජිතවරියක දැක්වූ අදහස් පහත පරිදිය.






 මිගමුව පුරවැසි කමිටුව හා ජන බෝධ කේන්ද්‍රය හැටියට මේ මාධ්‍ය සාකච්ඡාවට එක් වන්නේ.. ලෝකයම කම්පාවට පත්කළ ඒ මිලේච්ඡ පාස්කු ප්‍රහාරයට අදට මාස 26. එදා මුළු ලෝකෙම කතාබහට ලක්වූ අද කොරෝනා වසංගතය ට මුවාවෙන් පාලකයනුත්, ජනතාවත් අමතක කර දමා තිබෙන මේ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට එරෙහිව යුක්තිය හඬ අවදි කරන්නයි.. එදා ඒ පාස්කු ප්‍රහාරයට ලක් වුණේ මේ රටේ ජීවත් වුණු නිරායුධ තුන්සියකට ආසන්න අපේම සහෝදර සහෝදරියන්, අපේම දරුවන්. ඉතාම සූක්ෂම ලෙස පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීම සඳහා මේ සැලසුම් සහගතව මේ රටේ විශාල ලේ වැගිරීමක් බලාපොරොත්තුවෙන් සිදු කළ මේ බෝම්බ ප්‍රහාරය බව අපිට මේ වෙනකොට පැහැදිලි සහ සමාජයත් ඒ පිළිබඳ කතාබහට ලක්වෙමින් තියෙනවා..

මේක ඉතාම සැලසුම් සහගත සාපරාධී මිලේච්ඡ අපරාධයක්. බිරිඳට තම ස්වාමි පුරුෂයා සහ දරුවන් අහිමි කරපු, දරුවන්ට තම දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් අහිතකර අහිමි කරපු මේ මිලේච්ඡ ක්‍රියාවෙන් වින්දිත වූ මිනිසුන් ගේ අඳෝනාව හැඬූ කඳුළ ඒම විනාඩි තුළ ගලාගෙන ගිය ඒ රුධිර වේදනාවට මියගිය සහ අදටත් මැරි මැරී ජීවත් වෙන ඒ පවුල්වල ජීවිතවලට ජීවිතවල විනාශයට සම්බන්ධ වූ මේ සියලු දෙනා වන්දි ගෙවිය යුතුමයි. ඒකෙන් කිසි කෙනෙක්ට බේරෙන්න පුළුවන් කමක් නැහැ.එදා ඒ බෝම්බ ප්‍රහාරයෙන් සිදුවු හදවත්වල ගලාගෙන ගිය ඒ රුධිරයට සහ වින්දිතයින්ට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු දෙමින් බලයට පත්වූ මේ වත්මන් රජයත් එවකට පැවති රජයක් සහ මෙම ප්‍රහාරය දැන දැන වසන් කළා යැයි කියන මේ සියලු දෙනාගෙ දැත්වල ලේ තැවරී තියෙනවා.


 මම මේ මොහොතේ කියන්න කැමති අම්මා කෙනෙක් හැටියට සහෝදරියක් හැටියට මේ පුරවැසියෙක් හැටියට ඔබේ දෑස් දිහා බලන්න එවිට ඔබට පෙනේවි ඔබේ හෘද සාක්ෂියට කතා කරන්න.. එවිට ඔබට පෙනේවි ඔබේ දෑත් වලත් ඒ ගලාගිය රුධිර තියෙන බවට.. ඔබට අධිකරණයෙන් හෝ වෙනත් ඕනෑම තැනකින් බේරෙන්නට පුළුවන් එහෙත් යුක්තිය ගින්නෙන් කවදාක්වත් ඔබට බේරෙන්න හැකියාවක් නැහැ.  මේ මරා දැමුවේ දෙවියන් වහන්සේගේම දරුවන්. ඔවුන්ට වන්දි දීමෙන් හෝ පල්ලි අලුත්වැඩියා කිරීමෙන් ඒකල සාපරාධී මිලේච්ඡ  අපරාදේ යටත් කරන්න බැහැ. මේ වෙනකොට අපි දන්නවා සමාජය තුළ කතා බහට ලක්වෙමින් තියෙනවා සහ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළා සමාජයට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව රජය විසින් ජනාධිපති විමර්ශන කණ්ඩායම මේ ප්‍රකාශයන් 1588 සටහන් කරගෙන තිබෙනවා.

