
තම නිවසට අද දහවල් 1.30ට පමණ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණි බව සමගි ජන බලවේගයේ
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
නිවසේ රැස්වීමක් පැවැත්වීම සඳහා පිරිසක් පැමිණෙමින් සිටින බවට ලැබුණ තොරතුරක් අනුව ඔවුන්
පැමිණි බව ප්‍රකාශ කළ නමුත් එවැන්නක් නොතිබූ බවත් කිසිවෙකුගේ කීම් බහකට වැරදිමක් සිදුවූ ආකාරයට ඔවුන් පැමිණි බව කියා සිටියේය. තමන් සැහැල්ලු ඇඳුමකින් නිවසේ සිටි බවත් රැස්වීමකට සූදානමක්වත් නොතිබුණ බව
කියූ මන්ත්‍රීවරයා පැමිණි සිටි පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලැබීමෙන් අනතුරුව ඔවුන් නිවසින් පිටත්ව ගිය බව කීය.
තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇත්දැයි සැකයක් පවතින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval