21වැනි සියවසේ බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ද විශිෂ්ටතම පිතිකරුවා ලෙස ඉන්දීය හිටපු නායක සචින් ටෙන්ඩුල්කාවද තෝරාගෙන තිබේ.  මෙම තෝරාගැනීම සිදුකර ඇත්තේ ස්ටාර් ස්පෝර්ට් නාලිකාවේ විස්තර විචාරක මඩුල්ලේ ප්‍රේක්ෂකයන්ගේ මනාපය අනුවය.

ඒ අනුව 27වැනි සියවසේ බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නා තෝරාගැනීමේ අවසන් සිව්දෙනා අතරට මුත්තයියා මුරලිදරන්ට අමතරව ඔස්ටේලියාවෙන් හිටපු පාදඟ ක්‍රීඩක ෂේන් වෝන් සහ හිටපු වේගපන්දු ක්‍රීඩක ග්ලේන් මැක්ග්‍රාත්ද දකුණු අප්‍රිකාවෙන් ඩේල් ස්ටේන්ද පැමිණ තිබුණි.

කෙසේ වෙතත් බහුතර මනාප (ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත) දිනා ගනිමින් මුරලි ඒ සදහා තේරිපත්ව තිබුණි. මුත්තයියා මුරලිදරන් ටෙස්ට් සහ එක්දින තරගවලදී වැඩිම කඩුලුලාභියා වන අතර, ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 800ක් (ටෙස්ට් තරග 133ක) සහ එක්දින කඩුලු 534ක් (එක්දින තරග 350ක දී දවාගෙන එම ලෝක වාර්තා පිහිටුවා තිබුණි. මේ අතර21වන සියවසේ විශිෂ්ටතම පිතිකරුවා ලෙස තේරී පත්ව ඇත්තේ ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර්ය.

ටෙන්ඩුල්කාර් ටෙස්ට් තරග 200කට සහභාගී වෙමින් ශතක 51ක් සහ අර්ධ ශතක 68ක් සමගින් සමස්ත ලකුණු 15,921ඳ එක්දින තරග 463කට සහභාගි වෙමින් ශතක 49ක් සහ අර්ධ ශතක 96ක් සමගින් සමස්ත ලකුණු 18426ක්ද රැස් කරමින් ලෝක වාර්තා පිහිටුවා ඇත.

 (සුරේෂ් දේශාන්)