ආසන්න වශයෙන් මාස පහළොවකට ආසන්න කාලයක් අවස්ථා 640 කදී පුද්ගලයෙන් 457 දෙනෙක්ගේ සාක්ෂි තිස් දහස් එකසිය දෙකකට අධික සංඛ්‍යාවක් සටහන් කරගෙන තිබෙනවා. පොත් දෙසිය හයක් ,ශ්‍රව්‍ය දෘශ්‍ය හා පටිගත කිරීම් ඇතුළු සමස්ත ලේඛන 2377. ඊට අමතරව කොමිසම හමුවේ රහස්‍ය ලේඛන 640 ක් සහ 1556 ගොනු කරල තියෙනවා. මේ වන විට නීති දෙපාර්තමේන්තුවට ඒ සියළු දේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඔබ සියලු දෙනාටම මතක ඇති මේ ප්‍රහාරයේ මහ මොළකරු හා ලෙස මීට කලින් සමාජයට ගත කළේ ඉදිරිපත කලේ සහරාන් හසීම් කියන පුද්ගලයා බව. නමුත් මේ වන විට නවුෆර් මවුලවි බවත් ආණ්ඩුවේම ඇමතිවරුන් මාධ්‍යට කී බව මාධ්‍ය විසින් සඳහන් කළා. එම ප්‍රකාශයන්ට අනුව එය සත්‍ය නම් ඇයි මෙතෙක් කවුරුත් මාස විසි හයක කාලයක් ගතවන තුරු ඔවුන්ට දඩුවම් නොකරන්නේ කියන ප්‍රශ්නය සමාජය වෙත තියෙනවා. එහෙම මහ මොළකරුවන් පිළිබඳව දැනටමත් තොරතුරු හෙළිදරව් වී ඇත්නම් ඇයි ඒය සමාජය වෙත ඉදිරිපත් නොකරන්නේ. ඒකත් සමාජය විසින් සමාජයට තියෙන මහා බරපතළ ප්‍රශ්නයක්.


ගරු කාදිනල් හිමිපාණන් ඒ මේ මොහොතේ මං ඔබෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. මේ මහ පොළොව මත පතිත වූ ලේ වල මොර ගැසීමට යුක්තිය ඉටු කිරීමට නම් අපරාධය මහ මොලකරුවන් සහ ඔවුන්ට නීතිය ඉටුකිරීමට වත්මන් රජයට නිරන්තරයෙන් බලපෑම් කළ යුතුයි. ඒ වගේම කතෝලික ජනතාවක් හැටියට ඔබ ආරම්භ කළ යුක්තිය සටනට අපිත් ඔබ හා එක් වන්නේ කැමතියි කියලා මං ප්‍රකාශ කරනවා. ඔබතුමාට කියන්න ඕනා මේ අවස්ථාවේදී රටක ජනතාවක් විසින් ආණ්ඩුවක් පත් කරන්නේ ඒ රටේ යම් පිරිසකට අසාධාරණයක් පීඩාවක් පත්වෙලා ඉන්නවනම් ප්‍රධානම දේ එම ආණ්ඩුවේ ඔවුන්ට යුක්තිය ඉටු කිරීමයි.

අද මේ වෙනකොට ඔබ ආණ්ඩුව ඒ මත පොරොන්දු දුන්නා මේකට යුක්තිය ඉටු කරන බවට ප්‍රකාශ කළා. වරදකරුවන් නීතිය ඉදිරියට ගෙනවයි කියලා ප්‍රකාශ කළා. නමුත් අද ඔබ ආණ්ඩුව කිසිම ක්‍රියාමාර්ගයක් මේ පිළිබඳ ගෙන නැහැ .මේ ආකාරයට දිගින් දිගටම වත්මන් ආණ්ඩුව මේ පිළිබඳ නොසලකා හැරියොත් ජනතාව ඔවුන් යුක්තිය වෙනුවෙන් පාරට බහින දවසට එය ඉතාම භයංකාර වෙන්න පුළුවන්. ඒ නිසා මං මේ මොහොතේ ඉල්ලා හිටින්නේ ඔබ ආණ්ඩුව විසින් මේ සඳහා ප්‍රමුඛතාවය දෙන්න.. එදා අමානුෂික ඝාතනයට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු දීලා මහජනතාව ඔබ ආණ්ඩුවට බලය දුන්නේ ඒ යුක්තිය ඉටු කර ගන්නයි.




