madhavee-anthony-speaks

මේ සමග පළවන්නේ ජැක්සන් ඇන්තනිගේ දියණිය මාධවී ඇන්තනි සමග කළ සාකච්ඡාවකි.

අද ඇවිත් ඉන්න කෙනා ලස්සනයි, talented,act කරනවා, සින්දු කියනවා, උයනවා, රඟපානවා ලිස්ට් එක පොඩ්ඩක් වැඩි මේ ඉන්නේ මාධවී ඇන්තනී.

ආයුබෝවන්

ඇන්තනී කියන නම අපේ ලංකාවේ කලාව පැත්තට ගොඩක් උඩ තියෙන නමක්. ඒ පවුලෙ කෙනෙක් නම් එක්කෝ හොඳ තැනක් හම්බ වෙනවා, නැත්නම් කපනවා. ඔයාට මොකද වෙන්නේ?

දෙකම වෙනවා. අවංකවම කතා කරනවා නම් ගොඩක් ඇත්තටම ආදරේ අය වැඩි .එක කියන්නේ මගේ අම්මට අප්පච්චිට ආදරේ අය. ඒගොල්ලො  දන්නවනම් හැමෝම දන්නවා ඒ ගොල්ලො කොච්චර අමාරු ගමනක් ද මේ කලා ක්ෂේත්‍රයේ ආවෙ කියලා. ඒගොල්ලෝ ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම නාට්‍යකාරයෝ.  එතකොට ඒගෝලලන් වේදිකාවේ තමයි බිහිවුණේ. ටෙලි නාට්‍යවලට චිත්‍රපටවලට ඒන්න ඉස්සෙල්ලා එයාලා වේදිකාවෙ හිටියේ. ඒගොල්ලෝ ඒ කාලෙම හිතාගෙන ඉදලා තියනවා උපදින දරුවන්ව කලාවට පුදනවා කියන එක. ගොඩක් වෙලාවට කලාකරුවන් ඒගොල්ලොන්ගෙ දරුවන්ව කලාවට මේ ක්ෂේත්‍රයට එවන්නේ නෑ .ඒක එකක් financial පාඩුයි. ඒ වෙලාව වෙන වැඩක් කළා නම් බිස්නස් එකක් කළා නම් ,රස්සාවක් කළා නම් දියුණු වෙන්න ලේසියි, සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒත් කලා ශිල්පය කරනවා කියන්නේ talent එකෙන් කරන දෙයක් ඊට පස්සේ එකට ගොඩක් effort එකක් දාන්න ඕනේ .

ඒක නිසා මේක අමාරුයි .නමුත් අපේ අම්මා අප්පච්චි තීරණය කරලා තියෙනවා අපි තුන්දෙනාම කලා ක්ෂේත්‍රයට යොමු කරවන්න. ඉතින් එහෙම ආදරේ අය වැඩියි .ඒත් අම්මලා තාත්තලා එක්ක තියන මොනාහරි දේ වල් නිසා අපෙන් තමයි පලිගන්නේ. එහෙම අයත් ඉන්නවා නැත්තෙ නෑ.

එළිය ද ඒ ප්‍රශ්න වැඩියි නැත්තං ඇතුලෙද?

සමහර වෙලාවට මෙහෙම දෙයක් තියෙනවා .අපි අවංකවම ජැක්සන් ඇන්තනී හෝ කුමාරි මුණසිංහ කියන මේ ආදරණීය කපල් එක ඒගොල්ලොන්ගෙ දරුවෝ විදිහට අපිට ආඩම්බරයි එක ගැන .එතකොට ඒගොල්ලෝ අපිට උගන්නපු අපි විශ්වාස කරන හරි දර්ශන තියෙනවනේ. ඒත් දර්ශනය අපි අරගෙන යනවා. ඊට අමතරව අපේ ඇතුළෙ තියනවනේ ඒගොල්ලොන්ගෙ genes දැන් මාව දැකපුහාම අම්මා වගේ පේනවා, අප්පච්චි වගේ පේනවා. මගේ මල්ලි සජිත ගොඩක් popular නේ මේ දවස් වල.එයාගේ songs එහෙමත් තියෙනවා .සමහරක් වෙලාවට එයාට කරන චෝදනා ඔයා ජැක්සන් වගේ .  කොහොමද එක වෙනස් කරන්නේ ?මොකද එයාගේ ඇතුළෙ ජැක්සන්ගේ   genes තියෙන්නෙ. ඉතිං ඒ වගේ සමහර වෙලාවට ඒගොල්ලො බලාපොරොත්තු වෙනවා අපේ දෙමාපියෝ සම්පූර්ණයෙන්ම අයින් කරලා අපේ ගමනක් වෙනමම යයි කියලා. ඒත් මම විශ්වාස කරන දේ එහෙම කරන්න අමාරුයි.


දැන් ලෝකෙම ගත්තහම පොඩි කාලේ ආර්ටිස්ට් කෙනෙක් උනහම ඊට පස්සේ ලොකු උනාට පස්සේ ඒ character ඒක හම්බවෙන එක හරි අමාරුයි .ඒ කියන්නේ child artist එච්චරට ඔළුවේ එක නිකන් ගොඩක් deep එක ගිහිල්ලා. ඒගොල්ලො බලන්නේ  ලොකු වුනාට පස්ස බලන්නේ අනේ මෙයා ද මේ පොඩි ළමයා ඔය වගේ දේවල් වෙනවානේ. ඔයා පොඩි කාලෙම ටෙලිවිෂන් පැත්තට ආවා. ලොකු show එකක් කරා. ඔයා කියන්න ඒ කාලේ ඉදන් අද වෙනකන් ඔයා ලොකු වෙලා .ඒ විදිහට බලනවද ඔයාව?


ඔව් ගොඩක් අය අද මට අවුරුදු තිස් දෙකක් .මම බය නැතිව එක කියනවා .මොකද මගේ විකිපීඩියා එකෙත් තියනවා මට ඒක වෙනස් කරන්න බැහැ. මට ගොඩක් වෙලාවට අහන්න ලැබෙන දෙයක් තමයි ඒගොල්ලො පිලිගන්නේ නෑ දැම්මා ලොකුයි කියලා .ඒක හැබැයි මගේ අම්මගෙයි අප්පච්චිගෙයි තියෙනවා. එයාලට තාම මාව පොඩි ළමයෙක් වගේ. මම අක්කා කෙනෙක් විදිහට power එකක් තියාගෙන හිටියා කාලයක්. පස්සෙ මම ගෙදර ටිකක් ඈත් වුණා. බෝඩ් වෙලා හිටිය studies වලට. ගිහින් ආපහු එනකොට මල්ලිලා මාව පහු කරගෙන ගිහිල්ලා ලොකු වෙලා .මම පොඩි. අම්මට  අප්පච්චිට මගේ තියෙන ගරුත්වය බය ඒකත් එක්ක පොඩ්ඩක් ඒගොල්ලො මාව adult  කෙනෙක් විදියට පිළිගන්න මැලි වෙනවා වගේ තියනවා. සමහරක් විට මට දරුවෙක් හම්බ වුනාමවත් එහෙම වෙයිද කියලා.  අපෙ අම්මලා අප්පච්චිලා කියලා තියෙන්නෙ මට නම් තුන්දෙනා හොදටම මදි..අම්මා කියන්නේ මට නම් තව ඕනේ කියනවා..එතරම් ආදරෙයි ඒගොල්ලො.බබලා හදන්න කැමති. මම හිතන්නේ අපි ඒ වගේ වගකීමක් ගන්න ඉස්සෙල්ලා ජීවිතේ තව දාගන්න ඕන තව stepping stone ගොඩක් තියෙනවා. ඉන්න ගෙයක් තියෙන්න ඕන අනිවාර්යෙන්ම. අපි ඒ වගේ දේවල් අපේ ජීවිතය අවශ්‍යතාවයන් හොයාගෙන තියෙනවා ඒ අනුව යනවා. මම ආසයි මගේ වයස සලකලා මම වැඩිහිටියෙක් කියලා හිතලා මට වෙනම අදහස් තියෙනවා, මගේ වෙනම දැක්මක් තියෙනවා .

මම ගන්න තීරණ මං ගන්න තෝරාගැනීම් ඒ දේවල් මගේ වගකීමක් විදිහට දැකලා මට අර වැඩිහිටියෙක් විදිහට හැසිරෙන්න මගේ පොඩි ආසාවක් තියෙනවා.

ඔයා ගොඩක් හිතන කෙනෙක් නේද ඇයි එච්චර හිතන්නේ ?
මිලාන් මට ඕකත් අදත් කිව්වා එහෙම වෙන්න එපා කියලා.  

මේ ඔක්කොමට ගොඩක් ඔයාගේ pressure එක ගන්නෙ මිලාන් ද නැත්නම් ගෙදර තියන බඩු මුට්ටුද?

ඔව් මිලාන් තමයි.

ඉස්සර කාත් ඒක්ක ගොඩාක් රණ්ඩු වුනෙ?

අම්මත් එක්ක තාමත්..අප්පච්චි එක්ක රණ්ඩු වෙන්නේ නෑ. එයාට ඕන දෙයක් කියන්න පුළුවන් එයාට ගොඩක් රෙස්පෙක්ට් කරනවා.  මිලාන් එක්ක යාලු වූන වෙලාවේ වුණත් අම්මට කලින් අප්පච්චිට  කිව්වේ.

දැන් මේ industry එකේ ගොඩක් කට්ටිය එනවා.බුරිය පොඩ්ඩක් පෙන්නුවාම ගොඩක් කට්ටිය artist වෙලා ඉන්නවා. මේ වගේ industry ඒහෙක ඔයා හිතනවද ඔයාට ළමයෙක් හම්බ වුනොත් එයාව දානවා කියලා?

ඔව් .එයා කැමති නම් මට කිසි ප්‍රශ්නයක් නෑ .මොකද අපේ වපසරිය දැනගෙනයි අපි මෙතනට එන්නේ .මේක බොලිවුඩ් හරි හොලිවුඩ් හරි කියලා හිතාගෙන අපි ඇවිල්ලා කැරවෑන් එකේ  a/c ඉඳලා ෂොට් එකට විතරක් ගිහිල්ලා එහෙම industry එකක් නැති රටක් මේක. අපි අහිංසක දුප්පත් රටක්. එක දැනගෙන ඕන මෙතනට එන්න. බොරුවට මෙතන ඇවිල්ලා කැරවෑන් ඉල්ලලා ප්‍රශ්න කරන එක වැරදියි. ඉතිං එයාලා කැමතිනම් industry ඒකට එන්න කැමති නම් ඒයාලගේ ටැලන්ට් එකෙන් ආර්ටිස්ට් කෙනෙක් වෙන්න මම ඒකට ඉඩදෙනවා. කලා ශිල්පියෙක් වෙන්න නම් කුසලතාවය ,සතථ අභ්‍යාසය, සහ ව්‍යුප්පත්තිය තියෙන්න ඕනේ. ඔය තුනම තියෙන්න ඕනේ. ඔය තුන තිබ්බොත් තමයි ආර්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්.
එක talent එකෙන් විතරක් කරන්න බෑ.

මෙච්චර ආදරේ කරන කලාව ඇයි අපිට ගෙවන්නේ නැත්තෙ?

ඒක මුළු සිස්ටම් එකේම ප්‍රශ්නයක්. ඇත්ත කතාව මටයි මිලාන්ටයි දෙන්නටම තියෙන්නේ මගේ චූටි වාහන විතරයි .ඒත් අපි ඒ වාහනෙන් යනවා සෑහෙන දුර ගමනක්. මම හිතන්නේ එක තමයි වැදගත් .අපිට තියන පුංචි දෙයින් හරි අපි කොහොමද හරි විදිහට manage කරලා sustainable විදිහට ඉස්සරහ ගැන හිතලා අපේ ළමයි ගැන හිතලා නාස්ති කරන්නේ නැතිව කොහොමද වැඩිපුරම වැඩ ගන්න කියල හිතන්න ඕනි.

ඔයා පොඩි කාලේ ඉදන්ම සින්දු කිව්වා. ඔයාගේ පළවෙනි කලාව singing .දැන් ඔයා අලුත් සිංදුවක් රිලීස් කළා. ලොකු meaning එකක් එක්ක .හැබැයි මේ සිංදුව ටිකක් පරණයි?


ඔව් ඒක 2015 හැදුවේ. රාජ් මට කතා කළා නිකංම ෆේස්බුක් එකේ මැසේජ් එකක් දැම්මා. එයා කිව්වා මත් ඒක්ක සිංදුවක් කරන්න කැමතියි කියලා ඊට පස්සේ අපි හම්බවුණා. අපි කතා කළා කොයි වගේ සිද්ධ කරන්නේ කියලා. ඉතිං එයා මාව හම්බෙලා සිංදුව හදලා ,ඔක්කොම කරල ඊට පස්සේ මැරි කරලා බබෙක් හම්බෙලා ඔක්කොමත් වුණා. ඒත් සිංදුව එළිය නෑ. සින්දුවක් email එකේ තිබුනේ. සින්දුව තියාගෙන හිටිය එකක් 2015 වල හදපු version එක ලොකු වෙනසක් නැහැ. ඒකෙ childrens voice තිබුණෙ නැහැ. හැබැයි මේ මෙලඩි එකමයි එහෙම තිබුණා වචන තිබුණෙත් නෑ. ඊට පස්සේ මිලාන්ව මට හම්බ වුණාට පස්සේ මිලාන් මට කිව්වා අපි සින්දුවක් කරමු කියලා. මම ඊට පස්සේ කිව්වා මෙහෙම කරපු සිංදුවක් තියෙනවා හොඳද දන්නෙ නෑ ඔයා අහලා බලන්න කියලා එයාට දුන්නා. ඇත්තටම මට එයාව හම්බෙනකොට හරිම නිද්‍රාශීලී විදිහට හිටියේ. එපා වෙලා වගේ හිටියේ .කිසි වැඩක් කරන්න ඕනෙත් නෑ. ග

ොඩක් දේවල් උනා. මිලන් හම්බවුනාට පස්සේ කෙලින්ම දිගටම  යන්නේ fourth , fifth ගියර් එක දාගෙන. ඇත්තටම ඒක මාර දෙයක්.


කොහොමහරි එක මිලාන් අප්පච්චිටත්  පෙන්නලා අප්පච්චිත් හරි ආස වෙලා එතකම් අප්පච්චිට පෙන්නුවෙත් නෑ. ඊමේල් එකේම තිබුනා. ඊට පස්සේ ඉතිං අපි ආයිත් ප්‍රොජෙක්ට් එක ස්ටාර්ට් කළා . ඊට පස්සේ අප්පච්චිම තමයි මේකට මියුසික් වීඩියෝ එක කළේ. ඒ music video එක බැලුවම address නෑ මතක් වෙනවා .අප්පච්චිගෙම ෆිල්ම් එක. එයාට ඕනේ කියන්න ආදරෙ තව තව ඕනේ. විශේෂයෙන් ළමයින්ට. ඒගොල්ලොන්ට ආදරය දුන්නොත් තමයි දන්නේ ආදරය කියන්නේ මොකක්ද කියලා.. නැත්නම්
ඒගොල්ලො ලොකු උනාට පස්සේ ඒගොල්ලො වල් abuse වෙයි නැත්නම් abuse කරයි.‍


ඔයාට මේ industry එකේ ආසම male figure කවුද. female figure කවුද?

ගොඩක් අය ඉන්නවා music field එක ගත්තොත් female නම් මට ප්‍රතිරූපයක් වගේ පේන්නේ නන්දා මාලනි. ඒ voice එකේ ලොකු බරක් තියෙනවා. male අයගෙන් නළුවන්ගෙන් නම් ඇක්ටර් කෙනෙක් විදිහට අප්පච්චි ඇරෙන්න mahendra අයියට කැමති.