එහෙනම් මේ රට තුළ නැවත මෙවැනි අමානුෂික ඝාතන සංස්කෘතියක් ඇති නොවෙන්න නම් මේ අපරාධකරුවන් හෙළිදරව් කිරීම සහ නීතිය ඉදිරියට ගෙන ඒම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක්. මේ මොහොතේ මං සියලුම ආගමික නායකයින්ගෙන්  ඉල්ලන්න කැමතියි මේකෙදි බෞද්ධ මුස්ලිම් හින්දු කතෝලික කියන කිසිම ආගම් භේදයකින් තොරව මේ වින්දිතයින්ට යුක්තිය, අපරාධකරුවන්ට දඩුවමත් ලැබීමට නම් මේ සමාජයට සත්‍ය හෙළිදරව් විය යුතුයි. එම ක්‍රියාවලියට ජාති ආගම් භේදයකින් තොරව ඔබ සියලු දෙනා එකතු වෙන්න කියන එක. එසේම අතීතයේ හිටපු සහ  වත්මනේ ඉන්න සහ ඉදිරියේ දී ඇතිවිය හැකි සියලු දේශපාලන පක්ෂ වලින් මම මේ මොහොතේ ඉල්ලන්න කැමතියි මානව ගරුත්වයට වින කරන ප්‍රචණ්ඩ අන්තවාදී ක්‍රියාවන් පෝෂණය කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ආගමක් ක්‍රියා කරන්නට එපා.ඒවැනි පෝෂණය කිරීමක ප්‍රතිඵලයක් තමයි අද 2019 අප්‍රේල් 21 වෙනිදා මේ අපි අත් වින්ෙද්. ඉතින් අනාගතයේ දී එවැනි ප්‍රචණ්ඩ අන්තවාදී කණ්ඩායම් බිහි වෙන්න මේ ඉතාම හොඳ අවස්ථාවක් කරගන්න කියලා මම සියලු දේශපාලන පක්ෂවලින් අතීතය වර්තමානය සහ අනාගතය ට එන්න ඉන්න සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා .මගේ කතාව අවසන් කරන්න ඉස්සෙල්ලා මම අත්දැකීමක් ඉදිරිපත් කරන්නම්.. මේක මම දන්නවා මේ මොහොතේ පාලකයෝ අහන් ඉන්න පුළුවන්, සමස්ත ජනතාව අහන් වෙන්න පුළුවන්. ඒ නිසා මම කියනවා අම්මා කෙනෙක් හැටියට දරුවෙක් පිළිබඳව දැනෙන හැගීම මේ හැම කෙනෙක්ටම තියෙනවා .

මේ මිලේච්ඡ ප්‍රහාරයේ දී අවුරුදු 13ක දියණියක් ගොඩ පවුල් මෙහෙම වුණා.. අවුරුදු 13 ක දියණියන් මියගියා. ඇය ගොරවන කොට ගොඩක් බයයිලු.. ඉතිං අදටත් ඒ තාත්තා මහා මොරසූරන වැස්සේ ඒ දියණියගේ කනත්ත ළඟට යනවා. මෙවැනි අපරාධ මෙවැනි බිහිසුණු මිලේච්ඡ ඝාතනයන් තවදුරටත් අපේ ජන සමාජයේ අපේ අනාගත පරම්පරාවේ අපේ මල් කැකුළු බිළිගත යුතුද? මේ ප්‍රශ්නය සමස්ත සමාජයට සහ සියලුම ආගමික නායකයින් සහ වත්මන් ආණ්ඩුව දේශපාලන පක්ෂ සියලුම ප්‍රියාදරයින් බුද්ධිමතුන් සියලුම විචාරකයින්ට ප්‍රශ්නයක් හැටියට තබමින් මම නිහඬ වෙනවා.